^^12^^

187 55 12
                                    

" හොබී ඔයාට මාව විශ්වාසයිද ? "

" හැමදාම ඕකම අහන්න එපා හ්‍යුන්ග් .... මට ඔයාව මටත් වඩා විශ්වාසයි.. "

යුන්ගිගේ එක අතකින් අල්ල ගන්න ගමන්.. හොබී යුන්ගිගේ ඇස් දෙක දිහා බලාගෙන කීවා..

" එහෙනම්... මම දැන් ඔයාගේ ඇස් දෙක බදිනවා...මගෙ අත අල්ලගෙන ඉන්න "

යුන්ගි රතු පාට රෙදි පටියකින් හොබීගේ ඇස් නොපෙනෙන විදිහට ගැට ගහලා... හොබීගේ එක අතකින් අල්ලගෙන ඉස්සරහට ගියා...

" හ්‍යුන්ග් ... අනෙ කොහෙද යන්නේ කියන්නකො "

හොබී යුන්ගිගේ අතින් ඇද ඇද ඇහුවත් යුන්ගි කලෙ ලාවට හිනා වෙලා හොබීව මගඇරපු එක

" මැනික ලෑස්තිද ? "

" ඇහ් මොකටද? අනේ හ්‍යුන්ග් මොකද කරන්න යන්නේ.. අයි හේට් ස්නේකු "

" අයියෝ මගෙ මෝඩ කොල්ලො... ඔන්න එකයි... දෙකයි.... තුනායි ....... "

" ස්ප්‍රරාආආආආආආආආඅයිස් "

යුන්ගි හොබීගේ ඇස් ගැට ගහලා තියෙන රෙදි පටිය ගලවනවත් එක්කම එක පාරටම කෑ ගහගෙන හොබීගේ මූන ඉස්සරහට ආවේ නම්ජූන් එක්ක ජින්...

ඒ දෙන්නව දැක්කම නම්... හොබී ගොඩක් පුදුම උනා... හොබී හිතුවේ නෑ ආයෙ කවදාවත් එයාට ජින්ව මුන ගැහෙන්න පුලුවන් වෙයි කියලා.. නම්ජූන්ගේ හිනාව දකින්න පුලුවන් වෙයි කියලා... හොබීගේ ඇස් වලට කදුලු එකතු උනේ නොදැනුවත්වමයි

" අනේ ඉතින් මගෙ කොල්ලා අඩන්න එපා... "

ජින් හොබීව එයාට තුරුලු කර ගන්න ගමන්... හොබීගේ කෙස් අතරට හාදුවක් දුන්නේ හොබී අඩනවා දකිද්දි ජින්ගේ ඇස් වලට ඉබේම  කදුලු එකතු උනු නිසා...

" ම්.. ම.. මට.. ස.. සතු... සතුටුයි... ක්...කෝ.. පොඩ්..පොඩ්ඩො තු..තුන්දෙනා"

" හොබී... අපි දෙන්නත් ආවේ බොහොම අමාරුවෙන්.... අපේ සන්ශයින් ගේ වෙඩින් එක කොහොමද අපි මිස් කරන්නේ... එයාලා ඔයාලා දෙන්නවම මතක් කරන්න කීවා.. අහ් තව පාලුයි කියලා කියන්නත් කීවා.. එයාලත් ඉක්මනටම ඔයාලව බලන්න එන්නම් කීවා "

ජින් ගේ වචනත් එක්ක හොබී ගේ කදුලු තවත් අලුත් උනා... ජින් බොහොම පරිස්සමින් හොබී ගේ කදුලු පිහදාලා ජින් ගේ අතේ තිබුනු බෑග් එක හොබීගේ අත උඩින් තිබ්බා,,

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now