ජේකේ නැම්ජූන්ට කෝල් කරත් කොල්ලා බෙනායාව බලන්න ආවෙ නෑ..ඒ නිසා ජේකේ බෙනායා එක්ක ටික වෙලාවක් ඉදලා රූම් එකෙන් එලියට එද්දි දැක්කෙ ලග පුටුවක ඉදගෙන ඉන්න හැරීව...ජන්කුක් දොර ඇරන් එලියට ඇවිත් හැරී දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා කොල්ලා ගාවට ගියා ....
" තැන්ක් යූ හැරී කරපු උදව් වලට...."
සාකුවට අත් දෙකත් දාගෙන ජන්කුක් කියද්දි හැරී කට කොනකින් හිනාවෙලා ජන්කුක්ගේ ඉස්සරහින් හිටගත්තා....
"බෙනායාගෙයි ඔයාගෙයි තියන සම්බන්දෙ මොන වගේ එකක්ද කියන්න මම දන්නෙ නෑ ඒත් ඔයාට කලින් බෙනායා මගේ යාලුවා උනේ.ඒ නිසා මොන දේ උනත් මම බෙනායව ආරක්ෂා කරනවා....අහ් තව දෙයක් අර ජෙසී කියන ගෑනිට පරිස්සම් වෙලා ඉන්න කියන්න..."
හැරී යන්න හදලා ආයෙම ජේකේ දිහාට හැරිලා කියලා හිනාවෙලා බෙනාගෙ රූම් එකට ගියා.....
ටික වෙලාවක් හැරී ගියපු දිහා බලන් හිටපු ජේකේ ලිෆ්ට් එකේ නැගලා පහලට එද්දි නැම්ජූන් හිටියෙ කා එකට වෙලා ජේකේ ඉක්මනින් ඇවිත් කා එකට නැග්ගා....
"හ්යුන්ග් ඇයි ආවෙ නැත්තෙ..."
" මම කිව්වෙ ඔයා එක්ක යන්න එනවා කියලා මිසක් බෙනායා බලන්න එනවා කියලා නෙමෙයිනෙ...මන් පස්සෙ වෙලාවක නෑනව හම්බෙන්නම්කො කොහොමත් මට එයා එක්ක කතා කරන්න ඕන...."
නැම්ජූන් කියපු විදිහ ඇල්ලුවෙ නැති නිසා ජන්කුක් ඔලුව වැනුවා ඇරෙන්න මුකුත් කියන්න ගියෙ නෑ
####################
ජෙසී සිංදුවකුත් මුමුන මුමුන රූම් එකට වෙලා ටීවී බල බල ඉද්දි එකපාරටම දොරත් ඇරගෙන ආවෙ ජීහ්යුන් .....
" ජෙසී තමුන් මොකද්ද ඒ කරපු ජරා වැඩේ.."
ජීහ්යුන් ජෙසීගෙ අතින් ඇදලා නැගිට්ටන ගමන් තරහෙන් අහද්දි ජෙසී අත දිහායි ජීහ්යුන් දිහයි මාරුවෙන් මාරුවට බැලුවා ...
" ලැජ්ජ නැද්ද ජෙසී...තමුන්ට මන් සලකන්නෙ මගේම නංගිට වගේ තමුසෙ කොහොමද ඔහොම ජරා වැඩ කරන්නෙ...මේවා තමුගෙ අර ඔප්පත් දන්නවද ..."
"මේවට මගේ ඔප්පාව අල්ලගන්න එපා ..අනික මම මොනාද කරේ..."
" නිකම් බබෙක් වෙන්න එපා ජෙසී...තමුසෙත් කෙල්ලෙක් නේද කොහොමද තවත් කෙල්ලෙක්ට එහෙම කරන්නෙ තමුන් කොහොමද ඔහොම නපුරු වුනේ....."
YOU ARE READING
💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)
Fanfictionමිත්රත්වය සහෝදරත්වය ආදරය හමුවේ ගලායන ජීවිත රැසක ආදරණීය නවාතැන්පලක් ආදරය සිහිනයක් පමණක් නොවන බව ඔප්පු කළ පරිච්ඡේද කිහිපයක්....✍️💖