මම ඇස් දෙක තද කරලා වහන් එකපාර ඇරියා..
මගේ මූනට එබිලා හිටියේ අයියයි හැඩ්ලියි ගිනි කුකුලයි...
💧ම...මට මොකක්ද උනේ...
🔥 කැන්ටින් එකෙන් එලියට යද්දිම කලන්තෙ දාලා වැටුනා..
වට්...ඒ කියන්නෙ මම දැක්ක දේවල් ඔක්කොම බොරුද...වතුර...ගිනි බෝල..
කොහොමත් ඒවා විශ්වාස කරන්නත් බෑනේ....හ්ම්....🌱 මන් ඩොක්ට එක්ක කතා කරලා එන්නම්...
හැඩ්ලි එතනින් චුත උනා..
☇ ආලි...අපි ට්‍රිප් එකක් යමුද...
💧 මොකද හදිස්සියෙ ශුඩූ...
☇ හදිස්සියක් නෑ...තව සති කීපෙකින් නිවාඩු දෙනවනේ යුනි එකේ..
💧 වාව්...යමු ට්‍රිප් එකක්...
☇ අපි යන්නේ Strawloard මාලිගාවට..
💧 මොන ලෝඩ්...
🔥 ස්ට්රාව්ලෝඩ්...
💧 අපෝ ශුඩූ...මොකද අනේ...ඒ නමත් හෙන පරනයිනේ...
☇ ඒ මාලිගාවේ නම....එහෙ බලන්න දේවල් ගොඩක් තියනවා...
💧 විනෝද වෙන්න පුලුවන්ද..
☇ ඔව්...මොකෝ කියන්නේ...
💧 යමූඌඌඋ
එදාම ටිකට් කැපුව නිසා මට ගෙදර ආවා
@Night
💧 එපා.....
දා හත් වෙනි පාරටත් මම හීනෙන්බය වෙලා කෑ ගැහුවා...ශිට්...නිදා ගන්න නැද්ද අප්පා...මොන ඉලව්වක්ද මේ...මම ඩ්‍රාමා බලනවා හොදටම වැඩියි වගේ...සෙද්ද...රිවයින් වෙවී පේන්නේ එකම හීනේ...කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඉන්නවා ඒ එක්කම කෙල්ලගේ බඩට ඊතලයක් වැදෙනවා...කොල්ලා අඩනවා...සුවහසක් ෆිල්ම් බලපු මට ඕක සාමාන්‍ය දර්ශනයක්...ඒත් මේකෙන් හිතට අමුතු හැගීමක් දැනුනා...අනේ මන්දා....ඒ හීනේ ඉවර වෙද්දි ඇහුන හිනාව....
ඉව්ව්ව්ව්....ඒ හිනාව මහ කැතයි...මායාකාරියකගේ වගේ...නින්ද යන්නෙත් නැති හින්දා මම ෆෝන් එක ගත්තේ මූවී එකක් බලන්න...හොද හිස්ටොරිකල් එකක් බලමු...මේ හීනෙට මැච් වෙන කතා තියනවද දමන්නෙ නෑ...
අනේව්...ෆිල්ම් වල වගේ මටත් මේ මතක් වෙන්නෙ පෙර භවේද දන්නේ නෑ.
ඕහ් ගෝඩ්...මාව හොයන් හැන්සම් කුමාරයෙක් ආවොත්...මට බෑ දෙයියනේ...එකපාර මගේ ඇස් නැවතුනේ හුරුපුරුදු නමක් ගාව...
Strawloard පුරාවෘත්තය
ඒක ෆිල්ම් එකක් නෙමේ...දැනුවත් කරන්න දෙන දේශනයක්...මම හෑන් ෆ්‍රී දෙක කනේ ගහගෙන කොට්ටෙ ඇදේ විට්ටමට හේත්තු කරලා ඇල උනේ පුරාවෘත්තය අහගන්න...
: මීට වසර විශාල ගනනකට පෙර ලෝකය නිර්මානය වූ කාලයේ ලෝකය නිර්මානය කල දේවතාවන් සතර දෙනා ගැන ප්‍රසිද්ද පුරාවෘත්තය තමයි Strawloard පුරාවෘත්තය ...
භූමී දෙවියන් රෙඩෝනස් (රිචට්ල්)
අග්නි දෙවියන් කෙන්ඩෝර්ස් (කෙනත්)
ශාක දේවතාර රෙටාරා (ටාරා)
ජල දේවතාව මියූරා (මියූ)වැලි කැටයේ සිට මිනිසා දක්වා සියලු නිර්මාන මෙම දෙවිවරුන්ගේ බව පුරාවෘත්ත වල සදහන් වෙනවා...
මායාවන් පිරී තිබූ අතීතයේ ඩ්රින්ඩේසියස් (ඩ්රියානා) නම් අදුරේ රැජිනිය ලෝකයක් මැවීමේ බලය අයිති කරගන්න ක්‍රමයක් හොයමින් ඉන්නවා...ඒ අතර ඇය සොයා ගන්නවා ලෝකයේ මැවුම් දෙවිවරු හතර දෙනා ලග ඇති පූජනීය මැනික් ගල් හතර අයිති කෙනෙකුට ලෝකයේ පාලන බලය ගත හැකි බව...
ඩ්රින්ඩේසියා ඇගේ අදුරු බලයෙන් මිය ගිය සියලු ජීවීන්ට ජීවය දෙනවා ඒත් ඔවුන් ආත්ම රහිත සිරුරු...සොම්බි...ට්
අවසන් සටනේ දෙවිවරු සතර දෙනා ජයග්‍රහනයේ හිනි පෙත්තේ සිටියදී ඩ්රින්ඩේසියාගෙ අතෙහි වූ දිගු නියපොත්තක් මියූරාගේ කුස හරහා විනිවිද ගියේ මියූරා කෙන්ඩෝර්ස්ගේ අතෙ අවසන් හුස්ම හෙලද්දියි
YOU ARE READING
With You Again✔✔
Short Storyලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....