2020.01.01

314 79 24
                                    

අන්යොන් චීචූ

මම ජෙනී... කිම් ජෙනී.අවුරුදු 25ක අවිවාහක වැදගත්කමින් උසස් ගෑනු ලයෙක්.ඔව් ඔව් එහෙම කියන්නේ මාව අදුරන්නැති අය.....

හ්ම්ම්.... මගේ පවුල ගැන කිව්වොත්.. මම තමයි අපේ ගෙදර වැඩිමල් දරුවා.මට ඉන්නවා සහෝදරියක් "කිම් ජිනී".ඒකිගෙයි මගෙයි වයස් පරතරය මිනිත්තු 2යි.ඔව් අපි දෙන්නා නිවුන්නු.ඒ වුනාට මන් තමා ඔන්නි හුම්ම්.ඒත් ඒ ගෑනි මට කවදාවත් ඔන්නි කියන්නෑ.

ආඩම්බරී... කොච්චර ආඩම්බරද කියනවා නම් මට කතා කරන්නේ මගෙ නම කියලා.වෙලාවකට නමත් නෑ නිනී,හරකියේ,උලමියේ..... හරිම ආදරණීය සහෝදරියක් තමා ඉතින්.මොනා උනත් මන් මගේ වදුරු පැටික්කිට ආදරෙයි.මගේ මෝඩ යොදොන්සේනේ.අපි දෙන්නගේ ප්‍රතම රාජකාරිය තමා රන්ඩු වෙන එක.

ලොකු ලොකු ඒවා නෙමේ ඉතින්.. මේ ලගදි මගේ බ්‍රශ් එක ඒ ගෑනි කොමඩ් එකට දැන්මා මන් රිටන් එක වශයෙන් ඒකිගේ ශැම්පො එක ඇද උඩ හැලුවා.ඔන්න ඔය වගේ මොන්ගල් සන්ඩු තමා හී හී.

මගේ ඔම්මා... මගේ පවුලේ ගෘහ මූලිකයා.වෙන පවුල්වල නම් ඒ අප්පා.ඒත් අපේ පවුලේ ඔම්මා.මොකද මන් මගේ අප්පව කවදාවත් දැකලා නෑ.අප්පා හමුදා සෙබලෙක්ලු.අප්පා නැති වුනේ මම ඔම්මගේ බන්ඩියේ ඉද්දිමලු.මගේ ඔම්මා මන් චූටි කාලේ වගේම අදටත් මට කියන්නේ ඒ ටික විතරයි.

ඊට වඩා චූටි දෙයක්වත් ඔම්මා මටවත් ජිනීටවත් අප්පා ගැන කියලා නෑ.මගේ ඔම්මා මහ පුදුම ගැහැනියක්.හැම දුකක්ම තනියෙන් ඉවසන් අපිට පේන්න හිනා වෙච්ච කෙනෙක්... සමාජෙන් නරක නාමයක් නොලබා ගැහැනු දරුවො දෙන්නෙක් උස් මහත් කරපු අපූරු ගැහැනියක්.ඇගයිය යුතු කෙනෙක්.

මගේ ජීවිතේ වීරවරිය මගේ ඔම්මා.මගේ ඔම්මා වෘත්තියෙන් ජපන් ගුරුවරියක්.ඒ උනාට කවදාවත් ඔම්මා එයාගේ රස්සාව දිහා ආත්මාර්ථකාමී හැගීමකින් බැලුවේ නෑ.ඒ නිසාමද කොහේදෝ මගේ ඔම්මා එයාගේ ශිෂ්‍යයෝ දිහා බැලුවේ මමයි ජිනීයි දිහා බලන හැගීමෙන්මයි.එයා පූජනීයයි,ආදරණීයයි.

කවදා හරි කවුරු හරි මගෙන් ඇහුවොත් ඔයාට ඔම්මා වගේ වෙන්න ඕනෙද කියලා.. මන් කියන්න නෑ කියලා.මොකද මන් දන්නවා මගේ ඔම්මාට සම වෙන්න තියා ඒ ගැන හිතන්නවත් මන් සුදුසු නෑ කියලා.

එයා කියන හැමදේම ඇත්ත.ඒකයි මන් එයා කියන හැමදේම ඇහුවෙත්...

තව හුගක් කියන්න දේවල් තියේ.ඒවා පසුවට..... දැන් ඉතින් චීචුයි මායි මේ මුලු අවුරුද්දම එකටනේ.

බායි චීචූ....

✍...........✔

𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]Where stories live. Discover now