💧 මාව උස්සන් යන්න...හහ්..ඒවා හදේ...
🔥 කටනම් තියනවා මොනා නැතත් නගිනවා බයික් එකට....
මම බයික් එකට නැග්ගා....ඒත් රෝයි වේගේන් ගියේ නෑ....එයා සාමාන්‍ය වේගෙකින් ගියේ...පාර දෙපැත්තේ කණු වල ලයිට් තිබ්බත් මට දැනුනේ ලොකු අදුරක් තියනවා වගේ....පාරේ යන වාහන ඔක්කොම ගියේ හරිම හිමිට...ඒ වහාන අතර මට පෙනුනේ පාර මැද්දෙ හිටන් ඉන්න ගෑනු කෙනෙක්ව......එයාගේ මුහුන අදුරුයි....ඒක නිකම් අලු පාට වගේ...කොන්ඩේ සාමාන්‍ය ප්‍රමානයට තියනවා...ඇදන් හිටිය ඇදුම් පැලදුම් වලට අනුව නම් එයා රජ කාලේ කෙනෙක්...මොකක්...රජ කාලේ කෙනෙක්ව මට පේන්නේ මොන මගුලකටද......
ඒ එක්කම මම දැක්කේ එයාගෙ තොල් හෙල්ලෙනවා...."water princess" මට හිතෙන්නේ එයා කිව්වේ ඒක...ඒ එක්කම අමුතු සීතලක් දැනෙන්න ගත්තා...මම රෝයිගේ ජැකට් එකෙන් තදින් අල්ල ගත්තේ අමුතුම හැගිමකින් හිත පිරිලා යද්දියි...රෝයි පාර දිහා බැලුවා...ඒ එක්කම අදුරු හෙවනැල්ල අතුරුදහන් උනා....🔥 හයියෙන් අල්ල ගන්නවා....
මෙන්න ඒ ගමන මේකා ලෑල්ලට පාගලා ගියා....තව ඩිංගෙන් මම බිම....
ඒ යන අතර මගදිත් අර ගෑනු කෙනාව මම සැරින් සැරේ දැක්කා...කොහොම හරි ගෙදර ආවා...දැන් ඉතින් ස්ප්රායින් තමායි....රෝයිට කලින් මම දොර ඇරියා....එතකොටම...
🌱☇ස්ප්රා.....යිස්...
කියලා ගැහුවෙ නැතෑ වතුර බාල්දියකින්..මොන අවලම් ස්ප්‍රයිස් එකක්ද මේක...
💧 ඉව්ව්ව්...වතුර ගැහුවෙ මොකටද යකෝහ්...
🌱 අද ඔයාගේ විසිවෙනි බර්ත් ඩේ එකනේ බබා....
☇ මතකනේ...හැඩ්ලිට විස්ස ලබද්දි මල් වගේකින් මට පස් වලින්...
💧 ඇයි ඒ...
🌱 ඒවා වැඩක් නෑ....ඇදුම මාරු කරන් එන්නකෝ සුදා....ඇද උඩ අලුත් ගව්මක් ඇති....
☇ රෝයි...
🔥 කියහම්...
☇ වරෙන්කො ටිකක්...
මම උඩට ගියේ වතුර වලින් පෙගුන කොන්ඩේ අතින් පස්සට කර කර...දන්න කාලේ ඉදන් උපන් දින සමරුනේ අපි තුන් දෙනා අතරමයි...මේ පාර රෝයිත් ඉන්නවා...මට සතුටුයි...ඇයි කියලා අහන්ඩ එපා මන් දන්නෑ...
YOU ARE READING
With You Again✔✔
Short Storyලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....