හායි හූයි බබී......
ඉතිම් කෝමද චීචු ඔයාට?
මට නම් අද ගොඩක් සතුටු දවසක්.ඇයි දන්නවද?
මොකද ජෙනී කියන පිස්සු කෙල්ල අවුරුදු 20ක් තිස්සේ දැකපු ඒ හීනේ අද ඇත්තක් වුනා...
චීචු දන්නවද ඒ හීනේ මොකක්ද කියලා...
හ්ම්ම්... මන් අද පලවෙනි වතාවට මගේ වෛද්‍ය පත්වීම ගත්තා.මන් දැන් ඩොක්ට කෙනෙක්...
oh god ඒක කියද්දි මහ අමුතුම ගැම්මක් එන්නේ.
මන් දැන් ඩොක්ට කෙනෙක්.අහෝ මට හිනා යනෝ.ඇයි මන් මේම යාහ්හ්හ්.
මට පිස්සු...
ඔව් හොදටම පිස්සු....
අනේ මන්දා චීචු මට මහ අමුතු හැගීමක් දැනෙන්නේ.සතුටකට එහා ගිය අමුතු ලස්සන හැගීමක්.ඒත් ඒ හැගීම ඇතුලේ වේදනාවත් ගැබ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
මට අඩන්න ඕනේ.... ගොඩක් හයියෙන් ගොඩක් වෙලා.... ඒත් මන් දන්නෑ මන් අඩන්නේ මොකටද කියලා.
පුංචි කාලේ ඉදලා ලෙඩෙක් උන මට රෝහල කියන්නේ නුපුරුදු තැනක් නෙමේ.hospital එක හරියට නිකන් මගෙ ගෙදර වගේ.... ඒත් අද..
අද මට ඒ හුරුපුරුදු තැනට අඩිය තියද්දි දැනුනේ ලොකු නුපුරුදු ගතියක්.සමහරවිට අද මන් එතනට යන හේතුව වෙනස් නිසා වෙන්න පුලුවන්.
ඉස්සර පුංචි කොන්ඩ කරල් දෙකක් බැදන් මල් මල් වැටුන ලස්සන ගවුමක් ඇදන් පුංචි අඩි තිය තියා රෝහල ඇතුලට ඇදුන මන් අද ඒ රෝහලට යන්නේ වෙනස්ම විදිහකට.
දනිස්සෙන් ටිකක් ඉහලට දික්වුන ගවුම,ටිකක් ඉහලට කරල බැදපු පෝනිටේල් එක ගෙනාව යෞවන පෙනුමත් එක්කම ගෙල වටේ වැටුනු වෙද නලාව වගේම වෛද්‍ය කබාව එදා ජෙනීවයි අද ජෙනීවයි වෙන් කරලා පෙන්නුවා..
මට දැනෙන්නේ දැන් මන් වෙනස්ම මනුස්සයෙක් කියලා.
ඔව් මන් දැන් වෙනස්... මන් ඒක කරා.... මගේ ජීවිතේ සම්පූර්ණයි.
මොනා උනත් මන් හැමදාම මොංගල් ජෙනීම තමා ඉතින්
මතු සම්බන්ධයි....✍
YOU ARE READING
𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]
Fanfictionඅහිමි බව දැන දැනත් කොච්චර මිනිස්සු ආදරේ කරනවද? ඒ ආදරේ හරිම අවංකයි වගේම වේදනාකාරී එකක්... සංසාරගත බැඳීමක අවසන් හුස්ම...... The last day 🤍 ~kimsoha7...🤍~