Chapter 14_
Not mine_
______________________________Author pov,
Time passed...
ටේහිව නිදා කරවලා පහලට ආපූ සොහා ලග ගොඩක් වෙලා ඉදන් ඇස් දෙකක් නතරවෙලා තිබුනා...එත් ඒ ඇස්වල තිබ්බෙ හැගීම එයාවත් තාම තෙරුං අරන් තිබ්බෙ නෑ...
ඔව් ඒ ජංකුක්...
ගොඩක් වෙලා ඉදන් හිනාවෙවි එහාට මෙහාට දුව දුව වැඩ කරන සොහා දිහා කොල්ලා බලන් හිටියා...එත් කොල්ලා දැක්කෙ නෑ පැත්තකට වෙලා දෙන්නෙක් තමන් දිහා කපටි හිනාවක් දාන් බලන් ඉන්නවා කියලා...කොනකට වෙලා ජංකුක් දිහා බලන් හිටපු ටේයි ජිමිනුයි එකිනෙකා දිහා බලන් හිනාවුනෙ මුල ඉදන් ගහපු ප්ලැන් එක සාර්ථක වෙච්ච එකට සතුටු වෙන ගමන්...
ජිමින් හිතලම සොහාට පාර්ටි එකට ඇදන් එන්න කියලා ඒ ගවුම දුන්නෙ කොල්ලො ටික ගහපු ප්ලෑන් එකෙ කොටස් විදියට...
අන්තිමට කෙල්ලගෙ photos ටිකක් අරන් ජිමින් කොල්ලට යැව්වෙ ජංකුක් මොන විදියට හැසිරෙයිද කියලා කිසි අදහසක් නැතුව වුනත් නොහිතපු විදියට ජංකුක් ගෙදර ආපු නිසා කට්ටියගෙම හිත් වල බලාපොරොත්තුවක් ඇති වුනා ජංකුක් සොහාට ඉක්මනට ආදරෙ කරන්න පටන් ගනී කියලා....එත් දෛවය ඒකට ඉඩදෙයිද..??
සොහාව බාරගන්න ජංකුක් කැමති වෙයිද..??
ඒ තනිවුන හිත් දෙකටම අළුත් ආරම්භයක් ගෙන්න පුළුවන් වෙයිද..??Jin pov,
මෙ ජිවිතෙ මොන වෙලාවෙ මොන දිශාවකට හැරෙයිද කියලා අපිවත් දන්නෙ නෑ...සමහරවිට සතුටක් සැනසීමක් වගෙම දුකක් විදවීමක් වුනත් අපිට ලැබෙන්න පුළුවන්...එත් ඒක බාරගන්න හැමොටම බෑ...
ඒ අතින් ජංකුක් ගොඩක් ශක්තිමත්...එයා දරාගත්තා.. එයාගෙ හැම වෙදනාවක්ම..එත් මං දන්නවා තාමත් ඒ හිත ඇතුලෙ ලොකූ වෙදනාවක් හැංගිලා තියනවා කියලා...
එයා ඒක කාටත් පෙන්නන්නෙ නැතුව හංගන් ඉන්නෙ එයාගෙ නපුරු කම ඉස්සරහට දාලා...දුක වෙදනාව එයා පිට කරන්නෙ තරහකින්...
ඇයි අපෙ කොල්ලටම එහෙම වුනෙ...මං හැමදාමත් දෙවියන්ගෙන් ඇහුවෙ ඒක...නාස්තිවෙලා තිබ්බ ජිවිතෙ වෙනත් පිටුවක් පෙරලෙන කොට ඒ පිටුව පෙරලුව අයිතිකාරිම කොල්ලව දාලා යන්න ගියා...
![](https://img.wattpad.com/cover/306032796-288-k491963.jpg)
YOU ARE READING
Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓
Fanfictionඅහබෙන් හම්බණු ආදරවන්තයින් දෙදෙනෙක්... ඔවුන් දෙදෙනාව එකතුකරන්න ආපු රොස මලක්... ගිවිසුමකට වෙන්වූ ඔවුන්ගෙ සම්බන්ධයට කුමක් සිදු වෙයිද? JJK fanfaction... Cover by @99TharuL © Written by suha