"ආලී.....ආලී....පරක්කු වෙනවා කෙල්ලේ....මට උදේම පන්තියක් තියනව...."
"මම එනෝ ශුඩූ ...."
බෑග් එක සොෆා එකට විසික් කරලා මම පඩිපෙලා අත් වැටේ ලිස්සලා පල්ලෙහාට ආවා ...යද්දි මගේ ශුඩූ හෝන් එක උඩ නැගගෙන්...
"ඔච්චර හෝන් ගහන්න එපා...මං එනෝ....."
"අම්මපා...මෙකිව හදන්න බැරි හැටියක්....ආලී ..ඊලග දවසෙ මම ඔහෙව නාවනවා උදේම...බ්ලෑ...බ්ලෑ...බ්ලෑ....."
එයා හැමදාම වගේ එයාගේ දේසනේ පටන් ගත්තා....ඒ කරදර අස්සෙ මම කව්ද කිව්වෙත් නෑනේ...මම අයිලා....ලස්සන නමක් නේද...නම වගේමයි මමත්....මට ආලී කිය කිය අවමන් කරලා මට බැන බැන ඉන්නේ මගෙ හාට්ටුව දෙකට කැඩුවම ඒකෙ කෑල්ලක් හෙවත් මගේ ශුඩූ හෙවත් මගේ අයියා හෙවත් ඇරෝ හෙවත් මගේ ඉංග්‍රීසී සර්....මම ඉගන ගන්න යුනි එකේ ඉංග්‍රීසි සෑර් අපේ අයියා...ඒමයි කියලා මට කිසි බුරුලක් නැ පෙන්ස්...
අපේ අයියා උදෙ පාන්දර යන්නේ එයා ඉස්කෝලේ ලමයින්ට ක්‍රීඩාත් උගන්නනවා....ඒකයි...එයා ගොඩක් දක්ශයි ක්‍රීඩා වලට...අපේ ඉස්කෝලේ හැම ස්පෝර්ට් ටීම් එකකටම ගොඩක් අය ඉන්නේ අයියාගේ හැකියාව නිසා නෙමේ ලස්සන නිසා...ඔව්..මගෙ ලස්සනෙන් අටෙන් පංගුවක් විතර අයියට තියනවා...
මා ගැන කීවොත්...තත්වය සෝචනීයයි...අයියා ඉංග්‍රීසි සර් වෙලත් ඉස්කෝලෙම ඉංග්‍රීසි වලට අඩුම ලකුනු මට....මටත් ක්‍රීඩා පුලුවන්...ඒත් උවමනාවක් නෑ...මම කම්මැලියි....හිතුනොත් හොදට ක්‍රීඩා කරනවා නැත්තං නෑ....
"ආලී...බහිනවා...."
"ආව් ශුඩූ...මගෙ කන...."
මම අයියගෙ කනටත් හූ කියාගෙන කාර් එකෙන් බහිද්දි දැක්කේ මගේ හාට් එකේ අනික් කෑල්ල...මගෙ ලව් එක...
"අඩෝ ....භල්ලෝ....".
මම අත වනලා කෑ ගැහුවා....ඉන්න තැන අදාලම නෑ...
"අඩූ....එලු පැට්ටෝ..."
මයෙ ලව් එක මාව බදා ගත්තේ සොමාලියාවට දාපු පාන්කෑල්ලක් වගේ....
මහේ භල්ලාගේ නම හැඩ්ලි...ආදරෙට කියන්නේ හැඩී...හැන්ඩ්ල් එක කියලා...ඊට අමතරව භල්ලා...හිකනලා වගේ කියූට් සත්තුන්ගෙ නමුත් කියනවා....එයත් ඇරපු අතක් නෑ..මමම තමා...
"හැඩී....කෝමද නිවාඩු කාලේ..."
"වරදක් නැ කෙල්ලේ....කෝමද ඔයාට."
"අයියාගෙ ඉංග්‍රීසි පාඩම් තම...සුද්දව බෙල්ල මිරිකලා මරන්න හිතෙන්නෙ මට."
🌝🌹
YOU ARE READING
With You Again✔✔
Short Storyලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....