EPISODE 58💓

158 14 19
                                    

Hobi " ජිමින් දැන්වත් කියනවද...

ජින් ටේ දෙන්නත් උන්නු තැන්වලම බිම වාඩි වුනේ හිතේ වේදනාව වචනවලින් පිට කරගන්නවත් බැරි නිසා...මේ හැමදේම දිහා නිහඩව බලන් හිටපු හොබී කිව්වෙ ජිමින් දිහාට හැරිලා ඒ එක්කම ජිමින් ආයෙම කතාව පටන් ගත්තා.....

" ජේකේ ඔයාට මතකද එදා රෑ අර මිනිස්සු වගයක් බෙනායට කරදර කරන්න හදලා අපි දෙන්නා ඔයාගෙ ගෙදරට එක්කන් ගියෙ..එදා ආපු ඩොක්ටර් මගේ යාලුවෙක්. මම එයාව ගිහින් දාන්න යද්දි ඩොක්ටර් කිව්වා එයාට බෙනාගෙ මොකක් හරි වෙනසක් දැනෙනවා කියලා.ඒ නිසා මම දවසක් දිල්කි නූනාට කෝල් කරලා ඔක්කොම දැනගත්තා..ඒ නිසා තමයි ඔයා බෙනාට ඕනවට වඩා ලං වෙනවට මම ටිකක් අකමැති වුනේ මම දැනගෙන හිටියා ඒක ඔයාලා දෙන්නටම කවදාහරි ප්‍රශ්නයක් වෙයි කියලා ...

ජිමින් ජන්කුක්ගෙ අතින් අල්ලන් කියද්දි හැමෝටම සිද්ධ වෙලා තියන දේ හොදට තේරුම් ගියා...

###################

බෙනායව ඇමරිකාවට එක්කන් ඇවිල්ලා දවසකුත් ගත වුනා කෙල්ලව නවත්තලා තිබුනෙ ජීහු කලින් වැඩ කරපු හොස්පිටල්එකේමයි ..කෙල්ලො ටික කතා වුනේ ආයෙ කොරියා යනකම් මොනාහරි පොඩි රස්සාවක් කරමු කියලා බෙනාගෙ ඔම්මයි අප්පයිත් ඇමරිකා හිටියත් කෙල්ලගෙ තත්වෙ හොද අතට හැරෙනකන් එයාලට මේ ගැන කියන්න එපා කියලයි රනූ කිව්වෙ...කට්ටියම හිටියෙ ඇමරිකාවෙ තියන හැරීගෙ අප්පට අයිති එපාර්ට්මන්ට් එකක...

"මැණික ඔයා ඇයි නැගිටින්නෙ නැත්තෙ.දැන් ඔහොම හිටියා ඇති අපිට ගොඩක් පාලුයි..ඔයා දන්නවද ඔයාගෙ ඩයරිය මම ජන්කුක්ට දුන්නා..ඒක ලැබෙන්න ඕන එයාටකියලා මට තේරුනා.මේ වෙනකොටත් එයා ඒක කියවලා ඇති.මම වෙනුවෙන් නෙමෙයි ජන්කුක් වෙනුවෙන් ඔයා නැගිටින්න එයාට මේ දේ දරාගන්න බැරි වෙයි මැණික..."

හැරී පුලුවන් හැමවෙලාවෙම හිටියෙ බෙනායා ගාව..හැරී විතරක් නෙමෙයි කෙල්ලො ටිකත් කිසිම වෙලාවක බෙනායට  තනි වෙන්න ඉඩ දුන්නෙ නෑ...සිහියක් පතක් නැතුව ඔහේ ඇදේ වැතිරිලා ඉන්න බෙනායගෙ ඔලුව අත ගාන ගමන් හැරී හැමදාම තමන්ගෙ හිතේ තියන වේදනාව කෙල්ල එක්ක කියනවා

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)Where stories live. Discover now