chapter 2

348 90 43
                                    


"මිස්ට කිම් තේහ්යුන්.... තමුන් මොකක්ද මගේ ලේලිට ඒ කිව්ව දේ තේරුම...... තමුන්ට කොහෙන් ආපු හයියක්ද මගේ මුනුපුරාව මගෙන් ඈත් කරන්න"
_____________________________

ඇහුනු සද්දෙත් එක්කම ඇස් ඇරපු කෙල්ලට දකින්න හම්බුනේ තමන්ගේ රතු උන කම්බුලට අතත් තියන් තමන්ගේ අප්පා දිහා බලන් ඉන්න තේහ්යුන්වයි.

"මොකක්ද මිනිහො මේ කරන වැඩවල තේරුම.කනමදයා වගේ බීගෙන ඇවිත් දරුවෙක් හැදුවටත් පස්සේ තව ඒ කෙල්ලගෙන් පලිගන්න ඒ දරුවව නැති කරන්නත් කියනවද? උබ කොහොමද මිනිහො තමන්ගෙම ලෙයින් හැදුන දරුවෙක්ව බඩේ ඉද්දිම මරලා දාන්න හිත හදාගත්තේ.උබ මහ තිරිසනෙක් යකෝ.උබ මගෙ දරුවෙක් කියන්නත් මට ලැජ්ජයි"

දැවිලා අලු වෙන බැල්මක් දාන් තේහ්යුන්ගේ අප්පා තේහ්යුන් දිහාම බලන් කෑගහන්නේ හිතේ තියෙන කේන්තිය පිටට මුදාහරින ගමන්.ටිකක් වෙලා තමන්ගේ කේන්තියෙන් පුපුරන අප්පා දිහා බලන් හිටපු තේහ්යුන් සද්දෙන් කතා කරන්න පටන් ගත්තේ මේ හැමදේම පැත්තකට වෙලා බලන් හිටපු කෙල්ලගේ ඇස්වල තිබුනු කදුලු උතුරලා යන තරම් වැඩි වෙද්දි.

"අප්පා දැන් හොදටම ඇති.බලෙන් මගේ කරේ ගැහුවා මදිවට දැන් මට දරුවෙකුත් බලාගන්නද කියන්නේ.මට මේ ගෑනිත් එපා ඔය බඩේ ඉන්න දරුවත් එපා.අප්පට ඕන්නම් ලේලිවයි මුනුබුරාවයි රකින එකයි ඇත්තේ.මට ඔය දෙකෙන්ම ඇති වැඩක් නෑ.කවදද මන් ඉතින් මගේ ජීවිතේ තනියෙන් තීරණයක් ගත්තේ.මේකත් එහෙමම වෙයි.ඕන මගුලක් කරනගන්න එකයි ඇත්තේ"

තමන්ගේ අප්පට නොදෙවෙනි විදිහට කෑගහපු තේහ්යුන් පඩිපෙල නැගන් තමන්ගේ කාමරයට යන්න උනේ කේන්තියෙන් පුපුරන ගමන්.තේහ්යුන් යන දිහා මහ කලකිරුනු බැල්මකින් බලන් හිටපු මිස්ට කිම්(තේහ්යුන්ගේ අප්පා) ඊලගට හැරුනේ තමන්ගේ ගැබිණියක් උනු ලේලිය දිහාවට.

"මියන්හේ මගෙ දුවේ.."

මිස්ට කිම් තමන්ගේ අත් එකතු කරලා කෙල්ල දිහාවට හැරිලා බොහොම කනගාටුවෙන් කියන්න උනේ කෙල්ල දුවන් ඇවිත් මිස්ට කිම්ගේ අත් දෙක අල්ලගනිද්දි.

"අනි අනි අප්පා... අප්පා මුකුත් කලේ නෑනේ මේ විදිහට මගෙන් සමාව ගන්න.කම්සායෝ අප්පා මගෙ දරුවව..."

𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]Where stories live. Discover now