" නැ "" මොකද්ද උබ කිව්වෙ "
Taehyung ජන්ග්කුක් ලගට තවත් ලන්වෙන්න හදනකොටම ජන්ග්කුක් taehyung වත් තල්ලු කරලා හයියෙන් දිව්වා.
" පලයන්කෝ....... අලුතින් ආව නිසානෙ ඔච්චර දගලන්නේ "
Taehyung ජන්ග්කුක් දුවන දිහා බලාගෙන තනියම මුමුනුවා .....
----------------------------------------------------------
Taehyung කියන්නෙ පාසලේ ප්‍රදාන ශිෂනායකයා .සිනීයර් බැජ් එකෙ ඉන්න දක්ෂ දරුවෙක් ය. පාසලේ දක්ෂතම දරුවා ඔහු ය. අම්මා , තාත්තා , අයියලා දෙදනෙකු සහ ඔහු පස් දෙනෙකුගෙන් යුත් පවුලකී. පවුලේ බාලයා උයේ ඔහුයි. පියා Doctor කෙනෙක් වූ අතර මව නර්ස් කෙනෙක් වුවාය.
පවුලේ වැඩිමහල් සහොදරයාත් Doctor ය . පවුලේ දෙවනි දරුවා ඇමරිකාවේ තවම ඉගෙනුම ලබයි. පවුලේ උදවිය මොනතරම් කාර්ය බහුල වුවත් taehyung ලැබිය යුතු ආදරය , සෙනෙහස නොවඩුව ලැබුනා . Taehyung දිය යුතු උපරිම නිදහස දෙමාපියන් ලබා දී තිබුනා .
Taehyung ගෙ හොදම යාලුවා උයේ යූන්ගීය. ඔහු පාසලේ උප ශිෂනායකයායි. Taehyung ගෙ කුඩා කාලයේ සිට මිතුරා ඔහුයි. පාසලේ ගැහැනු පිරිමි භේදයක් නැතිව taehyung ට කැමති උනා.
Taehyung දැන් ඉගෙනුම ලබන්නෙ පිරිමි ගැහැනු දෙගොල්ලොන්ම ඉගෙන පාසලයි .ඔහු එම පාසලේ කිසිම කෙනෙක් සමග ප්‍රේම සම්බන්ධයක් තියාගෙනවත් තිබ්බෙ නැ.
නමුත් taehyung ඔවුන්ගෙ පාසලට එහාට වෙන්න තියෙන බාලිකා පාසලේ සෙලේනා නම් taehyung ගෙ වයසම ගැහැනු ලමයෙක් සමග ප්‍රේම සම්බන්ධක් පවත්වාගෙන ගියා . ඒ taehyung ගෙ පලවෙනි ආදරයයි.ඔහු දෙදනාගෙ ආදරයට අවුරුදු දෙකකට වඩා වැඩිය.
************************************
" අඩෝ.... ජන්ග්කුක් අයින් වෙයන් උබටත්
වදී "පන්තියෙ කෙල්ලෙක් කැගැහුවේ හැමොටම ඇහෙන්න .
" හොබී.. ඇයි මේ කොල්ලො දෙන්නා මෙහෙම මරා ගන්නෙ "
" ලව් හුටපටයක් ලූ ... අරකී තමා මටත්
කිව්වේ "ජන්ග්කුක් ගෙ පන්තියෙ පිරිමි ලමයි දෙන්නෙක් රණ්ඩු වෙමින් හිටියා . ජන්ග්කුක් ට කෙල්ලෙක් කැගැහුවේ රණ්ඩු වෙමින් හිටිය කොල්ලො දෙන්නාගෙන් එක කොල්ලෙක් පුටුවක් උස්සලා විසික් කරපු නිසා ජන්ග්කුක් ට වැදෙයි කියලා බයට.
" සිරාවට.... මරුනේ බන් "
ජන්ග්කුක් හිනාවෙමින් කියලා . කලිසම් සාක්කු දෙකට ජන්ග්කුක් අත් දෙක දාගත්තා.
" පලයන්.... දැන් අපිත් ඉවරයි. මූන් දෙන්නත් ඉවරයි "
හොබී කතා කලෙ බයෙන්.
" ඇයි අපි ඉවර "
ජන්ග්කුක් පුදුමෙන් ඇහුවා .
" ඇයි සතෝ..... මේ රණ්ඩුව නිසා ශිෂනායක සෙට් එක අපෙ පන්තිය නොට් කරගන්නවා ඉට පස්සෙ සැරෙන් සැරේ පන්තියට එනවා. එයාලා අපිට වෙනම නිතී දානවා . අරුන් දෙන්නාට උන් ගහයි බන්. අපිටත් ගහයිද ? .ගොඩාක් දෙවල් කරනවා අනෙ මන්දා මට බයෙත් බැ "
හොබි කියවගෙන ගියා.
" අපිට ගහන්න ...... ඇයි උන් අපිව හදලාද ?"
ජන්ග්කුක් කෙන්තියෙන් කිව්වා. ජන්ග්කුක් ගෙ හොබී ගෙ සංවාදය බිදුනේ පන්තියෙ ලමයි එක වරම ඉක්මනින් තමන් ඉන්න තැන් වලට ගිහින් ඉදගත්ත නිසා .
" ඒ මොකො බන් මේ .... ඇයි මේ සෙරම එක පාරම නිශ්ශබ්ද වෙලා "
" අර බලපන් මිනිහෝ ශිෂනායක හැත්ත ඇවිල්ලා ."
හොබි සහ ජන්ග්කුක් එක ලගම ඉදගෙන හිමින් කතා කලා .
" මුන් ටිකට මෙ ලමයි ඇයි බන් මෙච්චර බය "
" අනෙ කුක් කටවහන් ඉදපන්කො... උන්ට ඇහෙයි "
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Ruby
♥️♥️
YOU ARE READING
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️
Short Story" අවුරුදු ගානකට පස්සේ මන් එයාව දැක්කා ඒ ඇස් , ඒ හිනාව ඉස්සර වගෙමයි .. ඒත් මේ අවුරුදු ගානට සේරම වෙනස් වෙලා ." " ඇයි අතීතය අවුස්සන්න හදන්නෙ " ජන්ග්කුක් අවුරුදු ගානක මතකයන් දිගහරින්නට පටන් ගත්තා . Top - Taehyung Bottom - Jungkook