The End

364 76 63
                                    

" නෑ.. ඔයා කිව්වා ජන්කුක්.. ඔයා එනව කියල මට කිව්වා.."

" අපිට ඉන්න දූ පැටියෙක් කූ..... එයාට ඔයාගෙ ඇස් ඒ විදියටම තියෙනව..."

" අනේ දෙවියනේ කූ..."

"  පොරොන්දු තියෙන්නෙ හැමදාටම රකින්න ජන්කුක්.. මම ඒක විශ්වාස කරනවා.."

" ඔයා සමාවගන්නෙ ඇයි?.. ඔයා කිව්වා වගේම ආවා..."

" මම ආදරෙයි කු... හැමදාම..."

   ජිමින් ජන්කුක්ගේ ලියුම තුරුල් කරගත්තා.එයාලගෙ දූ පැටියා තවමත් තේහ්‍යොං ගෙ තුරුලේ කෑගහමින් අඩනව.. යුංගි තවත් බලාගෙන ඉන්න බැරි තැන එලියට ගිහිල්ලා.. අප්පා ජිමින් වගේම අඩනවා..

ජිමින් කදුලු පිහිද ගත්තා..

' ඔව්.. කූ මන් දිහා බලාගෙනනෙ ඉන්නෙ.. මං අඩන්න හොද නෑ.. නෑ.. මං අඩන්නෑ..'

   එයා තේහ්‍යොං ලගට ගිහින් එයාව අතට ගත්තා.

" මගෙ යූනා පැටියෝ.. අප්පා ඔයාවයි මාවයි බලන්න ඇවිත් ගියා.."

  ජිමින් පුංචි යූනාව තුරුල් කරන් එයාට මිමිණුවා.

ජිමින් විශ්වාස කලා. ජන්කුක් එයාගෙ පොරොන්දුව රැක්කා කියලා. එයාට හොදටම විශ්වාසයි ඒ ආවෙ එයාගෙ ජන්කුක්මයි කියල. ඒ දැනුනෙ එයාවමයි කියලා. .

ඒත් එයා ඒක අනිත් හැමෝටම හීනයක් කියල හිතෙන්න ඉඩ ඇරියා.. තේහ්‍යොං ට වත් යුංගිටවත් අප්පටවත් ජන්කුක්ව ඒ තරමට දැනෙන්නෙ නෑ..

ඉතින්.. ජන්කුක් පොරොන්දු කඩ කලේ නෑ.. එයා ආවා.. අන්තිම වතාවට එයා ආවා එයාගෙ දුවවයි ආදරවන්තයාවයි බලල යන්න..

ජිමින් අඩන එක නතර කලා. ඒ වගේම ජිමින්ගෙ අතට ආව ගමන් දූ පැටියත් සද්දයක් නැති වුනා.

ඒත් තවමත් ජන්කුක් ඇදපු ඒ පුංචි පව්ල සහ ලියුම එයා අතේ තියෙනවා..

ඉතින්.. අනාගතයේදි එයා ඒ චිත්‍රය රාමු කරාවි.. එයාට එයාලගෙ දුවව හොදින් ඇතිදැඩි කරන්න වෙනවා ජන්කුක් වෙනුවෙන්..

එයා කඩා වැටිලා බෑ.. එයගෙ ජන්කුක් බලන් ඉන්නවා..

එයාට තවත් අඩන්න බැ... එයාගෙ ජන්කුක් බලන් ඉන්නවා..

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now