පාන්දර 3ට විතර තමන්වයි මුලු ඇදමයි ක්ශනිකයෙන් තෙත් වෙලා යනව තේරුන නිසා අඩ නින්දෙ ඉදිය ජිමින් ඇහැරුනා. ඒත් එක්කම කොන්ද දිගේ ආව වේදනාව උහුලගන්න ජිමින්ට දත්මිටි කාගෙන ඉවසන් ඉන්නත් වුනා.
"කූ.. ජන්කුක්..ආහ්......."
ජිමින්ගෙ කටින් පිට වුන වේදනාත්මක විලාපය නිසා මුලින්ම අවදි වුනේ යුංගියි. යුංගි ටේවත් නැගිට්ටවගෙන ජිමින්ගෙ කාමරයට යද්දි ජිමින් හෙමීට බහින්න උත්සහ කරනවා.
" ජිමින්.. ජිමින්.. ඔහොන ඉන්න.. මම ඔයාව ගන්නම්.."
තේහ්‍යොං ට එයාල ලෑස්ති කරපු බඩු ටික අරන් එන්න කියපු යුංගි ජිමින්ව උස්සගත්තා. ජිමින් සිහියෙන් ඉදිය නිසා ඒක හුගක් ලේසි වුනා.
ටේගී දෙන්නත් එක්ක ජිමින්ව හොස්පිට්ල් එකට අරන් යද්දිත් ජිමින්ගෙ වේදනාව එන යන වේදනාවක් වෙලා තිබුනා. වෝට බෑග් එක කැඩිල තිබුනත් ජිමින්ට මුලින් තරම් ලොකු වේදනාවක් නොදැනුනත් විටින් විට එන හිරි වැටීම් නම් ටිකක් දරුනු වුනා.
" පේශන්ට්ව තාමත් ඩිලිවරි එකට ගන්න බෑ. නෝමල් බබාව ගන්නවට වඩා එයාට water birth එකක් දෙන එක පහසු වෙයි හැබැයි. අපි ජිමින්ට කියලයි තිබුනෙ දෙකටම සූදානම් වෙන්න කියලා. "
" ඔව් ඩොක්ට.. අපි දෙකටම ඕනි දේවල් ගත්තා."
ටේ කිව්වෙ ජිමින්ගෙ ඔලුව අතගාන ගමන්..
" ඕකේ . එහෙනම් ජිමින්ව රූම් එකට එක්කන් යං. එතකොට ජිමින්ගෙ හස්බන්ඩ්...."
ඩොක්ට ඇහුවෙ යුංගි දිහාත් ටේ දිහාත් බලන ගමන්.
" ආ ඩොක්ට එයා එන්නෙ නෑ. මම ඉන්නම් . මම ජිමින් ලගින් ඉන්නම්.."
තේහ්‍යොං කියද්දි යුංගි ඔලුව වැනුවා.
" හරි.. එහෙනම් යං ."
ජිමින් ව රූම් එකට එක්ක ගිහින් ඩොක්ටගෙ උපදෙස් විදියට ඇදුම් මාරු කරලා ජිමින්ට ආයෙමත් අමාරු වෙනකම් එයාට එක එක දේවල් කරන්න සිද්ද වුනා.
තේහ්‍යොං ජිමින්ව එක්කන් ඇවිද්දා.. ආයෙ වාඩි වුනා ඇවිද්දා ... පැය 5ක් යනකම් ජිමින් ඉදියෙ එන සියුම් වේදනාවක් උහුලගෙනයි.
YOU ARE READING
𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒
Romanceලස්සන නිල් ඇස් වලින් ලෝකය දකින්න උත්සාහ කරන ඔබ වෙනුවෙන්... ආදරේ විදින ඔබ වෙනුවෙන්.. ආදරේ නිසා විදවන ඔබ වෙනුවෙන්.. අන්දකාරයක තනිවුන ඔබ වෙනුවෙන්.. දඩබ්බර සෙනෙහසක හිමිකාරයෙක් වුන ඔබ වෙනුවෙන්.. ආදරයෙන් ලියමි... 18+ top - jk bottom - jimin DON'T COPY...