Author Pov
"කුක්!"
"කුක්!"
"කුක්!"
ජීඑවුන් දිහා ඇහිපිහ නොහෙලා බලන් ඉන්න ජන්කුක්ට ජිමින් අඩගැහුවේ හදීසි වැඩකට...
ඒත් ජන්කුක් නම් ජීඑවුන් දිහා බලාගෙන එයාගේ ලස්සන විදින ගමන් හිටියේ තොල් වල ලස්සන හිනාවක් තියාගෙන...
"ඕයි නරපණුවෝ!!"
බැරිම තැන ජිමින් ජන්කුක්ගේ ඔලුවටත් එකක් ගහන ගමන්ම කෑගැහුවේ ජන්කුක් ගැස්සිලා මේ ලෝකෙට එද්දි...
"ආව් බ- ආව්!"
ජන්කුක් කියන්න ගිය දේ ආපහු නැවතුනේ ජිමින් ආයෙත් එයාගෙ කකුලට ගහපු නිසා..
"යාහ් තමුන් කොහෙද බලන් ඉන්නේ ආ!!"
ජිමින් කෑගැහුවම ජන්කුක්ට මතක් උනේ ජීඑවුන්ව.....එහෙම්මම එයාගේ තොල්වල ආයෙමත් හිනාවක් ඇදෙද්දි එයා පිටිපස්ස බැලුවේ ඒ ලස්සන ඇස් හොයන් උනත් ඒ ඇස් තවදුරටත් එතන නැති නිසා එයාගේ යටි තොල නිකන්ම පෙරලුනේ දුකට...
"යාහ් තවුසේ අර කෙල්ල දිහා නේද බලන් හිටියේ ආ!"
ජිමින් අත්දෙකත් පපුව හරහා බැදගෙන එක ඇහිබමක් උස්සලා අහද්දි එයාගෙ පැත්ත හැරුනු ජන්කුක්ට නම් ලොකු කෙල ගුලියක් ගිලුනා...
"බබා මන් මන් මේ-"
"නෑ ජන්කුක් ඇති! එයා ගොඩක් ලස්සනයි මන් ඒක දන්නවා...මාවත් එයාට ආකර්ෂණය නොවුනා නෙවෙනේ!ඒත් ජන්කුක් ඔයාට ආහ් ඔයාට තේරෙන්නෑ ශිට්!"
ලග තිබ්බ ගලකට කකුලෙන් ගහපු ජිමින් එතනින් ගියේ එයාගේ පීච් සුවද නිකන් කරවෙනවා වගේ හමද්දි...
ඒ සුවදෙන් ජන්කුක් තේරුම්ගත්තා දැන් ජිමින් ඉන්නේ ගොඩක් දුකෙන් වගේම තරහෙන් කියලා...
එයා ආයෙමත් නිකමට හැරිලා බැලුවම එයා දැක්කා එයා දිහා බලන් ඉන්න ජීඑවුන්ව....එවෙලේ එයාව දැක්කට එයාගේ හිතේ කිසිම සතුටක් ඇතිවුන්නෑ....මොකද දැන් එයාගේ ඔලුවේ තිබ්බේ ජිමින් ගැන විතරයි...ඒත් තමන් දිහා බලන් ඉන්න ජීඑවුන්ට බොරු හිනාවක් දුන්නු ජන්කුක් ටක්ගාලා එතනින් ගියේ ඒ ජන්කුක් දුන්නු බොරු හිනාවට ජීඑවුන්ගේ බඩේ සමනල්ලු පියාබද්දි...
එහෙම්මම එයා ලගට ආව එයාගේ යාලුවෝ ජන්කුක් ගැන කියල ජීඑවුන්ට විහිලු කරද්දි ජීඑවුන් රතු උනේ ලැජ්ජාවට....
එයා එහෙම්මම ජන්කුක් යන දිහා බලන් හිටියේ එයාගේ හිතේ කොනක ජන්කුක් ගැන ආදරයක් මෝදුවෙද්දි.....
ජීඑවුන්ට ජන්කුක් ගැන කැමැත්තක් ඇති වුනු එක සාමාන්යයි...මොකද එයා තමා පැක් එකේ හෙඩ් ඇල්ෆා! ඒ වගේම එයා රූපෙන් ශක්තියෙන් දැනුමෙන් හැකියාවෙන් ගොඩක් පොහොසත් කෙනෙක්....ජීඑවුන් වගේ ඕනම ඔමේගා කෙනෙක්...නෑ නෑ ඔමේගාලා විතරක් නෙවේ බීටාස්ලා වගේම ඇල්ෆාස් ලත් ජන්කුක්ගෙ වෙන්න පෙරුම් පුරනවා....
අනික ජීඑවුන් දැක්කා හිනාවීගෙන තමා දිහා බලන් ඉන්න ජන්කුක්වයි තමන් නැ කියලා දැක්ක ජන්කුක්ගේ තොල් පෙරලුනු හැටියි....එයා ඒකෙන් හිතුවා ජන්කුක් එයාට කැමතී කියලා....මොකද ජීඑවුන් ගොඩක් ලස්සනයි....ඒ නිසා එයා හිතුවා ජන්කුක් තමන්ට කැමතියි කියලා...තමන්ට ආදරෙයි කියලා....තමන් ජන්කුක්ගේ හිතේ ඉන්නවා ඇති කියලා.....ඒත් එයා දන්නෑ ජන්කුක්ගේ මුලු හිතම දැන් එක්කෙනෙක්ට අයිති වෙලා ඉවරයි කියලා❗
____________
හායි🌚
ඔන්න පලවෙනි එක දුන්නා😩
මේකේ පටන්ගැනම හොදද අනේ🙂
කියන් යන්න ප්ලීස්🙂
අලාවියෝ🙂💞
![](https://img.wattpad.com/cover/308595513-288-k874538.jpg)
YOU ARE READING
ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Про оборотнейඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then P...