part 19 🥀

335 77 8
                                    


.Taehyung සහ ජන්ග්කුක් හිටියේ ගොඩාක් සතුටින් . ඉස්කොලේදී උනත් ගෙදරදී උනත් සතුටින් හිටියා . ජන්ග්කුක් වෙනදාට වඩා උනන්දුවක් දක්වනවා පාසල් යන්න වගෙම ගනන් පංතියට යන්න .

පාසල අවසන් උන ගමන් ජන්ග්කුක් ගෙදර දුවගෙන එහෙම්ම ඇගපත හොදන්න ගිය ජන්ග්කුක් පොත් බෑග් එකත් ලැස්ති කරගෙන ජිමින්ගෙ ගෙදර යන්න .

" නවතිනවා .... කොහෙද මේ කඩියා පුක කලා වගෙ දුවන්නෙ "

Jeon මහාත්මිය ඇහුවා .

" මට තේරෙන්නැ .. මට පරක්කුයි "

ජන්ග්කුක් එහෙට මෙහෙට දුවන ගමන් කිව්වා .

" ඔයාට කොයිවෙලාවෙද පරක්කු නොවුනෙ"

ඇය එහෙම කියමින් ජන්ග්කුක්ට කැම එක බෙදන්න පටන් ගත්තා .

" අම්මේ මන් යනවා"

ජන්ග්කුක් කැගහලා කිව්වා .

" ජන්ග්කුක්ක්ක්ක්ක්ක් ඔහොම ඉන්නවාආආආආආආ "

ඇයත් ඉට දෙවනි නොවි හයියෙන් කතා කලා . ජන්ග්කුක් ආයෙ ඉක්මනට කෑම කාමරෙට දිව්වා .

" ඇයි ඇයි ඉක්මනට කියන්න ".

ජන්ග්කුක් කලබලේන් කියෙව්වා .

" කෑම කාලා යනවා "

ඇය සැරෙන් කියද්දී ජන්ග්කුක් ඇවිත් කෑම මේසයෙන් ඉදගත්තා .

ටික වෙලාවට පස්සේ ජන්ග්කුක් කෑම කාලා ඉවර වෙලා ජිමින් ගෙ ගෙදර ගිහින් ජිමින් එක්කම taehyung ගෙ ගෙදරට ගියා . ඒ යන අතරතුරදී ජන්ග්කුක් පාසලේ උන දේවල් ජිමින්ට කිව්වා.

" ආආඅ ඉතින් ඌ ඇයි තෝව ඉම්බේ "

ජිමින් අහක බලාගෙන ඇහුවා . ජිමින් තවමත් taehyung ට කැමති නැ  .

" ජිමින් අහන්නකෝ  .... මට එයාව හැමතිස්සෙම දකින්න ඕන කියලා හිතෙනවා . කොච්චර කට්ටිය හිටියත් මගෙ ඇස් හොයන්නෙම එයාව "

ජන්ග්කුක් එහෙම කියද්දී ජිමින්ට තේරුනා වෙලා තියෙන දේ . ජන්ග්කුක්ට taehyung ගැන  කැමැත්තක් ඇති වෙලාද නැත්තම් ඒක ආදරයක් ද ?  ජිමින් හිතින් හිතුවා .

" උබෙ ඇස් වල ලෙඩක් තාත්තාට කියලා බෙහෙත් ටිකක් ගනින්"

ජිමින් එහෙම කියලා බයිසිකලේ වේගයෙන් ජන්ග්කුක්ව පාස් කරලා ඉස්සරහට අවා .

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️Where stories live. Discover now