Chapter 03

917 201 3
                                    

Chapter 03_

Not mine...
___________________________

Author pov,

සොහා juice එකත් හදාගෙන ගිහිල්ලා ටේහිට පොවලා film එකක් බලන්න ගත්තෙ කෙල්ලව තමන්ගෙ එහා පැත්තෙන් වාඩි කරව ගන්න ගමන්...

1 hour later_

තප්පරෙන් තප්පරෙ වෙලාව ගත වෙලා යනකොට ටේහි හිටියෙ සොහාට තුරුළු වෙලා හොද නින්දක...T.V එක එහෙම්මම off කරලා සොහා කෙල්ලව හරහට වඩා ගත්තෙ කාබරෙට එක්ක යන්න වුනත් පිටි පස්සෙ හිටං හිටපු කෙනා දැකලා කෙල්ල එතනම නැවතුනෙ හිටපු කෙනා දිහා පුදුමෙන් බලන ගමන්...

" ඔයා කවු..ද??"
සොහා ඇහුවෙ අත් දෙකත් සාක්කුවට දාගෙන නපුරු බැල්මකින් තමන් දිහා බලන් ඉන්න කොල්ල දිහා ටිකක් බය වෙලා වගෙ බලන ගමන්...

"හරිනං මං නෙද ඒක තමුන්ගෙන් අහන්න ඕන!!"

කොල්ලා අඩියෙන් අඩිය කෙල්ල ලගට ආවෙ තමන්ගෙ නපුරු බැල්ම කෙල්ලගෙන් අයින් කරන්නෙ නැතුවමයි...
කෙල්ලට කොල්ල දිහා බලාගෙනම නිරුත්තර වෙනකොට කොල්ලගෙ බැල්ම තවත් තියුණු වුණා...

"තමුන් මොකක්ද ටේහි එක්ක කරන්නෙ?? කියනවා!"

"මිස්ටර් මුලින්ම ඔයා කවුද කියනවද?"

"මං..හහ්..මං තමයි මෙ ගෙදර ආයිතිකාරයා..."

"ඒ කියන්නෙ mr. Junkook ඔයා නෙද??"
පොඩි හිනාවක් මුනට මවාගත්ත කෙල්ල කොල්ලට කතා කරෙ කාරුණික වචන වලින්...

"නෑ..jk "
කෙල්ල කොච්චර කාරුණික ස්වරයකින් කතා කරත් කොල්ලගෙ මුනෙනං කාරුණික බවක් අහලකවත් තිබුනෙ නෑ...තාමත් නපුරු බැල්මක් දාගෙන කොල්ලා රළු කටහඩකින් කතා කරනකොට කෙල්ලගෙ හිනාව මුනෙන් ඈත් වුනෙ කෙල්ලටත් නොදැනිමයි...

"හහ්!!එත් ඒ දෙකම එකයි මන් හිතන්නෙ??"

"තමුන්ට එකෙන් ඇති වැඩක් නෑ...මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා.!!.."

"හරි..මට කියන්නකො ඔයා නෙද ටේහිගෙ අප්පා??"

"ම්ම්"

"පොඩ්ඩක් ඉන්න මිස්ටර්...මං ටේහිව කාබරෙන් තියලා එන්නං..."

"What?? තමුන්ට පිස්සුද ආහ්?
අනුන්ගෙ ගෙදරකට ඇවිල්ලා ඔය විදියට හැසිරෙන්නෙ??"

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓Where stories live. Discover now