chapter 4

309 87 17
                                    

"හා"

තේශි අත්පුඩි ගහන ගමන් හිනා උනේ කෙල්ලගෙත් මූන හිනාවෙන් පිරෙද්දි.....

කෙල්ලො දෙන්නගේ සප්‍රයිස් එක මොකක් වෙයිද.........?
_____________________________

@ soul airport

මිනිස්සුන්ගෙන් පිරුනු සෝල් ගුවන් නැවතුම්පලේ තේහ්යුන් තමන්ගේ අතේ තිබුන ඔරලෝසුවේ වෙලාව බලන ගමන් හිටන් උන්නේ තමන්ගේ අප්පාව අපේක්ෂාවෙන්.දනිහිස දක්වා දික් උන කෝට් එකත් දුඹුරු පාටට හුරු කලිසමත් තේහ්යුන්ට ගෙනාවේ ගොඩක් කඩවසම් වගේම දරදඩු පෙනුමක්.

"අප්පා මන් මෙතන"

තේහ්යුන් තමන්ගේ අත උස්සලා ටිකක් ඈතින් උන්නු මිස්ට කිම්ට කතා කරන්න උනා.

"තේ..... "

අවුරුදු 5කට පස්සේ දකින තමන්ගේ එකම දරුවගේ රූපේ ඇස්වලට අහුවුනු සැනින් මිස්ට කිම්ගේ ඇස්වලට කදුලු එකතු උනේ ඉබේටමයි.පුලුවන් ඉක්මනින් තේහ්යුන් ලගට ගිය මිස්ට කිම් තේහ්යුන්ව සිපගත්තේ අවුරුදු ගානක් මගහැරුනු ඒ සුවද,උනුහුම විදින ගමන්.

"තේ.. මේ අප්පව මතක් වෙන්න මෙච්චර කල් ගියාද?"

"මියන්හේ අප්පා... මට කවදාවත් අප්පව අමතක උනේ නෑ... අමතක වෙන්නෙත් නෑ... ඒත් මන් මොනා කරන්නද අප්පා මට වෙන විසදුමක් තිබ්බේ නෑ."

දෙන්නට දෙන්න දුක බෙදාගන්න ගමන් කතා කරන්න උනේ සංවේදී මොහොතක් තමන්ගේ මතකයේ සටහන් කරගන්න ගමන්....

"හරි දැන් ඒවා ඉවරයි.හැමදේම හොදින් වෙයි.අපි ගෙදර ගිහින් කතා කරමු."

_____________________________

@ car

"අප්පා මන් හදිස්සියෙන්ම කොරියාවට ආවේ ලොකු කාරණාවක් නිසා.ඒ දේ අප්පට කියලම කරන්න මන් හිතුවා."

තේ ජනේලෙන් එලිය බලාගෙන මිස්ට කිම්ට කිව්වේ ලොකු බැරෑරුම්කමකින්.

"මොකක්ද පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"පරණ ප්‍රශ්නෙම තමා.. මට මේ කසාදේ ඉවර කරන්න ඕනේ..."

"තේ...."

"අප්පා මන් මේ තීරණය ගත්තේ අපි දෙන්නා ගැනම හිතලා.කිසිම ප්‍රයෝජනයක් නැති මේ බැදීමෙන් අපිට ලැබුනේ දුකක් විතරයි අප්පා.මොනාද අපිට මේ බැදීමන් දුක ඇරුනම ලැබුනේ.... ආදරයක්,සෙනෙහසක්,අවබෝධයක්,බලාපොරොත්තුවක්.... අඩුම ගානේ දරුවෙක්වත්.මන් පිලිගන්නවා මන් ඒ දරුවව නැති කරන්න කියපු එක ඇත්ත... ඒත්..... මන් හිතුවේ නෑ එයා ඒ දේ කරයි කියලා.. මන් හිතනවා මන් විතරක් නෙමේ එයත් මගේ තීරනයට එකග වෙයි කියලා"

"ඒක ඔයා එයා එක්කම කතා කරගන්න.. මන් හිතන්නේ මේ විදිහට නොදැක මේ තීරණය ගන්නවට වඩා එයාව දැකලා දැන් ගෙදර තියෙන තත්වය දැකලා ඔයා මේ තීරණය ගත්තොත් හොදයි.මගෙන් කිසිම විරුද්ධත්වයක් නෑ.... මොකද මන් දන්නවා ඇත්ත දැක්කම ඔයාගේ තීරණය වැරදි වෙන්නෑ."

"කුමාවෝ අප්පා.මාව තේරුම් ගත්තට"

එතනින් එහාට තේහ්යුන් වගේම මිස්ට කිම්ත් තමන්ගේ අවදානය පාර දිහාවට විතරක් යොමු කරන්න උනේ හිතේ ඇතිවුනු ප්‍රශ්නවලට උත්තර හොයන ගමන්.විනාඩි කිහිපයක ගමනකට පස්සේ වාහනය නැවතුනේ තේහ්යුන්ගේ ගේ ගාවයි.

තේහ්යුන් වාහනයෙන් බැහැලා ගේ පැත්ත ඇදෙද්දි මිස්ට කිම් වාහනය නවත්තන්න යන්න උනා.අවුරුදු 5කට කලින් මතක හිත ඇතුලේ සක්මන් කරද්දි තේහ්යුන් හෙමින් හෙමින් ලගා උනේ තමන්ගේ සුපුරුදු නවාතැනටයි.

ටිකෙන් ටික දොරට ලං වුනු තේ සීනුව නාද කරේ හිතේ කැකෑරෙමින් තිබුනු බයට තරවටු කරන ගමන්.ඒත් කිහිප සැරයක්ම සීනුව නාද කරත් දොර නොඇරුනේ තේහ්යුන්ව ටිකක් වැඩිපුර බය කරලා.... ඒ නිසාම තේහ්යුන් තමන්ගේ අත ඉස්සර කරේ බය මුලු හිත පුරාම පැතිරෙද්දි.

"හජිමෙමශ්තේ.... වතශිවා කිම් තේශී දෙස්"
(hello... i'm kim taeshi)

තේහ්යුන් දොරට තට්ටු කරනවත් එක්කම ලොක් නොකර තිබ්බ දොර ඇරුනේ දොරට පිටිපස්සේ හිටපු චූටි බෝනික්කියක් තේහ්යුන්ට තමාව හදුන්වලා දෙද්දි....

චූටි තේශිව දැකලා ටිකක් පුදුමු උනත් ඒ හුරතලේ තේහ්යුන්ව ආකර්ෂණය කරගන්න උනා.

"හජිමෙමශ්තේ තේශිසන්"

තේහ්යුන් උත්තර දුන්නේ හිනා වෙලා....

"ඈ මොකක්ද ඒ කිව්වේ"

පුංචි තේශි ඔලුව කසන ගමන් තේහ්යුන්ගෙන් අහන්නේ තේහ්යුන්ට මහ හයියෙන් හිනා යද්දි.

"අන්යොන් තේශි ශි"

කොල්ලා තේරෙන භාෂාවෙන් තේශිට ඇහෙන්න කිව්වම තේශි හුරතල් විදිහට හිනා වෙලා තේහ්යුන්ට ආපහු ඔලුව නමලා ආචාර කලේ තේහ්යුන්ව තවත් හිනා ගස්සලා.

"ඒක නෙමේ කවුද මේ චූටි නෝනා"

මතු සම්බන්ධයි.....✍

𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]Where stories live. Discover now