8

168 31 4
                                    

තැනින් තැන පැච් ගිය ඩෙනිමයි මුහුදු නිල් පාට බ්ලව්ස් එකයි දාන් මම පහලට එද්දි රෝයි පොතක් කියෝනවා..මේකා නම් මාර යකෙක්...පොත් වලින් තොර ලොවක් නෑනේ...

💧මේ මිස්ටර් අපි යමුද...

🔥 හ්ම්...

මටත් ඔරවන් පස්සත් ගස්සන් ගිනි කුකුලා බයික් එකට නැග්ගා...අම්මෝහ් ඒ ගැස්සිල්ල...කම්පියුස් ආ...ඈ...බයික් එකේ....හරිනේ..අර හෝහපුට්ටා කාර් එක උස්සන් ගිහින්නේ...

🔥 නගිනවා...

💧 මේ තමුසේ මන් ඉන්නවා කියලා හිමින් යන්න ඕන නෑ...රයිට්...ලෑල්ලට පාගලා යමු ..

මම බයික් එකට නගිද්දිම කිව්වා...😌මම වෙනස්...කොයි තරම් සෝක්ද අනේ...හයියෙන් හුලග කපාගෙන බයික් එකක යද්දි....
රෝයි මොනා නැතත් ඒ වැඩේ නම් ටොප් එකට කරා...මූ වාහනේ පැද්දේ අහසේ...ඒ තරම් වේගෙන් ගියේ...අවසානෙට අපි පාර්ක් එකට ආවා....

🔥 පාර්ක් ඇවිත් මොනාද කරන්නේ...

ඇහ්...මොකක්ද යකෝ ඒ ඇහුන ගොං ප්‍රස්නේ...

💧 ඔයා පාර්ක් ගිහින් නැද්ද...

🔥 මට ඕවට වෙලාවක් නෑ...

💧 ඔව් ඔව්...තමුසෙගෙ වැඩේ පොතක ඔලුව ගහන් ඉන්න එකනේ....දැන් ඉතින් මෙන්න මෙහෙ එනවා....ගිනි කුකුලා..

රෝයි දාන් හිටිය හෙල්මට් එකත් ගලෝලා පැත්තකට විසික් කරලා දාලා එයාගේ අතින් ඇදන් මම පාර්ක් එක ඇතුලට ගියා....වැඩිය මිනිස්සු නෑ අද....

🔥 මාව කොහෙද ඇදන් යන්නේ...

💧 මේ මිස්ටර් ගිනි කුකුලාස්...මා එක්ක ඉන්නවා නම් විනෝද වෙන්න දැනන් ඉන්න ඕන...රයිට්...බුම්මන් ඉන්න බෑ...

🔥 ඔයාට දගලන්න බෑ...මොකද අද උදෙත් ඔයා හිටියෙ අසනීපෙන්....

💧 ඒ අද උදේ....රයිට්...

🔥 තමුසෙ නම් ඇරෝගෙ නංගි කියන්න බෑ ....

මම ඒකට කට කොනින් හිනා වෙලා ඉස්සරහට ඇවිදන් ගියා....ඒත් මට යන්තමට ඇහුනේ "ඔයා මගෙ මියූම තමයි" කියනවා..කන් දෙකෙ දෝසයක් මන් හිතන්නේ ........

💧 අයිස් ක්‍රීඊඊම්......

🔥ඔයාට ඒවා හොද නෑ....

💧අනේ....

🔥 බෑ....

💧 ඔයා අරන් දුන්නත් නැතත් මන් කනවා...

රෝයිගෙ අත ගසලා දාලා මම සල්ලි දිලා අයිස් ක්‍රීම් එකක් ගත්තා...මට පිස්සුයැ මේකා අයිස් අරන් දෙනකල් ඉන්න...
එතකොටම ඇහුනේ රෝයිගේ පෝන් එක රින්ග් වෙන සද්දේ..

'I love you My Fire prince'

රොයිගේ රිගින්ටෝන් එකත් එලොවටත් නැති මෙලොවටත් නැති එකක් ....මන් හිතන්නේ ඒ රෝයිගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද කොහෙද..

📞🔥 හලෝ...

.......

📞🔥 උබේ නංගි එක්ක පාර්ක් ආවා...ඉදහන් ස්පීකර් දාන්න...

ඊට පස්සෙ අයියගෙ කටහඩ...

📞☇ කොහෙද දෙන්නා ගියෙ ආ....

📞💧 මේ ගොන් ගිනි කුකුලා මාව පාර්ක් එකට උස්සන් ආවා...

📞🔥 කව්ද දන්නෙ නෑ...

📞☇ආලී ...තමුසෙ රෝයිවත් නරක් කරනවා....

📞💧 අනේ ..එයා හෙන බොදු දරුවනේ....අයි ලව් යූ මයි ෆයර් ප්‍රින්ස් කියල රිගින්ටෝන් දාන් ඉන්නේ ..

එතකොටම ඇහුනේ අයියගේ රිදී සීනුකට ගල් කැට දාලා හොලෝනවා වගේ මිහිරි හිනා සද්දෙ....ලග හිටිය මොකෙක්ට හරි ගගහා මේකා හිනා වෙනවා ....සුවර් එක හැඩී....

📞🌱 ආව් බූරුවො...

මම කිව්වේ....

📞☇ හොදටම හවස් වෙලා දෙන්නා ගෙදර එන්න...රෝයි....ආලිව තනි කරන්න එපා...

📞🔥 මේ පාර නම් නෑ බං...

රෝයි ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවේ ඔබා ගත්තා...තනි කරන්න එපා???? ඇයි ඒ....

💧 ඇයි මාව තනි කරන්න එපා කිව්වේ...

🔥 තමුසෙව කවුරු හරි උස්සන් යයි කියලා...













හද්ද කොටයි නේහ්..🙂🙂🙂🙂🙂

With You Again✔✔Where stories live. Discover now