ජිමින් ඇහැරුනේ වෙනද නැති ස්පර්ශයක් මූනට දැනෙද්දීයි. එයාට රෑ වුන දේවල් එකින් එක මැවිල පෙනෙද්දි අවසානෙට ජන්කුක් හීනෙන් වගේ කියපු දේවල් මතක් වුනා.." සරන්ග්හේ "
කවදාවත් නැතිව හැගීම් ගොන්නක් ජිමින්ගෙ හිතේ පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.. කුකී මට ආදරෙයි .. එයාගෙ හිත කිව්වෙම ඒක..
එයාගෙ හිතට තව ටිකාක් හිතන්න පුලුවන් කමක් තිබුනනම්.. බාහිර ලෝකෙ ගැන කිසි අනු දැනුමක් නැතිව ඉදපු ජිමින් මෝඩ වුනා..
" කුකී නිදිමතයි.. තව චුට්ටක් ඉමුද.."
එහෙම්මම ජන්කුක්ගෙ අත් ගොබයක් බදාගත්තු ජිමින් හුරතල් විදියට අහද්දි ජන්කුක්ගෙ හිතත් ඒ අහිංසක ඇස් වෙනුවෙන් දහස් වාරයක් හඩා වැලපුනා..
" හරි ජිමිනී.. නිදාගන්න තව චුට්ටක්.. තව වෙලා තීනව.."
ජිමින් එහෙම්මම ජන්කුක්ගෙ අත තුරුල් කරන් නින්දට වැටෙද්දි ජන්කුක් කල්පනා කරා තමන් මේ කලේ හරි දෙයක කියලා..
' ආශ්.. ඇයි ඊයෙ මම එහෙම කලේ.. මට පිස්සු හැදීගෙනවත් එනවද.. ආහ්ම්ම් .. ඔලුව පුපුරන්න වගේ.. ඒත්.. ඒත් .. මේ මෝචි බෝලෙව අතාරින්න හිතෙන්නෙ නැත්තෙ මොකද..
ආහ්.. ජන්කුක් පිස්සෙක් වෙන්න එපා.. ඒ අහිංසකයට තමුසෙව ගැලපෙන්නෑ.. තමුසෙ සෙල්ලක්කාරයෙක්.. තමුසෙ මෙහෙන් යනකම් විතරයි ඕඉ තමුසෙට මෙයාව ඕනි.. ඒත් ඇයි මේ මම එයා ලග බොලද වෙන්නෙ.. කුකී කියද්දි ඇයි මට නුහුරු හැගීමක් එන්නෙ.. ඒ නමට මම ආසයි.. ආහ්.. ඕනි හු**ක්..'
ජන්කුක් තමන්ගෙ හිත එක්කම වාද කරගනිමින් තමන්ගෙ තුරුලෙ සැපට නිදාගෙන ඉන්න පුංචි කොල්ල දිහා බැලුවා..
එයා හෙමීට පහත් වෙලා ජිමින්ගෙ නින්දෙන් උල් වෙලා තියෙන තොල් වලට පුංචි පෙක් එකක් තිබ්බෙ ඇයි කියල ජන්කුක් දන්නෑ.. එයා හිතුවෙත් නෑ..
ඒත් එයා ඒ මොහොත ගැන සතුටු වුනා..
හිත අමුතුම තාලෙකට ගැහෙනවට එයා ආස වුනා...
YOU ARE READING
𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒
Romanceලස්සන නිල් ඇස් වලින් ලෝකය දකින්න උත්සාහ කරන ඔබ වෙනුවෙන්... ආදරේ විදින ඔබ වෙනුවෙන්.. ආදරේ නිසා විදවන ඔබ වෙනුවෙන්.. අන්දකාරයක තනිවුන ඔබ වෙනුවෙන්.. දඩබ්බර සෙනෙහසක හිමිකාරයෙක් වුන ඔබ වෙනුවෙන්.. ආදරයෙන් ලියමි... 18+ top - jk bottom - jimin DON'T COPY...