ටිකකින් මගේ ශුඩූ ආවා...පන්තියෙ ලමයි ඔක්කොම අපි දිහා බලන් හිටියේ...
ශුඩූ සෑර් දිහා බලලා හිනා වෙලා මට රැව්වා...පුෆ්..මට දැන් කුඩම්මගෙ සැලකිලි...යන්කො ගෙදර...අද ඉස්ටු දානවා තවුසෙව....
☇ රෝයි...මම හිතන්නෙ ඔයා මට එන්නෙ කිව්වේ මේ හොල්මනගේ වැඩකට...
ශුඩූ කිව්වේ ඇස් වලින් මාව පෙන්නමින්..එතකොට සර්ගේ නම රෝයි...
සර් අපි දෙන්නව පන්තියෙන් එලියට එක්කන් ගියේ අනිත් ලමයින්ට හදන්න ගානක් දීලා...මගේ නැට්ට වගේ ඉන්න හැඩ්ලිත් මගෙ පස්සෙන්ම ආවා...☇ ආලී...මොකක්ද මේ පාර කරේ...
මම සද්ද නැතුව හිටියා...මම ආලි නෙමේනේ...හුම්...
☇ ආලී...
💧 මම අයිලා....ආලි නෙමේ...
☇ මේ ගෙදර නෙමේ...රයිට්..
මම එයාට දිව දික් කරා...අලුත් සර් හිනා වෙනවා හැඩ්ලි ඔලුවෙත් අත ගහන්..
🔥 ඇරෝ...ඔයාට නංගි කෙනෙක් ඉන්නවා කියලා මම දන්නවා...ඒත් මම කවදාවත් හිතුවේ නෑ ඒ මෙයා කියලා..මම හිතුවේ අර ඩීනා වගේ කෙල්ලෙක් කියලා...
ඩීනා යනු,
ලා කහ පාට කැරලි කොන්ඩයක් තියන හොදට ඉගන ගන්න සෝබනකාර කෙල්ලෙක්...💧 පුෆ්...ඔයාට හිතන්නවත් පුලුවන්ද සර් මගේ ශුඩූ වගේ අහින්සක කොල්ලෙක්ගෙ නංගි අර ඩීනා වගේ වෙයි කියලා...
☇ ආලී...මේ ඔයාගේ ගුරුවරයා...කියන දේ අහන් ඉන්න...
💧 හා...
🔥 මෙහෙමයි ඇරෝ...මේ කෙල්ල හෝම් වර්ක් මුකුත් කරන්නේ නෑ..මට හිතාගන්න බෑ මෙයා මොන වගේ කෙනෙක්ද කියලා...
☇ මටත් ඔය ප්‍රශ්නෙමයි තියෙන්නෙ බං....කියන මෙලෝ දෙයක් අහන්නෙ නෑ...
🔥 ම්ම්...මම හදලා ගන්නම්කෝ...
සර් කිව්වේ ඇහි බැමකුත් උස්සන්...හිතේ ඇති මාව හදන්න...මම හදනවා තමුන්ව...හහ්...කාටවත් බෑ මේ ආලීගේ තියරිය වෙනස් කරන්න...
💧 ඔයා කවුරු උනත් මාව වෙනස් කරන්න බෑ....
🌱 අයියෝ ආලී...මේ ඉස්කෝලේ අනේ...අහල පහල මිනිස්සුත් බලන් ඉන්නවා...
🔥 අ...ඔයා කවුද...මෙයාගේ යාලුවා උනාට ඔයා නම් වැඩ හොදට කරලා තිබ්බා...ඔය කොච්චි කරලත් යාලුවා දිහා බලලා හැදෙනවා...
💧අංක එක...මම කොච්චි කරල නෙමේ..අංක දෙක මගේ හැඩ්ල් එක ඔයා අදුරගන්න ඕන නෑ...
🔥 මොකක් ..
☇ ආහ් ....එයා කියන ඒවා ගනන් ගන්න එපා බං...මගේ නංගි අයිලා...මේ එයාගේ හොදම යාලුවා හැඩ්ලි...කෙල්ලනේ මේ රෝයි...මගේ හොදම යාලුවා...
💧 අදුනා ගැනීම කිසි සතුටක් නෑ...
හැඩීගේ අතිනුත් ඇදගෙන මම එතනින් ගියේ තරහින් පුපුර පුපුර...හහ්...කොච්චි කරල...එයා කවුද මට එහෙම කතා කරන්න..ඔය ඔටු රිලවා...අහර්...මම කනවා ඕකාව...රෝයි..ම්ම්...හොද නික් නේම් එකක් ඕන...ගිනි කුකුලා...වාව්..මරු...
🌱 ඒයි..ආලි...ඔයා ඔය භයානක හිනාව දැම්මේ ඇයි...
හැඩී මාව අතින් ඇදලා නතර කරා..
💧 අර අලුත් සර් අද ඉදන් ගිනි කුකුලා..රයිට්..
🌱 ඒ සර් හොදයි වගේනේ...
💧 ඔයාට හැමොම හොදානේ...
🌱 මෙන්න මෙහෙ එනවා පන්තියට යන්න...
හැඩී මගේ අතින් ඇදන් පන්තියට ගියා...අනේ මන්ද...ගිනි කුකුලා කිව්වා වගේම හැඩ්ලි මගේ හොදම යාලුවා උන එක මටත් ප්‍රශ්නයක්...මොකද හැඩ්ලි තමා හැමපාරම පන්තියෙ පලවෙනියා...එයා හොදට ඉගන ගන්න තැන්පත් අහින්සක කෙල්ලෙක්...මම ඊට සම්පූර්න විරුද්ද පැත්ත...
ආයමත්..
එයාලා එකතු වෙයිද...
YOU ARE READING
With You Again✔✔
Kısa Hikayeලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....