At bebaya's house .....
Bena-අනේ ඔප්පා ඔයාට බූසාන් යන්නම ඕනෙද..මට නිටා ගිහාම පාලුයි..
Nita- අනේ රනූ ඔප්පා මටත් බෙනායා එක්ක මේ ගෙදර ඉන්න ඕන..
Ranu- මේ පිස්සු කතා කරන්න එපා අප්පා..එහෙනම් ඔයා ඉන්න මට බිස්නස් වැඩ බලන්න තියනවා මම හෙට යනවා බුසාන්...
Bena- ඕන මගුලක් කර ගන්නවා.ආයෙ මන් එක්ක කතාකරන්නවත් එපා ඔයා..
ඔප්පලගෙ වෙඩින් එකෙන් පස්සෙ දවස් තුනක් විතර ඔප්පයි නිටයි අපේ ගෙදර හිටියෙ මගේ කන්කරච්චලෙන් බේරෙන්න.එයාලා බූසාන් වල වෙනම ගෙයක් ගත්තා..හෙට තමා එයාලා ඒකට යන්නෙ..මට ඔප්ප නැතුව තනියෙන් ඉන්න බෑ..ඒ නිසාම මම හැමදාම ඔප්ප එක්ක රන්ඩු කරා යන්න එපා කියලා...
අපි තුන් දෙනා සාලෙට වෙලා රන්ඩු කර කර ඉදලා.ඔප්ප යනවමයි කියපු නිසා මම අඩාගෙන කාමරේට දිව්වෙ තවත් ඔප්පට කියලා වැඩක් නැති නිසා..මම කාමරේට ගිහින් හන් ගග ගාවට යන්න හිතන් අත් දිග ටී එකකුයි ඩෙනිමකුයි ඇදන් කැප් එකකුත් දාන් ගෙදරින් ආවෙ ඔන්නි වගේම ඔප්පත් හෙට මගෙන් ඈතට යන දුක නැතිඅරගන්න හිතන්..
මම ටික වෙලාවක් හන් ගග ගාව තියන බෙන්ච් එකේ වාඩි වෙලා ඇඩුවා.මට වෙන කරන්න දෙයක් නෑ මේ වෙලාවෙ...මම ටික වෙලාවක් එතන ඉදලා කැෆේ එකට යන්න කියලා එතනින් එද්දි කපල් එකක් එතනින් ගියා ඒ කෙල්ල අතේ තිබුන අයිස්ක්‍රම් එක මගේ ඇගේ හැමතැනම ගෑවුනා...මම හොද දෙකක් කියන්න හිතන් ඔලුව උස්සලා බැලුවත් ඒ ඉන්න කෙනාව දැකලා මගේ ඇගම ගල් වෙලා ගියා...
Bena- සියොන් ඔයා.............
මගෙ කටින් පිට වුනේ ඒ වචන දෙක විතරයි..මගේ ඇස් වලින් නොනවත්වාම කදුලු කැට පනින්න ගත්තා...
YOU ARE READING
💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)
Fanfictionමිත්රත්වය සහෝදරත්වය ආදරය හමුවේ ගලායන ජීවිත රැසක ආදරණීය නවාතැන්පලක් ආදරය සිහිනයක් පමණක් නොවන බව ඔප්පු කළ පරිච්ඡේද කිහිපයක්....✍️💖