We have only one week ...

250 68 15
                                    

දැන් දැන් ජිමින් වැඩිපුරම ජන්කුක්ව හෙව්වා. හැම වෙලේම ජන්කුකී.. ජන්කුකී කියන ගමන් හෙමින් හෙමින් ඇවිදින ජිමින්ව දවසෙ ඕනිම වෙලේක එයාලගෙ ගෙදරට එන කෙනෙක්ට දැකගන්න පුලුවන් කමක් තිබ්බා.

ඒත් ජන්කුක් හිතමින් ඉදියේ එයාගෙ රීඑන්ට්‍රි එකත් ජිමින්ගෙ සර්ජරි එකත් ගැනයි ලැබෙන්න ඉන්න පැටියා ගැනයි..

තවත් හරියටම සතියක් එයාලට ඉතුරු වෙලා තියෙනවා. ගෙවුන ඉරිදාවේ එයාල පල්ලියට ගිහිල්ලා යාඥා කරලා ආවා. ජිමින්ට එන එක එක දොලදුක් සංසිදවලම ජන්කුක්ට හුගක් වෙලාවට නින්දක් වත් නෑ. 

එක දවසක් ජිමින් කියනවා,

" කූ.. මට අයිස්ක්‍රීම් එක්ක චිටෝස් කන්නෝනි "

    ජන්කුක් ඉදියෙ ජිමින්ට කොෆී එකක් හදන ගමන්. මොකද මේ දැන් ටිකකට කලින් එයා කිව්වා කොෆී බොන්නෝනි කියලා.

" මෝහ්.. බබා කන්න පුලුවන් ද එහෙම..."

  ජන්කුක් ඇස් ලොකු කරන් ඇහුවෙ සෝෆා එක උඩ හරි බරි ගැහිලා වාඩි වෙලා ඔහේ ඉන්න ජිමින්ට.

" මම හිතන්නෙ පුලුවන්. අපි කාල බලමුකෝ.. "

ඉතින් ඔන්න ජන්කුක් කොෆී හැදිල්ල පැත්තට දාල ජිමින්ට ඉල්ලපු ඒව ගෙනල්ල දුන්නා. වෙලාවට ජන්කුක් සතියකට සැරයක් ග්‍රොසරි ගිහින් ඊලග සතියට මාසෙකට විතර හරියන්න බඩු ගෙනත් දාන්නෙ..

දැන් දවල්ටත් ලග නිසා ජන්කුක් කිචන් එකට වෙලා උයන්න ගත්තෙ විටින් විට  චිටෝස් අත්වල පුරවන් අයිස්ක්‍රීම් වල තවරන ගමන් කන ජිමින් දිහාටත් අවදානෙ දෙන ගමන්.

" කූ.. වෝහ්.. මෙව්වගෙ රස..."

   ජිමින් කියද්දි ජන්කුක්ට හීනි හිනාවක් ගියා.

" කූ ඉවර නැද්දෝ..."

   ජන්කුක්ගෙන් සද්දයක් නැති තැන ජිමින් ආයෙම ඇහුවා.

" ඉවරයි ඩම්ප්ලින්ග්... ඉන්න මම එන්නම් මෙ ටික වහල තියලා.."

    ජිමින් හෙමි හෙමින් චිටෝස් පැකට් එකම කාලා.  ඉතින් ජන්කුක් ඇවිත් පැකට් එක අයින් කරලා ජිමින්ව එහෙට මෙහෙට කරලා පිහිදුවා.

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now