Hopeless Hopes..

233 70 19
                                    

ජන්කුක් ගිහින් දැන් හරියටම සතියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් ගිහින් දැන් හරියටම සතියක්.. ජන්කුක්ට ෆෝන් පාවිච්චි කරන්න අවසරයක් නැති නිසා ජිමින්ට සිද්ද වුනා ජන්කුක්ට කතා නොකරම යුංගිල එක්ක ගෙදරට එන්න. ජිමින් හොදින් ඉදියා. නමුත් එයාගෙ හිත නම් හොදින් නෙමෙයි.

ජිමින් තනියම නිසා ටික දවසකට යුංගි සහ තේහ්‍යොං එයා එක්ක නැවතුනා. ජිමින්ව ඩිස්චාජ් කලත් එයාට සිද්ද වුනා ඇස් වලට කිසිම වෙහෙසක් නොදී මාසයක් විතර පරිස්සම් වෙන්න . දූවිලි වදින්න බෑ. රෑ වෙනකම් ඇස් ඇරන් ඉන්න හොද නෑ.  ඒ වගේම ජිමින්ට පැටියා නිසා හොදට කෑම කන්නත් ටික ටික අප්පිරියා වෙනවා. තේහ්‍යොං ට කෑම හදන්න බැරි නිසා යුංගිත් නැවතිලා තමන්ගෙ යාලුවා වෙනුවෙන් උපරිමය කලා.  එයා එක එක විදියට කෑම හදලා ජිමින්ට දුන්නෙ බෙහෙත් බොන්න කලින් මොනව හරිම කන්න ඕනි නිසයි.

" යුංගි හියුන් ඔයාට පුලුවන් ද පැස්ටා එකක් හදල දෙන්න මට. ටේටත් ඕනි කිව්වා.."

   ජිමින් එහෙම කියාගෙන පුටුවට වෙලා පොතක් බලන තේහ්‍යොං ලගින් ඉදගත්තා.

" ඕ.. මගෙ ජිමිනි ආවද.."

"හ්ම්ම්.."

" මොකද ජිමින්.. ඔයාට අසනීපයිද.."

" නැ ටේ.. ජන්කුක්ව මතක් වෙනව.. එයා නැතිව පාලුයි.. "

  ජිමින් පුටුවට ඔලුව තියාගෙන මිමිනුවා. තේහ්‍යොං ට කියන්න දෙයක් හිතාගන්න බැරිව එයා ජිමින්ගෙ අතට තට්ටු දදා ඉදියා.

" යුංගි හ්‍යොං කියනවා ජන්කුක් හොදින්ලු  එයාල හොදින් එහෙට ගියා කියලා ආරංචි උනාලු. "

  තේහ්‍යොං එහෙම කියද්දි ජිමින් ඔහේ ඔලුව හෙල්ලුවා.

" එයා අපේ පැටියා බලන්න ඒවි නේද ටේ.."

𝘚𝘪𝘯𝘧𝘶𝘭 𝘛𝘰𝘶𝘤𝘩 || 𝘑𝘐𝘒𝘖𝘖𝘒 Where stories live. Discover now