The wedding day..

474 107 11
                                    

ජන්කුක්ගේ අප්පගෙ වාහනය දවල් වෙද්දි අනාත නිවාසය දිහාට යනවා ජන්කුක් කෑම්ප් එකේ ඔෆිස් රූම් එකේ ඉදන් බලන් ඉදියා..

" හැම දේම හොදින් වේවි ජන්කුකී.."

  ජන්කුක්ට ජිමින්ගෙ කටහඩ ඈතින් වගේ ඇහුනා..

" මම හිතන්නෙ මම ඔයාට ඇබ්බැහි වෙලා ජිමිනී..."

   ජන්කුක් තමන්ටම මුමුන ගන්න ගමන් ආයෙමත් ෆයිල් එක්කට මුහුන ඔබාගත්තා.

..

" ඔහ්.. මිස්ට ජෝන් එන්න එන්න.."

  සිස්ට ජේන් සිනාමුසුව ජන්කුක්ගේ අප්පව පිලිගත්තා.

" ඉතින් සිස්ට ජේන්.. කොහොමද.. මෙහෙ අඩුපාඩු මොනවත් තියෙනවද.."

  වෙනද පුරුදු විදියටම එලියෙ මුහුද පේන බෙම්ච් එකෙන් වාඩි වෙලා මිස්ට ජෝන් ඇහුවා.

" අඩුපාඩු නෑ මිස්ට ජෝන්..  ජන්කුක් හැමදේම හරි විදියට බලාගත්තා. ඒත් එකම එක අඩුපාඩුවක් ඉතිරි කරලා එයා ගියේ.."

  සිස්ට ජේන් හිනා වෙන ගමන් කිව්ව.

" මොකක්ද.."

" ජිමින්.. ජිමින් ජන්කුක් එක්ක ඉදපු ටික කාලෙදි හුගක් ඇක්ටිව් කෙනෙක් වුන බව මම එද්දිම  තේරුම් ගත්තා. ඒත් දැන් ජන්කුක් නැති නිසා දවසම ජන්කුක්ගෙ රූම් එකට වෙලා පාඩුවෙ වැඩක් කරනවා. එහෙම නැතිනම් බැල්කනි එකට ගිහින් ඔහේ ඉන්නවා.. දරුවො එක්ක වැඩි කාලයක් ගත කරනව දවල් වරුවට.."

" ඔහ්.. මම ආවෙත්.."

" මම දන්නව මිස්ටර්.. ඒ දෙන්නගෙ එෆෙයා එක ගැන නේද.. ජන්කුක් දරුවා මගෙන් ඇහුවා.. මට අකමැති වෙන්න හේතුවක් නැති නිසාත් ජිමින්ගෙ සතුට වැදගත් නිසාත් මම එයාල වෙනුවන් ආශිර්වාද කලා.."

" මමත් මේ එෆෙයා එකට අකමැති නෑ සිස්ට.. ඒත් මෙච්චර ඉක්මනට ජන්කුක් වෙඩින් එකක් ගැන කියන්නෙ ඇයිද කියලා..?"

" ඒක ඉක්මනට වෙනවනම් මමත් කැමතියි මිස්ට ජෝන්.. ජිමින් හිනා වුනාට එයා ඉන්නෙ හුගාක් කාන්සියෙන්.. මම හිතනවා ජන්කුගෙ හිතත් ඒ විදියමයි කියල.. ඔයා දන්නවා ජිමින් හුදකලාවට ආදරේ කල බව. ඒත් එයා දැන් හොයන්නෙ ජන්කුක්ව . මේ දවස් දෙකට ජන්කුක්ව එයාට හුගාක් මිස් වෙලා.."

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now