🐛 හ්ම්...හ්...මම රෝයිගෙන් ඈත් වෙන්න ගියත් එයා මගේ ඉන වටේ අත දාලා ඇද උඩටම ආවා....මේ හාල්පාරුවට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද යකෝව්...මම එයාව තල්ලු කරන්න යද්දි එයාම තේරුම් අරන් මගෙන් ඈත් වෙලා ඇදේම ඉද ගත්තා...
🦋 හහ්...මොනාද අයිලා ඒ කරේ...රෝයි සර්ව බලහත්කාරෙන් කිස් කරෙ ආ...
💧 ඔයා දකින්න ඇති කව්ද බලහත්කාරෙන් කිස් කරේ කියලා..
🐛 රෝයි සර් වගේ වැදගත් කෙනෙක් කවදාවත් එහෙම කරන්නෑ...
සද්දයක් නැති හින්දා මම බැලුවේ ශුඩුවයි හැඩ්ලියයි දිහා..🙂 තත්වය සෝචනියයි මේ ඩබල කට ඇරගත්ත පාර වහගන්න අමතක වෙලා..බ්රේක් නැති මැස්සෙක් ආවොත් එහෙම එකපාර මුකයෙක් ගිහින් ගුදයෙන් එලියට එන සින් එකක් තියෙන්නේ...ඒ තරම් කට ඇරන් ඉන්නෙ...
☇ අ...මේ...මොකෝ උනේ...
🦋 මේ අයිලා රෝයිව බලෙක් කිස් කරා...
🌱 බලෙන් ??
💧 මම..බලෙන්...මේ කුකුලව...
🐛 කිස් කරා මදිවට කුකුලලු...
🔥 හෝව්...හෝව්..මම කියන්නම් උන දේ...
💧 අන්න හොදයි...
🔥 දෙන්නම කැමැත්තෙන් කිස් කරේ හරිනේ...
🦋🐛 මොකා....ක්...
🌱 ඉන්න...ස්ටොප්...හෝව්...ඔය කියන්නේ වලි කුකුල්ලු දෙන්න ලව් කරනවා කියලද...
☇ හැඩ්ලියා...මුන් කිස් කරේ අපි ඉස්සරහ නේද...මන් තාම කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලල නෑ...
🌱😤කියන්නෑ මම අල්ලපු තැන්...
☇ ඇයි...බොරුද...
🌱 මෙන්න මෙහෙ එනව යන්න...ඔය දෙන්නා ටිකක් නිදහසේ ඉන්න...
හැඩ්ලි අයියගේ කනෙන්ම ඇදන් ගියා...
අද අයියට බඩු හරි වගේ..
රෝසියි ඩීනායි තාම කන්න වගේ බලන් ඉන්න නිසා මම රෝයිගේ ශර්ට් එකේ කොලර් එකෙන් ඇදලා ගත්තා...උන් දෙන්න දිව්වේ මටත් රවන් දොරත් වහන්...🔥හහ්...මොකෝ ආය කිස් එකක් ඕනද ම්ම්ම්...
මම එහෙම්ම රෝයිව තල්ලු කරා...
💧 අපො එපා...
🔥 ශුවර්ද...
💧 ඔව්..
🔥 දන්නවද...ඔයා ඔහොම මා එක්ක ඉද්දි මට ලොකු සැනසීමක් දැනෙනවා...
💧 ඔයාට කලින් මට ඔක්කොම රහස් කියන්න තිබ්බා...එහෙම උනා නම් මීට කලින් අපි එකතු වෙනවා..
🔥 නෑ....ආත්ම ගානක් එකට හිටියත් ආදරේ කරන්න තරම් විශ්වාසක් ඇති වෙන්න ආශ්‍රය කරන්න ඕන...
💧 හ්ම්ම්..
🔥 මොකො හ්ම්ම් ගාන්නේ...
💧 දැන්...ඩ්රියානා ආය එයි නේද...
🔥 අනිවාරෙන්ම...ඒත් මේ පාර එයාව පරද්දන්න අපිට පුලුවන්..ඊට කලින්...
රෝයි ඇදෙන් බැහැලා සාක්කුවෙන් ගින්දර හැඩේ මුද්දකුයි වතුර බින්දු හැඩේ මුද්දකුයි ගත්ත...මට බර්ත් ඩේ එකට හම්බුන ජුවලරි සෙට් එකේ නැති මුද්ද...
🔥 ඊට කලින් මේක ඔයාට දෙන්න ඕන...අවන්කවම මට ආදරෙයිද..
මම එයාගෙ අතින් වතුර බින්දු හැඩේ මුද්ද ගත්තා...
💧 නෑ....මම දන්නෑ අවන්ක ආදරේ මොකක්ද කියල.....ඒත් මම කැමතියි මැරෙන කල්ම ඔයා එක්ක ඉන්න...
අපි මුදු මාරු කරා...එතකොටම හැඩ්ලි අයියා දෙන්නා කාමරේට ආවා...
ඒ දෙන්නාගේ මුදු වලින් ලොකු ආලෝකයක් ආවා..ඔව්...ඩ්රියානාට ඕන මුදු හතර තමයි මේ...මේ මුදු බලහත්කාරයෙන් ගන්න බෑ....ලෝකයම පවතින දෙයින් මේ මුදු බැදිලා...ඒ බැම්ම තමයි ආදරය..
දෙමව්පියෝ සහ දරුවෝ
සහෝදර සහෝදරියෝ
ගුරුවරු ශිශ්යයෝ
යහලු යෙහෙලියෝ
මේ ඔක්කොම එකිනෙකා වෙනුවවෙන් ඉන්නේ ඒ බැම්ම නිසයි...එකපාරට අපේ මුදු තවත් දිලිසුනා...මුදු හතරෙන් බලයන් හතරේ හැඩ ආලෝකයෙන් මැවිලා අමුතු අකුරු වගයක් පෙන්නුවා...
🙂 ඒකත් ඉවර වෙන්ඩ ලගයි
YOU ARE READING
With You Again✔✔
Short Storyලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....