Romantic Days..

435 101 20
                                    

ජන්කුක්ට ජිමින් කියන්නේ ලෝකේ තියෙන එයාගෙ ඇහැට පේන හැම ලස්සන දෙයකම සංකලනයක්.. කොටින්ම කියනව නම් ජන්කුක් ජිමින් දිහා බලන්නේ හරියට නිකම් මුලු ලෝකයම දකිනවා වගේ..

ඉතින් ඇත්ත.. ජිමින් කියන්නෙ ජන්කුක්ගෙ මුලු ලෝකෙම.. 

වෙඩින් එකෙන් සතිය කිහිපයක් පහු වෙද්දි ජිමින්ට ජන්කුක් නැතිව තනියම ගෙයි එහෙ මෙහෙ ඇවිදින්න පුලුවන් වුනා. රෑ වෙනකම්ම ජන්කුක්ට යටවෙලා කෙදිරිගාන ජිමින් ව පරිස්සමින් වොශ් කරලා උදේට බ්‍රෙක්ෆස්ට් එකත් ලගටම ගෙනත් දීලා එයාව කිස් ගොඩකින් නාවලා දවල් වෙලා ඇහැරවන තමන්ගෙ හස්බන්ඩ්ට ජිමින් ගොඩාක් ආදරේ කලා..

ජන්කුක් ජිමින්ගෙ කකුල් අතරෙ නිදාගෙන ජිමින්ගෙ අතක් අරන්  තමන්ගෙ ඔලුවෙන් තියාගන්නෙ ජිමින් ආසම කරන පොතක් අරනුයි.. ඉතින් ජන්කුක් කියවනවා.. කොටසින් කොටස.. තමන්ගෙ හස්බන්ඩ්ට ඇති වෙනකම්ම.. කොච්චර එයාගෙ කට රිදුනත්.. අවසානෙදි එයාට ලැබෙන ආදරේ පිරුන දිගම දිග හාදුවට ලෝබකමෙන්..

සති කීපයම මාස 2ක් වෙන්න ආසන්න වෙනකම්ම එයාල කලේ ඒක.. ජන්කුක් තමන්ට පුලුවන් උපරිමයෙන් රොමෑන්ටික් වුනා.. සමහර තැන්වලදි ජිමින්ට ඒක දරාගන්න බැරි වෙන්න තරම්ම..

සාමාන්‍ය පෙම්වතුන් , අලුත බැදල ඉන්න අය වගේ ශොපින් කරන්න, එක එක තැන්වල ඇවිදීමේ සාංකාවක් මේ දෙන්නටම තිබුනෙ නෑ.. ජිමින්ගෙ හිතේ නම් කොහෙත්ම නෑ.. එයාට ඕනි වුනේ නිදහසේ ජන්කුක්ගෙ කටහඩින් විතරක්ම එයාගෙ කන් පුරවගන්න..

ජන්කුක් ගැන කියනව නම් එයා ට ඕනි වුනේ ජිමින්ව බලාගන්න සහ එයත් එක්ක උපරිම ආදරෙන් ඉන්න..

ඉතින් ඒ දෙන්න ඒක කරා සහ දිගටම කරාවි..!!.

සමහර දවස්වලට ජිමින් හවසට එයාලගෙ ගාඩ්න් එකේ තියෙන ඔන්චිල්ලාවට වෙලා හෙමින් පැද්දෙන ගමන් එයාගෙ හස්බන්ඩ්ගෙ උකුල උඩ ඉදන්,හස්බන්ඩ්ගෙ හැඩිදැඩි ඒත් සැපපහසු උරහිසකට ඔලුව තියාගෙන ඇස් නොපෙනුනත් ඇස් වහගෙන, ජන්කුක්ගෙ හීනි සිපගැනීම් අතරින් වේගයෙන් ගහන මුහුදු රළවල සද්දෙ අහන් ඉන්නවා.

" කූ..අපි අනිත් අය වගේ හනිමූන් එකක් ගියෙ නැහැනේද...??"

" ම්.. මට අනුව නම් ඩම්ප්ලින්... අපිට හැමදාමත් හනිමූන් තමයි.."

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now