ජේකේ කා එක ඩ්රයිව් කරන් කෙලින්ම ආවෙ බෙනායගෙ ගෙදරට..ඒ වෙද්දිත් ජිමින් හොබී දෙන්නා බෙනායගෙ ගෙදරට ඇවිත් හිටියා....කොල්ලා ගෙදරට ඇවිත් ඩෝ බෙල් එක ගහන්න ගත්තෙ පිස්සු හැදිලා වගේ.....ටික වෙලාවකින් ඔශී ඇවිල්ලා දොර අරිද්දි කොල්ල දොරත් තල්ලු කරන් කඩාගෙන ඇතුලට ආවා.....
"ඔශි බෙනායා එයා කෝ....එයාට මොකද වෙලා තියන්නෙ..."
ජේකේ උස් හඩින් ඔශීගෙන් අහද්දි ඔශී අත දික් කරේ උඩ තට්ටුවට ..ඔශී දිහා බලද්දි ජේකේට තේරුනා කෙල්ල අඩලා ඉන්නෙ කියලා...ඒ හැමදේකින්ම ජේකේගෙ හිත තව තවත් කලබල වුනා....කොල්ලා අඩියට දෙකට පඩිපෙල නැගලා හැම රූම් එකකම දොරවල් ඇරලා පිස්සුවෙන් වගේ බෙනායව හෙව්වා .....ඒ එක්කම එක කාමරේක දොර අරිද්දි කොල්ලා දැක්කෙ ඇදේ නිදාගෙන ඉන්න බෙනායවයි බෙනායාගෙ නලල තෙත රෙද්දකින් තවන හොබීවයි ඒ දිහා බලාගෙන ඉන්න ජිමින්වයි.....ජේකේ දොර ඇරපු සද්දෙට හොබී ජිමින් දෙන්නා ගැස්සිලා ජේකේ දිහා බැලුවා......ජේකේ ගාවට ආපු ජිමින් කොල්ලව අල්ලගත්තෙ බෙනායා නිදි නිසා කොල්ලා කලබල කරයි කියලා බයට.....
"ශ් ...කුකී සද්ද කරන්න එපා කෙල්ල නිදාගත්තෙ සෑහෙන්න අමාරුවෙන් ඉදලා...."
ජිමින් දිහා බලපු ජේකේ හිමින් හිමින් බෙනායා ලගට යද්දි ඇදේ වාඩි වෙලා හිටපු හොබී එතනින් නැගිටලා ජිමින් ගාවට ආවා..බෙනායාගෙ අතින් අල්ලන් ලගින් වාඩි වුන ජේකේ ඇස්වල කදුලු පුරෝගෙන කෙල්ල දිහා බලන් හිටියා....
YOU ARE READING
💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)
Fanfictionමිත්රත්වය සහෝදරත්වය ආදරය හමුවේ ගලායන ජීවිත රැසක ආදරණීය නවාතැන්පලක් ආදරය සිහිනයක් පමණක් නොවන බව ඔප්පු කළ පරිච්ඡේද කිහිපයක්....✍️💖