Is she a mom???

1.3K 156 24
                                    

වෙලාව රෑ දහයටත් ලගයි.. බූසාන් අහස විටින් විට ආලෝකමත් වුනේ ලග ලගම වැස්සක් එනව කියන්න වගේ.  වෙනද වගේම සිස්ටර් ජේන් පල්ලියේ විදුලි පහන් දල්වලා ආයෙම කාමරේට යන්න ගියා.. දෙවියන්වහන්සේ ලගට එන්න රැයක් දවාලක් නැහැ.. ඒක ඕනිම වෙලාවක ඕනිම කෙනෙක්ට විවෘතයි. ඒත් කිසිම කෙනෙක් හිතන්නෙ නැතිව ඇති ඒ රෑ ලස්සන පුංචි ජීවිතයක් කාලකන්නි අම්ම කෙනෙක්ගෙ බඩකින් මේ ලෝකෙ එලිය දකීවි කියලා..

ආශ්.. මේ ජරාගොඩ..

      මීරෝ කැසිනෝ එකේ පහලම තට්ටුවෙ තිබුන බාතෲම් එකේට ගිහින් වාඩි වුනේ එයාගෙ බඩේ ඉදපු තවමත් මේ ලෝකෙ එලිය දැකලවත් නැති හරිහැටි අප්පෙක්ගෙ නමක් දන්නෙ නැති කිරි කැටියට සාප කරකරමයි..

බඩ උඩටම ඇදන් හිරකරගෙන හිටපු ඩෙනිම දිගේ වතුර ගලාගෙන යද්දියි එයාට ඒකෙ බරපතලකම තේරුනේ..

ෆක්...

එයා වොශෲම් එකේ වාඩි වෙලා ඩෙනිම ගලවල විසික් කලා.. කොන්ද දිගේ ආපු වේදනාව යටිකයට දැනෙද්දි කෑගැස්සෙන්න ගිය නිසා එයා කටට එයාගෙ ලොකු ලේන්සුව ඔබාගත්තා.. එයාට දැනුනා පුංචි කාලකන්නියා එලියට එන විදිය..

පැයක විනාඩි හතලිස් පහක ලොකූ වේදනාවකට, තල්ලු කිරීම් වලට  පස්සෙ සුදු පාට  ටයිල් පොලව උඩ ලේ වලින් නෑවුන තවම ඇස්  ඇරලවත් නැති දරු පැටියෙක්  ඉන්නව මිරෝ දැක්කා..

"  උබ නිසායි මේ සේරම.. උබ නිසයි මට රස්සාව නැති වුනේ.. ශික්.."

    මීරෝ දිගින් දිගටම තවමත් බිම සීතල වතුර තියෙන පොලවේ ඉන්න කිරිකැටියා දිහා හිතක් පපුවක් නැති බැල්මකින් බලාගෙන එයාට දැනෙන වේදනාව එක්ක කිව්වා.

පිරිමි කෙනෙක් එක්ක එකතු වෙද්දි එයාට මේ වේදනාව දැනුනෙ නැද්ද.. එවෙලෙ  ඒ දෙන්න විදපු තාවකාලික සතුටෙ ප්‍රතිපලයක් විදියට පැටියා බඩට ආපු දවසෙ ඉදන් මීරෝ පැටියාව නැති කරන්න නොකරපු දෙයක් නැති තරම්.....

එයා අහුවෙන අහුවෙන බෙහෙත් බිව්වා.. එක එක හොද නැති ජාති කෑවා.. රස්නේ පිච්චෙන වතුර බිව්වා.. 

  මොකටද....
          මොකටවත් නෙමෙයි... ඒ පැටියව ආයෙ ආපු දිහාවකටම යවන්න.. ඒත් කිසිම දෙයක් හරි නොගිය නිසා එයා ඔහේ ඉදියා.. වෙන අම්මලා ප්‍රෙග්නන්සි එක නිසා බඩට සහනයක් දෙන්න ලිහිල් ඇදුම් ඇන්දත් මේ දේ ලෝකෙට වසං කරන්න ඕනි නිසා මීරෝ බඩ හිරවෙන ඩෙනිම් ඇන්දා . එයා ඇන්දෙම ඩෙනිම් විතරයි .. හිතන්න ඒ පුංචි දරුවා බඩේ ඉදියත් කොයිතරන් දුකක්ද ඒ විදල තියෙන්නෙ..

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now