^^3^^

299 79 18
                                    

හොබී සහ යුන්ගි දෙන්නම එක පාරට අවදි උනේ හයියෙන් දොරට තට්ටු කරන සද්දේ නිසා.... යුන්ගි ඉක්මනින් නැගිටලා හොබීට සද්ද කරන්න එපා කියලා දොර ලගට ගියා..මේ වෙද්දි ගොඩක් අදුර වැටිලා නිසා කාමරේ ඇතුලේ කිසිම එලියක් තිබ්බේ නෑ... පාවිච්චික් නැති කාමරයක් නිසා ශියෑන් ඇරෙන්න මේ කාමරයට එන්න කාටවත්ම උවමනාවක් නෑ. ..

" යුන්ගි දොර අරින්න ඉක්මනට .. මේ මම ශියෑන්.. "

ශියෑන් කියපු නිසා යුන්ගි  විනාඩියක්වත්  පරක්කු නොකර ශියෑන් ව ඇතුලට ගත්තා.... ඒ මූනේ තිබුනේ එච්චර හොද පෙනුමක් නම් නෙමේ...

" මොකද උනේ.. "

" අපි ඉක්මනට මෙහෙන් යන්න ඕනේ "

" ඇයි ශියෑන් ... "

" පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නෑ සුගා... එයාලා හැමතැනම හොබී ව හොයනවා... තාම මීඩියා වලට දැන ගන්න තියලා නෑ... ඒ නිසා පුලුවන් ඉක්මනට අපි යමු... "

යුන්ගි... ඉක්මනටම බෑග් එකත් අතට අරගෙන හොබී ගේ අතඅල්ලා ගත්තා...

" බබා.. විශ්වාසයි නේද මාව "

" ඔව් හ්‍යුන්ග් "

‍යුන්ගි හොබීට එයාගේ දිලිසෙන චූටි ඇස් හීනි කරලා ලස්සනට හිනා උනා.... ඒ දේම විතරක් හොබීට ඇති උනා.... යුන්ගි එක්ක ලෝකේ කෙලවරට යන්න තරම් හොබී නිර්භීත උනා... කොහොමත් මේ යන්නේ ඒ වගේ ගමනක් .... හොබීත් ගොඩක් තදින් යුන්ගිගේ අතින් අල්ලගත්තේ හිතේ තිබුනු දැඩි විශ්වාසයට .....

හොටෙල් එකේ කාටත් හොරෙන්ම එලියට එන්න ශියෑන් නිසා යුන්ගිටයි හොබී ටයි පුලුවන් උනා.... ඒත් එයාලට සිද්ද උනා ගැන්ගෙන්න... මොකද හැමතැනම හොබීව හොයලා පොලීසිය .. හොබී බය උනු පාරට යුන්ගිගේ පපුවට තුරුලු උනේ එයාලා අහුවෙයි කියලා දැනුනු බයට...

" ශියෑන්... හැමතැනම ඉන්නවනේ.... මොකද දැන් කරන්නේ.... "

" සුගා. ඉක්මනට අර අතන පේන කාර් එක ලගට යන්න... කාටවත් සැක නොහිතෙන විදිහට... මගේ ඩ්‍රයිවර් ඉන්නේ... එයා හරිම තැනට ඔයාලව එක්කන් යයි... මම මෙතන බලාගන්නම් "

ශියෑන් එතන ඉන්න පොලීසියේ අයත් එක්ක කතා කරද්දි යුන්ගි හොබීවත් අරගෙන පුලුවන් ඉක්මනට කාටත් නොපෙනී... කාර් එක ලගට ගියා.... කාර් එකේ ඩ්‍රයිවර් පුලුවන් තරම් ඉක්මනට ඒ දෙන්නවත් දාගෙන එතනින් පු
ඉක්මනට පිටත් වෙන්න හැදුවත් ඒ වෙලාවේ තිබුනු ට්‍රැෆික් එක නිසා මේන් සිටී එකෙන් එලියට එන්න ගොඩක් අමාරු උනා.... ඒ අතර තැනින් තැන තිබුනු චෙක් පොයින්ට් නිසා.... යුන්ගිලාට හිතපු තරම් ලේසියට මේන් සිටි එකෙන් පැන ගන්න  බැරි උනා....

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now