chapter 3

328 83 56
                                    

පැය ගානක් දොර දිහා බලන් තමන්ව අතෑරලා ගිය ස්වාමිපුරුෂයා වෙනුවෙන් කදුලු හලපු කෙල්ල ඊලග මොහොතේ ශක්තිමත් වෙලා නැගිට්ටේ තමන්ගේ කුසේ වැඩෙන තේහ්යුන්ගෙන් ලැබුන එකම වස්තුවවත් රැකගන්න හිතාගෙන උනත් එසැනින් කෙල්ල සිහිනැතිව ඇදන් වැටුනේ මිස්ට කිම්ව හුගක් කලබල කරලා......

කෙල්ලට තමන්ගේ එකම ආදරේ වගේම තමන්ගේ දරුවවාවත්...........

නැතිවේවිද.........?
_____________________________

වසර 5කට පසු

"චූටි මැනික කෝ නැගිටින්න හොදටම උදේ වෙලා.චීකේ පස්සත් උඩ දාන් දොයියන් ඉන්න කැත"

ඇද උඩට වෙලා පස්සත් උඩ දාන් හුරතල් විදිහට නිදාගෙන උන්නු පුංචි තේශිගේ චූටි පස්සට හුරතල් පාරක් දෙන ගමන් කෙල්ල කතා කරන්න උනා.

"ඔම්මා අනේ මත දොයි මතයි"

පුංචි තේශි තව ටිකක් බෙඩ්ශීට් එක අස්සේ ගුලිවෙල ගමන් ඔම්මට කියන්නේ හරිම හුරතල් විදිහට.....

"ok එහෙනම් ඔන්න තව විනාඩි 15යි හොදේ"

"හලි ඔම්මා"

පුංචි පස්සට ආයෙත් පාරක් දීගෙනම කෙල්ල ඇදෙන් බැහැලා කාමරෙන් එලියට ආවේ හිනා වෙන ගමන්.

"කිම් තේශි"කෙල්ලට තේහ්යුන්ගෙන් ලැබුන එකම දේ පුංචි තේශි.මීට අවුරුදු 5කට කලින් මේ පුංචි සුරංගනාවිවයි කෙල්ලවයි අතෑරලා තේහ්යුන් යන්නම ගියේ කිසිම හිතක් පපුවක් නැති ගානට.එදා ඉදලා අවුරුදු 5ක් තිස්සේ කෙල්ල තනියෙන් තමන්ගේ දරුවවත් හදන් ජීවත් වුනේ ලොකු දුකක් හිත ඇතුලේ තියන්.

තමන්ගේ පලවෙනි දරුවව තනියම මාස 10ක් තිස්සේ රකින එක මේ ලෝකේ ඉන්න හැම ගෑනු කෙනෙක්ටම කරන්න අමාරු දෙයක් කියන එක නොරහසක්.ඒත් කෙල්ලට සිද්ද උනා ඒ අමාරු කාලෙට තනියෙන් මූන දෙන්න.කෙල්ලත් අනිත් තරුණියන් වගේම ඒ කාලෙදි තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් හම්බෙන්න ඕන රැකවරණය ආරක්ෂාව බලාපොරොත්තු උනා....

ඒත් කෙල්ල හොදාකාරවම දැනන් උන්නා ඒ දේවල් කෙල්ලට හීනයක් විතරක් වෙන බව.ඒ නිසාම කෙල්ල තමන්ගේ සියුමැලි ගතට සිත සමාන නොකර ඉන්න තීරණය කරා.අවුරුදු 5ක් තිස්සේ දුක කියන මයිනහමේ තැලෙන යකඩයක් උන කෙල්ලගේ හිත දැන් හුගක් ශක්තිමත්.

𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]Where stories live. Discover now