Chapter 30

953 178 14
                                    

Chapter 30_

Not mine _
_____________________

සොහා නොදැනුවත්ව ගෙවුන සතියට ගොඩක් දෙවල් වෙනස් වෙලා...
කොල්ලගෙ සිතුවිලි වගෙම කෙල්ල ගැන ගොඩක් දෙවල් ජංකුක්ට දැනගන්න ලැබුනා...

කවුරුවත් බලාපොරොත්තු නොවුන විදියට වෙච්ච එක සිදුවීමකින් මුළු කතාවක් වෙනස් වෙන්න පටන් අරන්...

එත් හැමොම ඒ වෙනසට හැඩගැහෙයිද..??

One week before _

ජංකුක් හිටියෙ වෙච්ච දෙවල් නිසා ගොඩක් හෙම්බත් වෙලා...
සොහාගෙන් ඩිවොස් පෙපර්ස් වලට කැමැත්ත ලැබුනට පස්සෙ මිසිස් කිම්ගෙ බලකිරීමටම ජංකුක්ට ජිසොව බදින්න කැමති වෙන්න වුනා...!!

කොල්ලට ඒක ගානක් වුනෙත් නෑ
මොකද කොල්ලගෙ හිත පිරිලා තිබ්බෙ සොහාගෙ මතකත් එක්ක...!!
කොල්ලා කරන කියන දෙවල් කොල්ලවත් නොදන්න වෙලාවක ජිසොව මැරි කරන්න කැමැත්ත දුන්නෙ මිසිස් කිම්ගෙ කීමටමයි...!!

හිත දැනුන බර ගතියත් එක්ක කොල්ලට ඕන වෙලා තිබුනේ ටිකක් නිදහස් වෙන්න...සොහා නිසාම තමන්ගෙ වැරදි පුරුදු අත ඇරපු කොල්ලා ගියෙ තමන් වැඩියෙන් ආස කරපු තැනකට...
තමන්ගෙ අතීත මතක නිසා ඈත් වුනු කොල්ලගෙ ආශාවල් දැන් ආයිමත් සොහා නිසා ලංවෙන්න පටන් අරං...

කොල්ලට දැන් හොදටම තෙරෙන්න පටන් අරන් මිහාට ආදරෙ කරාටත් වඩා තමන් සොහාට ආදරෙ කරනවා කියලා...
මිහාගෙ හැර යාමත් එක්ක කොල්ලා තනි වුනත් සොහා ගිය දවස් ගානට කොල්ලට සොහාව ගොඩක් දැනෙන්න පටන් අරන්...!!

කොල්ලා වාහනෙ නවත්තලා එලියට බැස්සෙ අතෙ තිබ්බ sunglass දෙකත් දාගන්න ගමන්...
සුලග නිසා වැනෙන කොල්ලගෙ කමිසය වගෙම තද කළු පාට කොන්ඩෙ කොල්ලට ගෙනාවෙ කඩවසම් බවක්...!!

බොත්තමක් දෙකක් ඇරිලා තිබ්බ කමිසෙ නිසා කොල්ලගෙ කිරිසුදු පාට පපුවෙන් අඩක් පෙන්න තිබුනා..!!
වටෙ ඉන්න කෙල්ලන්ගෙ ඇස් කොල්ලා ලග නැවතුනත් කොල්ලටනං ඒ ගැන ගානක් නොතිබුන පාටයි...!!

සාක්කුවට අත්දෙක දාගත්ත කොල්ලා ඉස්සරහට ඇවිදගෙන ගියෙ වටපිටාවෙන් ඇහෙන කසකුසුවත් එක්කමයි...
කකුලට පෑගෙන සුදු වැලි කැට කොල්ලට ගෙනාවෙ වෙනස්ම හැගීමක්...
ඇගෙ වැදිලා ඈතට යන හුලග... ලගට පෙන ලස්සන නිල් පාට වතුර...තවත් කොල්ලගෙ හිත නිවන්න සමත් වුණා...!!

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓Where stories live. Discover now