It's okey....

224 70 11
                                    

ජන්කුක්ට ජිමින්ව ගෙදර එක්කන් යනකම් වත් ඉන්න බැරි වුනා. ජිමින්ගෙ ප්ලාස්ටර් ගලවපු දාට පහුවෙනිදා වෙනකම් ජන්කුක්ට ඉතුරු වෙලා තිබුනා. එයා තීරනය කලා හොස්පිට්ල් එකේ නවතින්න.. ජිමින් එක්ක..

" කූ පරිස්සමට ගිහින් එනව නේද..."

   ජිමින් හැමතිස්සෙම ඇහුවා.

" ඔව්.. අනිවාරෙන්ම මම එන්නම ඕනි.. මොකද මට ඔයාගෙ ඔය ඇස් දිහා ජීවිත කාලයටම බලන් ඉන්න ඕනි.. ඒ වගේම අපේ පැටියවත්.."

   ජන්කුක් කිව්වෙ ජිමින්ගෙ උනුහුමේ හිස හංග ගන්න ගමන්. ජිමින්ට වාඩි වෙලා ඉන්න පුලුවන් විදියට ඇද හදල තිබුන නිසා ජන්කුක් පහසුවෙන් ජිමින්ට තුරුල් වෙලත් ජිමින් පහසුවෙන් නමුත් තදින් ජන්කුක්ව වැලදගෙනත් ඉදියා..

" මම හැමදාම හිතුවා ජන්කුක් කියන්නෙ මැරපාට පෙනුමක් තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා.."

" ඉතින්... දැන් මොකද හිතෙන්නෙ?"

" එහෙම නෑ.. ඔයාගෙ නපුරු පාටක් ඇත්තෙම නෑ කූ.. "

  ජිමින් හිකි හිකි ගාන ගමන් කිව්ව.

" ඒ ඔයාගෙ කූ.. එත් ජන්කුක් නම් නපුරුයි.."

  ජන්කුක් ජිමින්ගෙ නිපල් එකකට යන්තම් හාදුවක් තියන ගමන් ජිමින්ගෙ බඩට ඔලුව ලං කලා.

" ඉතින් පැටියෝ.. පපාට කරදර නොකර ඉන්න.. හුගක් රිද්දන එපා..අප්ප ඉක්මනට එන්නම් ඔයාව බලන්න.."

" පැටියෝ.. අප්පගෙන් අහන්න පපාටයි බබාටයි පොරොන්දු වෙනව නේද කියලා.."

   ජිමින් ඇහුවෙ ජන්කුක්ගෙ ඔලුව අතගාන ගමන්.. 

" අප්ප ප්‍රොමිස් වෙනවා බබාව බලන්න එනව කියලා.. ඒවගේම පපාවත්.. "

   ජන්කුක් ජිමින්ගෙ යන්තම් නෙරල තියෙන බංඩියට හාදුවක් දුන්නා. 

" ජන්කුක්.. මම දෙයක් අහන්නද.."

" ම්ම්.. ඕඕ.."

" ඇයි මං වගේ පව්කාරයෙක්ට ආදරේ කලේ.."

   ජිමින් ඇහුවම ජන්කුක් ක්ශනිකව ජිමින් දිහා බැලුවෙ එයා ඒක අදහස් කලේ ඇත්තටමද කියල දැනගන්නයි.

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now