A little rest..

404 103 6
                                    

" කුකී.."

" ම්ම්.. කියන්න ඩම්ප්ලින්.."

   ස්ටියරින් වීල් එක එක අතකින් අල්ලගෙන අනිත් අතින් ජිමින්ගෙ අතක් අල්ලගෙන ඉදපු ජන්කුක් ඇහුවා.

" කොහෙද මේ යන්නේ.."

" අපේ අලුත් ගෙදරට.. බය වෙන්න එපා.. ඒක හුගාක් ලොකු නෑ. අපි දෙන්නට ජීවත් වෙන්න හදපු පුංචි එකක්.. "

     ජන්කුක් කිව්වෙ ඇත්ත. ජිමින් වෙනුවෙන් එයාට මුලු සේසතම වුනත් වියදම් කරලා ගෙයක් හදන්න තිබුනා. ඒත් එයා හැදුවෙ අත්‍යවශ්‍යම කියල හිතුන අංග ටිකක් එකතු කරලා ලස්සන පුංචි උනුසුම් ගෙදරක්. මොකද අලුත් තැනකට පුරුදු වෙන්න ජිමින්ට ටිකක් කල් යනවා වගේම අනතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඉතින් ජන්කුක් අත්‍යවශ්‍යම දේවල් විතරක් එකතු කරලා ජිමින්ට පහසු විදියෙ ගෙයක් හැදුවා. ඒත් ජිමින් ආසම විදියට මුහුදෙ සද්දෙ අහගෙන ඉන්න පුලුවන් ලස්සන ගාඩ්න් එකක් එක්ක.

" කුකී සතුටින්ද.."

" ඔව් මැනික.. හුගාක්.. මට  ඔයා එක්ක මාස 3ක් නැත්තම් ඊටත් වඩා ඉන්න පුලුවන්.."

   ජන්කුක් කියන්නෙ හමුදාවෙන් ලැබෙන විශේශ නිවාඩුව ගැනයි. වෙඩින් එක වෙනුවෙන් නිවාඩු නොගත්ත නිසා ජන්කුක්ට ඒත් එක්කම වැඩිපුරත් නිවාඩු ලැබුනා. කොහොමත් ආයෙමත් මිශන් එකක් එනකම් ජන්කුක්ට නිවාඩුයි.. එයාට එයාගෙ ඩම්ප්ලින් එක්ක එකට ඉන්න ලොකු කාලයක්..

" මට තේරෙන්නෑ කුකී.. ඒත් ඔයා ඉන්නව නම් ඒ ඇති.."

  ජිමින් ජන්කුක්ගෙ අතක් තුරුල් කරගන්න ගමන් කිව්වා.

ඊලග විනාඩි කිහිපයේ මින්කුක් කපල් එක ගෙදර!!

" ජිමිනි එන්න.."

   ජන්කුක් ජිමින්ව හරහට වඩාගෙන එයාලගෙ ලස්සන ගෙදරට එක්කන් ගියා..

" අදට අපි පොඩ්ඩක් රෙස්ට් කරමු බබා. මම කාමරේ බඩු තියෙන තැන් ගැන විතරක් අද කියන්නම්."

  ජිමින් මුකුත්ම නොකියා ජන්කුක්ගෙ බෙල්ලේ ටෙඩියෙක් වගේ එල්ලිලා ඉදියා.

ඉතින් ඊලගට ජන්කුක් ජිමින්ව කාමරේට එක්කන් ගිහින් බඩු තියල තිබුන තැන් ගැන හොද වැටහීමක් එයාට දුන්නා.

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now