The Surgery...

277 81 19
                                    

අවසානයේදී ජන්කුක් සහ ජිමින් බලන් ඉදපු ඒ දවස...

ඒ දවසට දවසකට කලින් ජිමින් හොස්පිට්ල් එකට ඇඩ්මිට් උනා. ජන්කුක් ජිමින් ලග රැදුනේ හොස්පිට්ල් එක කියන්නෙ ජිමින්ට නුපුරුදු තැනක් නිසාමයි. ජිමින්ට vip රූම් එකක් ලැබුනත් ජන්කුක් ජිමින්ට බිමට බහින්නවත් ඉඩ දුන්නෙ නෑ. ජිමින් කොහෙට ගියත් වීල් චෙයා එකක නැත්තන් ජන්කුක්ගෙ අත් වල තමයි එයාට යන්න වුනේ.

නම්ජුන් ඇවිත් ජිමින්ට සර්ජරි වලට අන්දන කොලපාටට හුරු කිට් එකක් අන්දවන්න කියලා ජන්කුක්ට දීලා යන්න ගියා. තව විනාඩි 45කින් ජිමින් සර්ජරි රූම් එකේ.

" කූ... මට බයයි වගේ කූ.."

   ජිමින් ජන්කුක්ගේ ඇදුමේ කොනක් අල්ලන් මුමුනද්දි ජන්කුක් ජිමින්ගෙ හිස මතට හාදුවක් තැබුවෙ ආදරෙන්.

" බය වෙන්න එපා මැනික.. නම්ජුන් හියුන් රිද්දන්නෑ ඔයාට. බය වෙන්න එපා. තේරුනාද. "

   ජන්කුක් කිව්වට එයාගෙ හිතෙත් තිගැස්මක් නොතිබුනාම නෙමෙයි.

" ඔය කිව්වට ඔයත් බයෙන් නේ කූ... "

   ජිමින් එහෙම කියන ගමන් ජන්කුක්ට තුරුල් වෙලා හිකි හිකි ගෑවා.

ඇත්ත.. ජිමින්ට ජන්කුක්ගෙ වචනෙකින් පවා වෙනස හොයන්න පුලුවන් .  ඒතරමට හුරු පුරුදුයි..

" අනේ අනේ පන්ඩිතයා.. ජිමින් මතක තියාගන්න මම ඔයාට ආදරෙයි.."

" මම දන්නව කූ.. මට ඉවසිල්ලක් නෑ ඔයාව බලනකම්.."

   ජිමින් එයාගෙ නහය ජන්කුක්ගෙ පපුවේ අතුල්ලන ගමන් කිව්වා.

ජිමින්ට ඕනි උනේ ජන්කුක්ව බලන්න.. වෙන මොන දේටත් වැඩියෙන්. එයාට දැනෙන හැඩි දැඩි අත්, ඇගිලි වලට දැනෙන ජන්කුක්ගෙ ඝන තොල් වල හිනාව , සීතල දාට එයාව උනුහුමට තියෙන ඒ පලල් පපුව.... මේ හැමදේම එයාට බලන්න ඕනි වුනා.

" මම දන්නවා.. මම කැතයි හරිද. ඔය කියන තරම් ලස්සන නෑ හූම්ම්.."

   ජන්කුක් එහෙම කියල හිනා වුනා.

" කමක් නෑ . බලමුකෝ..."

" ජිමින් දැන් යන්න වෙලාව ඇවිත්..."

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now