chapter 5

312 85 43
                                    

"අන්යොන් තේශි ශි"

කොල්ලා තේරෙන භාෂාවෙන් තේශිට ඇහෙන්න කිව්වම තේශි හුරතල් විදිහට හිනා වෙලා තේහ්යුන්ට ආපහු ඔලුව නමලා ආචාර කලේ තේහ්යුන්ව තවත් හිනා ගස්සලා.

"ඒක නෙමේ කවුද මේ චූටි නෝනා"
_____________________________

තේහ්යුන් තේශිගේ මට්ටමටම නැමිලා හිනාවෙලාම තේශිගෙන් අහන්න උනත් තේශිගේ ප්‍රතිචාරය නිසා තේහ්යුන්ගේ මූන මැලවිලා ගියේ ඉබේටමයි.

"මාව මතක නැද්ද ඔයාත"

තේශි එහෙම අහලා මහ හයියෙන් අඩන්න පටන් ගත්තේ තේහ්යුන්ව හුගක් බය කරලා..

"මේ අහන්නකෝ චූටි බබා..... "

තේහ්යුන් තේශිව තමන්ගේ ලගට ලං කරගන්න හැදුවේ සනසවන්න හිතන් උනත්....

"චූටි මැනික ඇයි මේ.... ඇයි මගෙ රත්තරන් අඩන්නේ හ්ම්ම්.ශ්....ශ්.. දැන් අඩන එක නවත්තන්නකෝ."

තේහ්යුන්ට කලින් ඉක්මන් උන කෙල්ල ඉක්මනින් තේශිව තමන්ගේ තුරුලට අරන් සනසවන්න උනේ ලොකු දුකකින්.කෙල්ල හුගක් බය උනා තේහ්යුන් දරුවට වෙනස්කම් කරයි කියලා... ඉතින් මේ විදිහට චූටි තේශි අඩද්දි කෙල්ලට හිතුනෙම කෙල්ලගේ සැකය ඇත්තක් උනා කියලයි.

"ඔම්මා මාව මතක නැල්ලු අප්පත"

චූටි කෙල්ල ඔම්මට කේලම් කිය කිය අඩන්නේ තමන්ගේ අප්පට තමන්ව මතක නෑ කියලා දුක් වෙවී.ඒත් ඒ ඔම්මා තමන්ගේ දුවව සනසවන්නේ මොනා කියලද? තමන්ව බඩේ ඉද්දිම ප්‍රතික්ෂේප කරපු අප්පා ගැන මොනා නම් කියලා ඒ දුවව ඒ ඔම්මා සනස්වන්නද?

කෙල්ල අසරණයි.... හුගක් අසරණයි.... හයක් හතරක් නොතේරුන පුංචි පැටික්කි ඉකිගගහා අඩද්දි කෙල්ල කරේ පුංචි තේශිව නලවන්න සැනසුම් වදන් එක් අහු කරපු එක.

"අනි මැනික... මේ අහන්නකෝ.... ඔය ඉතින්.ඔයා දන්නවනේ අඩන්නේ නෝටි බබාලා.ඔම්මගේ තේශි ගුඩ් ගල් කෙනෙක් නේද?"

කෙල්ල දන්න කෝලම් ඔක්කොම කරලා තේශිව නලවන්න හැදුවත් කෙල්ල මේ පාර හැම වෙලේම අසමත් උනා... අප්පා ගැන කිය කිය අඩන තමන්ගේ පුංචි දුවව සනසවන්න ක්‍රම හොයන ඒ ඔම්මා කොච්චර නම් අසරණද?

𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]Where stories live. Discover now