මම වොශ් රූම් එකෙන් එලියට ඔලුව දාලා බැලුවේ ගිනි කුකුලා ඉන්නවද කියලා.....පේන්න නැති හින්දා මම හිමිට වොශ් රූම් එකෙන් එලියට ආවා...
සද්දයක්වත් නෑ හැබැයි නිදි ඇති...මම හිමීට යද්දි ....
🔥 කොහෙද ඔය හොර පූසි වගේ යන්නේ...
ඈහ්...කොහෙන්ද ඒ වොයිස් එක...ආ...පිටිපස්සෙන්...
💧 අ...නිදාගන්න යන්න ගියේ...
🔥 මේසේ උඩ කෑම ඇති...කාලා නිදාගන්න...ම්ම්...ආය කොල්ලෙක් එක්ක කාමරේ ඉද්දි ඔහොම අදින්න එපා...දැනට එච්චරයි...මම යනවා නිදාගන්න...බිත්තිය අයින මගෙ...රයිට්..
මම මුකුත් කියන්න කලින් ගිනි කුකුලා කියවන් ගියේ අහක බලාගෙන...එයා කිව්වට පස්සෙයි මට එයා කිව්ව කතාව තේරුනේ...ගෙදර පුරුද්දට මම ඇදන් හිටියෙ දනිස්සෙනුත් උඩට තියන ශෝටයි අත් හීනිම හීනි බඩ ගාවට තියන බ්ලවුස් එකයි...රෑට කාමරේ තනියෙන් ඉද්දි මාව බලන්න කව්රුත් එන්නෙ නෑනේ...ඉතින් මම මේක තමා අදින්නේ...හැබැයි...මට ඒකෙන් හිතුනා...එයා හොද කොල්ලෙක් කියලා...
Roy pov......🔥
මාව පාලනය කරන්න පුලුවන් එකම කෙනා....මගේ උපරිම රස්නය දරා ගන්න පුලුවන් එකම කෙනා...මගේ කදුලු දැක්ක එකම කෙනා...මගෙ මියා...
එයා ඒ දවස් වල වගේමයි....කිසි වෙනසක් නෑ...දග එකෙත් හොදම එක...ඉස්සර වගේම මාව තරහ ගස්සන එකමයි කරන්නේ...මාව ගනන් ගන්නෙත් නෑ...ඒත් ඩීනා එක්ක කතා කරද්දි ඔය මූන රතු වෙනවා මම දැක්කා...ආත්ම දෙකක් උනත් මියා මියාම තමයි .....කිසි වෙනසක් නෑ....
ඔයාව දැක්ක පලවෙනි දවසෙ ගුරුවරයෙක් විදිහට මට කිසි ගරුත්වයක් නැතුව කතා කරද්දි මම දැනගත්තා ඒ ඔයා කියලා...මොකද අපිට උගන්වපු මාස්ටර් ආරේන්ට ඔයා පොඩ්ඩක්වත් ගෞරව කලේ නෑ....ඔයා තමා අපේ දගකාරි...(😅කාවද මතක් උනා)
ඔයා අද ඉන්න විදිහ දැක්කම මම පාලනය උනේ කොහොමද හිතන්න මටවත් බෑ... .ඔයාව දැක්කම මට ඕන උනේ ඉස්සර වගේ ඉන්න....ඒත්...ඔයා දැන් මගේ බිරිද නෙමෙයි...අඩුම පෙම්වතියවත් නෙමෙයි....මට ඔයාට අත තියන්නවත් අයිතියක් නැහැ මියා...මම කැමතිත් නෑ ඔයාගේ අකමැත්තෙන් ඔයාව සිපගන්නවත්...
ඇරෝවත් නොදන්න අපේ රහස ඔයාට මතකද....ඇරෝවයි හැඩ්ලිවයි පුදුම කරමු කියලා නොකියා හිටපු රහස...
මාස දෙකක් වත් නැති අපි දෙන්නාගෙ පැටියා ඔයා එක්කම නැති වෙද්දි මට කොයි තරම් වේදනාවක් දැනුනද දන්නවද....
ඔයා...ටාරා...රිඩච්....තාම ලෝකෙවත් නොදැක්ක අපේ පැටියා...ඔක්කොම එක පිට එක නැති වෙද්දි මට දැනුන ඒ වේදනාව කියන්න වචන නෑ....මම ඔයාලව හොයා ගන්න කල්ම හිටියේ මල මිනියක් වගේ....එදා ඇරෝ කිව්වා එයාගේ නංගිව ගෙදර ගිහින් පෙන්නන්නම් කියලා....ඒත් පන්තියෙ චුයිම්ගම් කකා මේසෙන් කකුල් තියන් ඉන්න පන්තියෙ අන්තිමයා උන ඒ දගකාර ඇස් දකිද්දි මට ආය පන ආවා...ඔයාට සිහිනැති උන දවසෙ මට බය හිතුනා ආය ඔයාව නැති වෙයි කියලා....
මම කීයටවත් ආය ඔයාව නැති කරගන්නෙ නෑ මියූ....මම ඇස් වලින් ගලන කදුලු පිහාගෙන ඇද මැද්දෙන් කොට්ට පේලියක් තිබ්බෙ මට මාවවත් ශුවර් නැති හින්දයි....මම කැමතු නෑ එයාගේ අකමැත්තෙන් එයාට අතක්වත් තියන්න....
ඉස්සර වගේමයි...ලැජ්ජා හිතෙන දෙයක් කිව්වට මේ කෙල්ලට ලැජ්ජා හිතෙන්නෙ නෑ...
පිස්සු හෝන්තුවක්....මේක කලින් එකටමයි එන්නෝනෙ...බාගෙට ඇවිත් තියෙන්නෙ...
😪 රෝයි පව් නේද ලමයි...එයා මොන තරම් දුකක් දරන් ඉන්න ඇද්ද....යාලුවෙක්...සැමියෙක්...තාත්තෙක් විදිහට....
🙂 අද frist time රෝයිගෙ පැත්තෙන් කතාව දෙන්න හිතුනා...එයා ගොඩක් සෙල්ලක්කාරයෙක් වගේ පෙනුනත් ඒ සෙල්ලක්කාරකමට යටින් ලොකු වේදනාවක් තියනවා...
YOU ARE READING
With You Again✔✔
Historia Cortaලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....