යාහ්හ් චීචූ....
වේහ්..... වේහ්...
මටමයි වෙන්නේ.... ඇයි ඉලව් දෙයියනේ මාවම කන්නේ...
මෙවන් අපහාසයක් හතුරෙක්ටවත් නොවේවා..
යාහ්හ් අයි වොන්න කිල් යු ටනිගුචි.
චීචූ බලන්න මට උන දේ.. ඒ බූරුවා.... i mean අර ටනිගුචි කිම් තේහ්යුන්.මන් හිතන් හිටියේ ඒ හරකට කොරියන් බෑ කියලා... ඒකා එහෙමනේ ඉතින් පෙන්නුවේ...
ඒත්.......
අද උන දේ දන්නවද චීචූ...
මෙහෙමයි හොදේ උනේ..
දැන් මේකනේ අර ගොන් උලම අපේ hospital එකට ඇවිත් සතියක් උනාට අපි දෙන්නා වචන දෙකකට තුනකට වඩා කතා කරලා නෑ... ඉතින් hospital එකේ දීර්ඝකාලීනව (තාම මාසයයි දෙකයි තමා ඒත් ඒ හරකට වඩා කල් හිටියනේ) වැඩ කරන වෛද්‍යවරියක් වශයෙන් මන් ගිහින් ඒකා එක්ක කතා කලා.නිකන් නෙමේ අර අපේ ගොන් නංගිගෙන් අහගත්තු මී හරක් ජපන් වලින් ටෝක් කලේ...
බට්... වැඩේ ඇනුනනේ සාම්ත.
"අරිගතෝ ගොසයිමස් තේහ්යුන්... ආ මේ සන්... නෑ මන් කිව්වේ තේහ්යුන්සන්"
මන් ඉතින් උදෙන්ම ගිහින් මනුස්සකමට good morning කිව්වා.මේ යකා මොකාද වගේ හිනා උනානේ... ඒත් මන් සැලුන්නෑ..
ඉම නන්ජි දෙස්කා තේහ්යුන්සන්?
මන් ඒම ඇහුවාම නම් අතේ තිබ්බ ඔරලෝසුව බලලා "හචිජි නිජුඉක්පුන්" කිව්වා... ඒත් ඒක මත තේලුන්නෑමයි.. හුම්ම්.
මන් අරකට නොතේරෙන්න බෙල්ල පිටිපස්ස කැසුවා නෙමේ කැසුනා.
ඇයි යකෝ නෙතේරෙන දේවල් කියද්දි වෙන මොනා කරන්නද?
මෙන්න මේකා ආයේ හිනා උනා.මන් තව ඉවසුවේ නෑ චීචූ... මන් ඉවසුවත් මගේ හැකර කට ඉවසුවේ නෑ.
"මොකද උලමො අහන අහන එකට හිනා වෙන්නේ.බොහොම අමාරුවෙන් මේ වචන දෙක තුනත් ගැටගහගත්තේ.... ඒකත් තවුසේ නිසාමයි.ඒකටත් තමුසේ හිනා වෙනවද ආ.. මහලොකුවට කියන්නේ නම් කොහොමද මාර ආචාරශීලී රට කියලා.. ඒත් කෙල්ලන්ට හිනා වෙන එක තමා සිරිත.මරු හැබැයි උමල් හිකනල් කැස්බෑවා."
කිව්වා නෙමේ චීචූ ඒක කියවුනා.. ඒත්..
"බොරු ජපන් කියද්දි හිනා නොවී අඩන්නද හලෝ.ඒ වුනාට තමුසේ මාර කියුට් අල්ලලා මිරිකන්න හිතෙනවා."
මෙන්න මූ කොරියන් කතා කරනවා.ඇයි චීචූ මටම වෙන්නෙ.විලිලැජ්ජාවේ සම්තෝසේ බෑ... යාහ්හ්හ් ඒ මදිවට මාව අල්ලලා මිරිකන්න... අම්මපා මූට..
"මොකක්ද මොකක්ද ආයේ කියනවා... මොකක්ද කිව්වේ... මාව රැවැට්ටුවා නේ? තමුසෙට කොරියන් පුලුවන් නේද? හිනකලා කැනහිලා මීමා අලියා කොටියා උරුලෑවා වලහා... යාහ්හ්හ් කිම් තේහ්යුන්සන් අයි වොන්න කිල් යු"
"මේකනේ බබා ලනු දෙන එක මගෙ වැඩක් ගිලින එක ඔයාගේ වැඩක්.."
ෆුහ්.. මේකා... මන් සැලුනද චීචු පිස්සුද නෑ...
"ජපානේ නේද හිටියේ මහත්තයා... තාම කොරියන් කෙල්ලො ගැන දන්නැති පාටයි.එහෙනම් අද දැනගන්නකෝ.... විහිලු කරන එක ඔයාගේ වැඩක් රිටන් දෙන එක මගෙ වැඩක් ඔය කකුලේ බාම් ටිකක් ගාගන්න බේබි උම්මහ්"
ඔව් ඔව් හිතුවා සරි චීචූ මගේ අගනා හයි හීල් එකෙන් ටනිගුචිගේ පාදය දෙකඩ වෙන්න පෑගුවා..
ආයේ නම් කෙල්ලන්ට ලනු දෙන එකක් නෑ මෝඩයා...
ඒත් පව් අනේ සිදුනද දන්නෑ....
යාහ්හ් තමුසෙට මොකද කිම් ජෙනී......
මන් එහෙනම් යනවා චීචූ ආයේ ඉක්මනට හම්බෙමු...
සරන්හෙයෝ...
මතු සම්බන්ධයි.....✍
YOU ARE READING
𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]
Fanfictionඅහිමි බව දැන දැනත් කොච්චර මිනිස්සු ආදරේ කරනවද? ඒ ආදරේ හරිම අවංකයි වගේම වේදනාකාරී එකක්... සංසාරගත බැඳීමක අවසන් හුස්ම...... The last day 🤍 ~kimsoha7...🤍~