EPISODE 53 💓

146 16 22
                                    

"ඩීල් එකකට....

" මොකද්ද ඔයාට මාත් එක්ක් තියන ඩීල් එක.."

මයිකල් දිහාට බරවෙලා බැරෑරුම් විදිහට හැරී ඇහුවා...

" ඔයා දන්නවනෙ මගේ නංගි මැරි කරන්න ඉන්නෙ ජන්කුක්ව ඒත් ඌ මේ කොහෙවත් යන කෙල්ලෙක්ගෙ පස්සෙ වැටිලා මගේ නංගිව මග අරිනවා.."

"ඉතින්...ඒකට මම මොනාද කරන්න ඕන.."

" බෙනායා කියන්නෙ ඔයාගෙ හොදම යාලුවා වුනාට ඔයා ඒ කෙල්ලට කැමැත්තෙන් ඉන්නවා කියලා මම දන්නවා.ඔයාට කරන්න තියන්නෙ කෙල්ලව ජන්කුක්ගෙන් ඈත් කරලා ඔයාට ලං කරගන්න එක විතරයි.."

පැත්තට හිනාවක් දාලා මයිකල් කියද්දි හැරීගෙ අත් මිට මෙල වුනා....

" තමුසෙගෙ නංගි නිසා අර අහිංසකී ගොඩක් විදෙව්වා අනික මට කාගෙවත් ආදරයක් බලෙන් අයිති කරගන්න කිසිම උවමනාවක් නෑ..තමුසෙගෙ නංගිත් ජේකේට ලව් කරනවා කියලා කරන්නෙ තවත් ඒ මනුස්සයට ඒකිව එපා කරගන්න එක..තමුසෙලා ජන්කුක්ගෙ ඇගේ එල්ලෙන්න හදන්නෙත් එයාගෙ සල්ලි නිසා කියලා මම හොදටම දන්නවා.."

" එතකොට මිස්ට හැරී මේකට කැමති නැද්ද..."

"පිස්සුද මනුස්සයො..තමුසෙ හිතුවද මාත් තමුසෙ වගේ මිනිහෙක් කියලා..බැහැපන් මගේ ගෙදරින් එලියට..."

ඉදගෙන හිටපු තැනින් නගිටලා තරහෙන් කියද්දි මයිකලුත් හිනා වීගෙනම නැගිටලා හැරීට කිට්ටු වුනා...

"එහෙමම් උබලා ඔක්කොම විදවන්න ලෑස්ති වෙලා ඉදපන්..උබ පසුතැවෙයි මේකට කැමති වුනේ නැතිඑකට..කෙල්ලව පාරිස්සම් කරගන්න මම උබට චාන්ස් එකක් අරන් දෙන්න හැදුවෙ ඒත් මිස්ට හැරී මට සද්දෙ දානවා නේද...හරි බලාගමු.."

" මොනා බලාගන්නද මිනිහො පුලුවන් දෙයක් කරපන්..හැබැයි උබ ඒ කෙල්ලට අතක් හරි තියලා තිබ්බොත් ජන්කුක්ට කලින් මමයි උබව බාවන්නෙ ඒක මතක තියාගනින්.."

මයිකල්ගෙ ශර්ට් එකේ කොලර් එක අල්ලගෙන හැරී දරුණු විදිහට කියලා අත් දෙක අහකට අරන් ආයෙ ශර්ට් එක තිබුන විදිහටම හැදුවා....

" දැන් පලයන් අර තියන්නෙ දොර ආයෙ මගේ ගෙදරට එන්න තියා හිතන්නවත් එපා.."

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)Where stories live. Discover now