Author Pov
"මොනාද තමුන් කියවන්නේ ජිමින්!!"
ජන්කුක් කවදාවත් හිතුවේ නෑ ජිමින් එයා ගැන මෙහෙම හිතයි කියලා..එයාට ගොඩක් රිදුනා....එයාගේ ජිමින් එයාටම කියනවා වෙන කෙනෙක්ට කැමති උනොත් එයාට කියන්නලු.....ජිමින් කොහොමද ජන්කුක් එහෙම කරයි කියලා හිතුවෙවත්!
"කෑගහන්න එපා ජන්කුක් ප්ලී-"
"මට කෑගහන්න එපා කියන්නෙ!තමුන් දන්නවද දැන් තමුන් කියපුදේ බරපතලකම ආ!!තමුන් කොහොමද හිතුවේ මන් වෙන කෙනෙක්ට ආදරේ කරයි කියලා ආ!!කිය්නවා මනුස්සයෝ!!"
ජන්කුක් හිතේ වේදනාවට කෑගහගෙන ගියේ ජිමින් ට එයා කියපු දෙ බරපතලකම තේරෙද්දි...ඒත් එයා ඒක කිව්වේ හේතුවක් ඇතුව....ඒත් ඒකෙන් ජන්කුක්ට ගොඩක් රිදුනා කියලා තේරෙද්දි වෘක වේෂෙට ආව ජිමින් ජන්කුක්ගෙ ඇගට පැනලා ජන්කුක්ගෙ බෙල්ල ලෙවකන්න ගත්තේ ඒකෙන් ජන්කුක් සන්සුන් වෙනවා කියලා දන්න නිසා....
හිතුවා වගේම ජන්කුක් ඒකෙන් සන්සුන් උනත් එයා වෘක වේෂෙන්ම ඉන්න ජිමින්ව තදට බදාගත්තේ එයාගේ ඇස් වල කදුලු මෝදුවෙද්දි....
"ප්ලීස් කවදාවත් එහෙම හිතන්නෙපා ජිමින්...මන් හැමදාමත් ඔයාටයි ආදරේ කලේ වගේම කරන්නෙත්...ඒකේ කිසිම සැකයක් තියාගන්න එපා ජිමින්...!"
හුස්මක් හෙලපු ජිමින් ජන්කුක්ගේ උකුල උඩට මනුස්ස ස්වරූපෙට ආව ජිමින් ජන්කුක්ගේ පපුවට පිට හේත්තු කරලා එයාගේ උකුලේ ඉදගත්තේ ගලාගෙන යන ගග දිහා බලාගෙන....
"මට ඔයා ගැන කවදාවත් අවිශ්වාසයක් නෑ ජන්කුක්...ඒත් අපේ හිත් කවදා වෙනස් වෙයිද කියන්න අපි දන්නෑ....මන් දන්නවා ඔයා හැමදාම මට ආදරෙයි කියලා...ඒත්....තේරුම් ගන්න ඔයාත් ඇල්ෆා කෙනෙක් මාත් ඇල්ෆා කෙනෙක්...මට බෑ ඔයාට උරුමක්කාරයෙක් දෙන්න...මට බෑ මේ ජියොන් පැක් එකට ඊලග හෙඩ් ඇල්ෆා කෙනෙක්ව බිහිකරන්න...එහෙම නේ....අනික ඔයාට දවසක ඔමේගා කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවුනොත්...විශේෂයෙන්ම ජීඑවුන් ගැන....හ්ම්...ඒ ගැන කතා කරල වැඩක් නෑ...ඒත් මට ඕන එකම එක පොරොන්දුවක් ජන්කුක්....මට ඒ දේ ගැන පොරොන්දු වෙන්න පුලුවන්ද...."
ජිමින් ඔලුව උස්සලා බැලුවේ දැනටත් කදුලු පුරවන් ජිමින් දිහා බලන් ඉන්න ජන්කුක් දිහා....ජන්කුක්ටත් තේරුනා ජිමින් මේ කියන්නේ හරි දෙයක් ගැන කියලා...ඒත් එයා දන්නවා එයාට කවදාවත් වෙන කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්නෑ කියලා....එයාට එයා ගැන විශ්වාසයි!
කදුලු පුරවන් ඔලුව හොල්ලපු ජන්කුක්ගේ කදුලු පිහදෑව ජිමින් ජන්කුක් පැත්ත හැරිලා ජන්කුක්ගේ තොල් පෙක් කරලා ජන්කුක්ට තුරුල් වුනා....
"ඔයාට කවදහරි වෙන කෙනෙක් ගැන කැමැත්තක් ඇති වුනොත් හරි ඔයාට වෙන කෙනෙක්ව මේට් කරන්න උනත් හරි ඔයා ඒ ගැන මට ඇවිල්ලා අනිවාරෙන් කියනවා කියල වගේම ඔයාට තව කාගෙනුයි මගෙනුයි කෙනෙක් තෝරගන්න උනොත් ඔයා කවදාවත් මාව තෝරගන්නෑ කියලා පොරොන්දු වෙන්න...."
ජන්කුක් දිහා බලපු ජිමින් අහද්දි ජන්කුක් ඔලුව වැනුවේ කදුලක් රූටලා ඇවිල්ලා ජිමින්ගේ මූනටත් වැටෙද්දි...
එහෙම්මම ජිමින් ජන්කුක්ව මෘදු හාදුවට ඇදගත්තේ ජන්කුක්ව සන්සුන් කරවන්න....
_____________
හායි🌚
කොහොමද ඔයාලාට🙃
මේක කොහොමද😪
මොනාහරි කොටන් යමු🙂
ආදරෙයි🌚❤️🔥

YOU ARE READING
ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Lobisomemඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then P...