"අනියා... බොරු නවත්තනවා ඔය බොරු කියවිල්ල.එතකොට එදා කෝල් එක.තමුන් කිව්වා බඩේ හිටපු දරුවව නැති කලා කියලා... එතකොට මේ කවුද? ඇත්ත කියනවා තේශිගේ අප්පා කවුද? මේ දරුවව තමුන් කාට කියලද හදාගත්තේ.....?"
_____________________________තේහ්යුන්ගේ සැර කටහඩත් එක්කම දේ දෙදරුම් කන තරම් සද්දය්ක් ආවේ කෙල්ල තේහ්යුන්ට දුන්නු සැර කම්බුල් පාර නිසා.
"ඇති... හොදටම ඇති.මන් හැමදේම ඉවසුවා.මාව බැන්දා..,බලින් දරුවෙක් හැදුවා,අන්තිමට ඒ දරුවව නැති කරන්නත් කිව්වා..... ඒත් මන් තමුන්ට කිසිම දෙයක් කිව්වේ නෑ.දැන් තමුන් මාව පාවා දෙන්නත් හදනවද ආ....? ඇයි මන් කටවහන් මෝඩයෙක් වගේ ඉන්න නිසාද? ඒ ගොනා විකුනලා ඉවරයි මිස්ට තේහ්යුන්.අවුරුදු 5ක් තිස්සේ මාව දාලා ගියපු මගෙ අසත්පුරුෂ ස්වාමිපුරුෂයා වෙනුවෙන් විතරක් මන් මගෙ හැමදේම පරිස්සම් කරගත්තා.එදා රෑ අසිහියෙන් හරි ඔයා මාව පාවිච්චි කරේ අද වෙනකල් ඒ මගේ පලවෙනි සහ අන්තිම වතාව කරලා..... ඒත් තමුන් මට මෙහෙමද සලකන්නේ.මන් මොකක්ද ඔයාට කරපු වැරැද්ද තේ.... වේහ්........ "
කෙල්ල තමන්ට පුලුවන් තරම් හයියෙන් තේහ්යුන්ගේ ඇස් දිහාම බලන් කෑගහද්දි තේහ්යුන් කරේ කෙල්ලගේ සැර කම්බුල් පාරට ඇදුන්කන තමන්ගේ කම්බුල අල්ලන් කෙල්ල දිහා බලන් හිටපු එක....
"ඇති දැන් හොදටම ඇති.මෙ නාඩගම නවත්තලා මට වෙච්ච දෙ විතරක් කියනවා.."
තේහ්යුන් කෙල්ලගේ එක අතක් තදින් අල්ලගෙන කෑගහන්න උනා..
"අහන්නද ඕනේ.... අහගන්නවා... ඒ දරුවා තමුන්ගෙම ලෙයින් මගේ බඩේ වැඩුන තමුන් මීට අවුරුදු 5කට කලින් බල්ලෙක් බළලෙක් ගානට අතරමන් කරලා දාලා ගිය තමුන්ගෙම දුව "කිම් තේශි".ඩොක්ට කිම් තේහ්යුන්ගේ එකම දුව "කිම් තේශි".ඔව් මන් එදා කෝල් එකේදි ඔයාට බොරු කිව්වා.. ඒ ඒක අහලවත් අපිව බලන්න ඔයා මේ රටට එයි කියලා හිතලා... ඒත් ඔයාට අපි දෙන්නා ගැනම ගානක් තිබ්බේ නෑ.
තේශි හම්බෙන්න ඉන්නකල් මන් කලේ ඔයාගේ photo එකක් දිහා බලන් අඩපු එක.අඩුම දරුවාගේ විටමින් එකක්වත් බොන්න මට උවමනාවක් තිබ්බේ නෑ.මන් පිස්සියෙක් උනා.තමුන් මාව පිස්සෙක් කලා.දිගින් දිගටම තමුන්ගෙයි එක එක ගෑනුන්ගෙයි ජරා කතා මට අහන්න දකින්න ලැබෙද්දි මන් කලේ වැලහින්නක් වගේ අඩපු එක.දුවව මේ අත් දෙකෙන් වඩාගන්නකල්ම මන් කලේ පිස්සියක් වගේ හැසිරුන එක විතරයි.ඒත් පුංචි තේශි මට අලුත් ජීවිතයක් දුන්නා.මන් අදත් මේ විදිහට ජීවත් වෙන්න ඒ අහිංසකී නිසා.ඔයාට පින් මට මගේ පන දුන්නට.. ඒත් මගේ දුවට වෙනස්කම් කරද්දි මන් ඉවසන එකක් නෑ තේහ්යුන්... මොකද ඒ තමා මගේ ජීවිතේ.මන් මේ ගේ මගේ සල්ලි දීලා අරගත්තා ඒ නිසා දැන් මේ ගෙදර අයිති මට.තමුන්ට මේ ගෙදර ඉන්න ඕන්නම් ඉන්නවා නැත්තම් යනවා.හැබැයි මේ ගෙදර ඉන්නවා නම් මගේ දරුවට වෙනස්කම් නොකර ඉන්නවා..."
YOU ARE READING
𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]
Fanfictionඅහිමි බව දැන දැනත් කොච්චර මිනිස්සු ආදරේ කරනවද? ඒ ආදරේ හරිම අවංකයි වගේම වේදනාකාරී එකක්... සංසාරගත බැඳීමක අවසන් හුස්ම...... The last day 🤍 ~kimsoha7...🤍~