PART 3 🥀

723 120 15
                                    


ටේ ට ඕන උනේ ජන්ග්කුක් එක්ක ටිකක් කතා කරන්න  . ජන්ග්කුක් කැමති නැ වගෙ පෙන්නුවාට ජන්ග්කුක් හිත ඇතුලේන් කැමති උනා . ජන්ග්කුක් හැමතිස්සෙම වගෙ ටේ ගෙ wife ගැන ඇහුවාත් ටේ ඒකට උත්තර දුන්නෙ නැ .

" මට හිතෙනවා මේ ගෑනි මැරිලාද කියලාත් "

ජන්ග්කුක් හිතින් හිතුවා .

ටේ නැවතත් තම උපන් රටට ඇවිත් තිබුනේ දරුවන් දෙන්නායි , අම්මායි එක්කයි. ජන්ග්කුක් හිතෙ තිබ්බ කුතුහලයක් එන්න එන්නම වැඩි උනා . ටේ දරුවන් දෙන්නාව තම පරණ නිවසට ගෙනියන්න කියලා අම්මාට කිව්වෙ ජන්ග්කුක් එක්ක කතා කරන්න ඕන නිසා . ජන්ග්කුක්ට ලොකු වෙනසක් තේරුනා . ටේ අම්මාවත් ජන්ග්කුක් ට්ස් මුකුත් කිව්වෙ නැ . ඉස්සර ඕනැ තරම් ඇයගෙන් ජන්ග්කුක් ගුටි කැවේ ටේ නිසා . එයාගෙ ආදරේ නිසා . එත් අද ඇය ලස්සනට ජන්ග්කුක් එක්ක හිනා උනා .

ටේ ජන්ග්කුක් ව එක්කන් යන්න හැදුවේ Airport එක ලග තියෙන ලොකු හොටෙල් එහෙකට . ජන්ග්කුක් ට වාහනේ යන්න බැ කිව්ව නිසා පයින්ම ඇවිදගෙන යන්න තීරණය කලා . මේ ඇවිදන් යන අතරතුරදී ජන්ග්කුක් තම දිනපොතේ ලිව්වා ලියමනක් මතක් වෙනවා.

************************************

දවසක් මන් දැක්කා ටේ ගෙ ආදරණීය බිරිදව. ඒකත් facebook දලා තිබ්බ පින්තූරයකින්. ඒ චුටි පවුල ආදරේන් ඉන්නවා ඇති. මන් කාලයක් වෛර කලා ඒ ගැනු ලමයටත්. දැන් මට හිතෙනවා ඒක මහා මෝඩ වැඩක් කියලා . මන් වෛර කරපු එකෙන් එයාට හානියක් උනෙත් නැ මට කිසිදෙයක් ලැබුනෙත් නැ .

මන් මගෙ ජිවිතේ බාගයක්ම උරුම නැති ආදරයක් වෙනුවෙන් බලන් හිටියා .මැරෙනකල් ම මන් එයාගෙ ආදරේ පතනවා. මන් දන්නවා මේ දැනෙන වේදනාව මට දරා ගන්න අමාරුයි . මට දරා ගන්න බැරිම උනේ තමන් ආදරය කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ජිවත් වෙනවා දකින ඒකයි.

වෙලාවකට මොන කරුමයක් ද කියලා හිතෙනවා. උබව අමතක කරන්න බැරි තරමට ආදරේයි කරන්න තරම් .අපි වෙන්වුනේ ඇයි Taehyung . ඇයි ඔයාට බැරි උනේ මන් එනකල් තව ටික වේලාවක් බලන් ඉන්න . හරියට මන් උබ එන්නැ කියලා දැන දැනත් උබ එනකල් බලන් ඉන්නවා වගෙ.

අවුරුදු ගානක් ගිහින් ඉවරයී taehyung .මට දැන් වයස 34 ක් වෙනවා. උබ මට වඩා වයසින් අවුරුදු දෙකක් වැඩිමල් උනාට උබ සමහර වෙලාවට මගෙ ඉස්සරහා පොඩි එකෙක් වගෙ.

මෙ මන් ලබපු විදිහ වෙන්න ඇති . උබේ උරුම නැති ආදරේ ඇති මට මැරෙනකල්ම  ජිවත් වෙන්න . වැරදී වැටහිම්, ඉක්මන් තීරණ නිසා උබ අද පසුතැවෙනවා ඇති. ඉට වඩා මන් පසුතැවෙනවා එදා උබ ලගට එන්න බැරි උන එකට.

°

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ජන්ග්කුක් ට තමන් ලිව්ව සටහන් මතක් වෙලා හිනා ගියේ ජන්ග්කුක් කවදාවත් හිතුවේ නැ ටේව මෙහෙම හම්බවෙයි කියලා . ජන්ග්කුක් ගොඩක් සතුටු උනා ටේ හම්බුන නිසා .

" taehyung අපිට මොනාද කතා කරන්න තියෙන්නේ "

" ඇයි ඔයාට බැරි ඉස්සර වගෙ ටේ කියලා කතා කරන්න "

" ම්ම්ම්..... ටේ අපිට මොනාද කරන්න තියෙන්නේ "

" අතීතය .... අපි දෙන්නා ඉස්සර හිටිය විදිහ . තව අපි ඉස්සර ආදරේ කරපු විදිහ . වැදගත්ම දේ අපි එදා Airport එකට පැනලා යන්න සේටම ලැස්ති කරලාත් ඇයි අපිට එකතු වෙන්න බැරි උනෙ. මට ගොඩක් දේවල් ඔයා එක්ක කතා කරන්න තියෙනවා "

" ඇයි අතීතය ගැන ආයෙත් අව්ස්සන්න හදන්නෙ "

" මට ඒ මතකයන් ගොඩක් වටිනවා ජන්ග්කුක් . මන් මෙච්චර කාලයක් ජිවත් උනේ ඒ මතකයන් එක්ක "

ටේ එහෙම කිව්වාම ජන්ග්කුක් ටේ දිහා බැලුවෙ පුදුමෙන් වගෙ . ජන්ග්කුක් විදවපු තරමටම ටේ ත් විදවලා කියලා දැන ගත්තාම ජන්ග්කුක් ට ගොඩක් දුක හිතුනා .

" හ්ම්ම්ම්ම්..... ඔව් අපි මුලින් හම්බුන තැන ඉදාන් කතා කරන්න පටන් ගමූ "

ජන්ග්කුක් කතා කරන්න පටන් ගත්තා.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

ජන්ග්කුක් අවුරුදු ගානක් මතකයන් දිගහරින්නට පටන් ගත්තා .
*
*
*
*
*
*
*
*

Jeon Jungkook අවුරුදු 17 දරුවෙක් .පාසලේ සියලු සියලූ ගැහැනු ලමයි ගෙ සිත හොරා ගත් ප්‍රේම වන්තයෙක්.  අම්මා , තාත්තා සහ ඔහු තුන් දෙනෙකුගේන් යුත් පවුලේ එකම දරුවා ඔහුයී. ජන්ග්කුක් ගෙ පියා ලෝයර් කෙනෙක් වූ අතර මව ගෘහනියක් වුවාය.

********************************

Ruby
💚💜

කතාව මගින් නවත්තන්න උන එකට සොරි . මන් හෙටත් update එකක් දෙන්නම්

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️Where stories live. Discover now