2020.06.11

284 78 13
                                    

අන්යොන් චීචූ...

මට අසනීප වෙලා...

හොදටම උන.ඒ මදිවට බෙල්ල අල්ලන්න බෑ රිදෙනවා.ටිකක් ඉදිමිලත් එක්ක.දැන් සතියලුත් උනා.උණ බහින පාටක් නෑ.ඒ මදිවට හොදටම තෙහෙට්ටුයි ඇගට.

මගේ අනාගත හබියා නම් කෑගහනවා පැරසිටමෝල් බිබී ඉන්නැතුව බේත් ටිකක් ගන්නවා ඩොක්ට කෙනෙක් වෙලත් ඔහොමද හැසිරෙන්නේ කියලා.නැන්දම්මයි නෑනයිත් ඒ උත්තමයටම හරියනවා ඉතින්.

ඒත් බේත් ඕන්නෑ අප්පා..

චීචුට කියන්න අමතක උනානේ අපේ ආදරේට ගෙවල් දෙකෙන්ම කැමැත්ත දුන්නා... අම්බෝ අර මගෙ නිර්භීත ආදරවන්තයා නැන්දම්මා ඉස්සරහා ඇබරුනු ඇබරිල්ල.අම්මපා කෙල්ලෙක් වෙලත් මන්වත් එච්චර ඇබරුන්නෑ මගේ මාමන්ඩියා ඉස්සරහා.

අනේ ඉතිම් මයෙ ලැජ්ජ බයට හැදුනු කොල්ලා..

වෙන නැත්තම් ඉතිම්.

මොනා උනත් දැන් නම් චෙකප් එකක් කරගන්නත් හිතෙනවා.අර පිස්සු හෝන්තුවගේ කියවිල්ල නිසාමද කොහෙද?

එහෙනම් බායි චීචූ.... හුගක් ලියන්න බෑ මහන්සියි.... නිදිමතයි...

(ඕතර්ටත් දොයි මතයි 😒)

මතු සම්බන්ධයි......✍

𝚃𝙷𝙴 𝙻𝙰𝚂𝚃 𝙳𝙰𝚈 🤍 [complete]Where stories live. Discover now