^^1^^

698 103 70
                                    

හැමදාමත් වගේ අදත් ඇනීසියට වැහි  බර දවසක්... ඇනීසි විලත් ඇල්ප්ස් කදුකරයත් අතර පිහිටලා තිබුනු ඇනීසිය හදුන්වන්නේ ඇල්ප්ස් කදුකරයේ කුඩා වැනීසිය කියලා... ඇනීසියත් හරියට හොබී වගේ... ඇනීසියට හැමොම කීවේ ප්‍රංශයේ සැගවුනු මැනික කියලයි....ඒ නිසාම ඇනීසිය මුලු ප්‍රංශයටම අයිති නිල් මැනිකක් වෙලා තිබුනා... ඇනීසිය සහ හොබී අතර තිබුනු වෙනස ඒකයි... මොකද ඇනීසිය මුලු ප්‍රංශයටම උනත්... හොබී අයිති උනේ මින් යුන්ගිට විතරයි...

ජනේලයෙන් එලියේ වැටෙන ලොකු වැහිබින්දු දිහා බලාගෙනම හොබී ලොකු කල්පනාවකට වැටිලා තිබුනේ මීට අවුරුදු තුනකට විතර කලින් එයාගේ ජීවිතේ ගත්ත ලොකුම තීරනය ගැන.....

" ඔයා එනවද මාත් එක්ක යන්න... මාව විශ්වාසයිද "

ඒ මතකය අද වගේ.. තවමත් ඒ වචන හොබී ගේ මතකයේ රැව්පිලිරැව් දෙන්න ගත්තේ ඒ හොබී ගේ ජීවිතේ වටිනම දවස උනු නිසා.... එදා යුන්ගි එක්ක එයාගේ ජීවිතේ බෙදා ගන්න එයා ගත්තු තීරනයට හොබී කවදාවත්ම පසුතැවුනේ නෑ....

ඒත් හිතුව තරම් ඒ ජීවිතය ලේසි පාසු උනෙත් නෑ..... ඒත් ඒ අමාරු ජීවිතය දරා ගන්න ලොකුම හයිය උනේ වෙනදා වගේම හොබී ගේ ආදරේ.... යුන්ගි....

Hobi's pov :

හ්‍යුන්ග් ..... එයා මාව තව ටිකක් තදින් තුරුලු කර ගත්තා.... කොහොමත් ඉතින් මේ මගේ කම්මැලි පූස් පැටියනේ... වහින දවස් වලට නම් නැගිටිනවා බොරු.... ඒ මදිවට මාවත් තියා ගන්නවා.....

මම එයාගේ පැත්තට හැරිලා බලාගෙන හිටියේ ඒ හුරතල් මූන දිහා.... මේ හුරතලේ නිදා ගද්දි විතරයි.... ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා.. හැමදේම අතාරින්න සිද්ද උනත් ... හ්‍යුන්ග් ව තෝර ගත්ත එකට.... මේ තුරුලේ මම හැමදාම පරිස්සම් ...

නොකීවට මේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා මම දන්නවා.... මාව පරිස්සම් කරන්න ඔයා කොච්චර දේවල් කැප කරනවද කියලා මම දන්නවා.... කිසිම
ප්‍රශ්නයක් මට දැනෙන්න නොදී මාව සතුටින් තියන්න හදනවා කියලා මම දන්නවා...

ඒ තමා ඔය හිතේ මහහුගක් පිරිලා තියෙන ආදරේ කියන්නත් මම දන්නවා..... අද මේ තුරුලේ සැනසීමේ මම ඉන්නේ.... ගොඩක් බාදක වලට මුහුන දීලා...අපි හිතපු තරම් ලේසියට එයාලව මගාරින්න බැරි උනා..... ඔව් හුගක් අමාරු උනා..... ජීවිතේ ඇපේට තියලා අපේ අනාගතේ වෙනුවෙන් අපිට අඩියක් ඉස්සරහට තියන්න සිද්ද උනා..

මම තනියම නම් මට හොදටම විශ්වාසයි මම හැමදේම අතඇරලා එයාලට ඕන විදිහේ රූකඩයක් වෙලා..... ඒත් මාවත් හයියෙන් අල්ලගෙන ... අපේ ජීවිතේ අපිට ඕන අනාගතේ අතාරින්නේ නැතුව.. හ්‍යුන්ග් හිටපු නිසා... අද මේ විදිහට මම එයාගේ තුරුලේ ඉන්නවා...

ඔව්.... හොබීට තමා මේ ලෝකේ ඉන්න හොදම ආදරවන්තයා ඉන්නේ... පව්ලෙන් ඈත් උනත්.. යාලුවොන්ගෙන් ඈත් උනත්.... සහෝදරයොන්ගෙන් ඈත් උනත්.... හොබීට තමා මේ ලෝකේ හොදම අප්පා ඉන්නේ... හොබීට තමා මේ ලෝකේ හොදම යාලුවා ඉන්නේ... හොබීට තමා මේ ලෝකේ හොදම හ්‍යුන්ග් ඉන්නේ.... ඔව්... යුන්ගි හොබීගේ විතරයි .. යුන්ගි හොබී ගේ විතරමයි...

Flashback ~

" හ්‍යුන්ග් අපි දැන් කොහෙද යන්නේ.... "

" ම්ම්ම් එන්නකො.... "

හ්‍යුන්ග් වැස්සෙම මගේ අතත් අල්ලගෙන දුවගෙන දුවගෙන ගිහින් කැබ් එකක් නවත්තගත්තා...

" sir... Place ? "

" four season hotel please  "

" yes sir "

" please hurry up "

" yes sir "

කැබ් එකත් පුලුවන් තරම් වේගෙන් ගිහින් නැවැත්තුවෙ ලොකු තරු පහේ හොටෙල් එකක් ලග... ඔව් ෆෝර් සීසන් එක.... මම යන්න ගොඩක් ආසාවෙන් හිටපු තැනක්...

" හ්‍යුන්ග් මෙතන "

" හොබී සෙරම කියන්නම් ඉස්සෙල්ලම අපි ඇතුලට යමුකො"

හ්‍යුන්ග් මාවත් ඇදගෙන ඉක්මනට හොටෙල් එකට ගියේ ගොඩක් කලබලෙන්... ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි.... අපි මේ පැනලා යනවනේ.... ඒ උනාට ඒකත් මරු.... හ්‍යුන්ග් මගේ අත ගොඩක් තදින් අල්ලගෙන... හරියට මාව කවුරු හරි එයාගෙන් හොරකන් කරගෙන යයි වගේ... ඉතින් එහෙම තමන් ආදරේ කරන කෙනාගේ අතේ එල්ලිලා ඉන්න කැමති නැත්තේ කවුද....

" හෙලෝ නම්ජුනා "

................

" දේ.... මම දැන් හොබී එක්ක හොටෙල් එකේ.. "

.............

" දේ ..... "

හ්‍යුන්ග් කතා කලේ නම්ජූන්ට... මටත් ඕනේ එයා එක්ක කතා කරන්න.... ඒ කටහඩ අහන්න... දැන්මම මට එයාලව මතක් වෙන්න අරගෙන... අනේ මගේ පොඩි එවුන් තුන් දෙනා.... ආයේ කවදා දකින්නද.....
.
.
.
.
.
.
.
.

පීචස්..... ❤️

සීසන් ටූ එක... මගෙ මෙහෙම අයිඩියා එකක් තිබ්බේ නෑ ඇත්තටම... ඒත් ගොඩක් අය බෝනස් චැප් එකක් හරි සීසන් 2 එකක් හරි නැද්ද කියලා ඉල්ලලා තිබ්බ නිසත්... මේ කතාවට ගොඩක් අය ආදරේ නිසත් මට හිතුනා ට්‍රයි එකක් දෙන්න..... හී හී.... ( මමත් ඇත්තටම ලියපු කතා වලින් කැමතිම එකක් )

ඉතින්.... කමෙන්ට් එකක් දාගෙන යන්නො ❤️

_Vimneth

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now