" තාත්තා!! "
ජන්ග්කුක්ට කැගැහුනා .
ජන්ග්කුක් තදීන් taehyung ගෙ අත අල්ලගත්තා . ජන්ග්කුක් ඇගිලි සීතල වෙලා කියලා taehyung ට දැනුනා .
" ජන්ග්කුක් බය වෙන්න එපා මන් ඉන්නවානෙ "
Taehyung හිමින් කිව්වා .
" මට බ...බයි "
ජන්ග්කුක් කිව්වා . Taehyung ට මුවාවෙලා ජන්ග්කුක් ඇඩුවා . ජන්ග්කුක් ඇඩුවේ තාත්තාගෙ ගුටිකන්න වෙයි කියලා බයට නෙවෙ ජන්ග්කුක් තාත්තාට ගොඩක් බයයි ඉට වඩා ජන්ග්කුක් බය උනේ taehyung ව නැති වෙයි කියලා .
" යන්කෝ මන් තාත්තා එක්ක කතා කරන්නම් "
Taehyung කිව්වා . Taehyung හිතෙ පොඩිම බයක්වත් තිබ්බෙ නැ . Taehyung ලේසියෙන් කෙනෙක්ට ඔලුව නවන කෙනෙක් නෙවෙ . Taehyung , ජන්ග්කුක් ගෙ තාත්තාට කැමති නැති ප්‍රදාන හේතුව ජන්ග්කුක් ගහන එක .
" එපා දෙයියනේ ඔයාට පිස්සුද "
ජන්ග්කුක් හිමින් කිව්වා .
" කවදාහරි එයලා මේවා දැනගන්න ඕන ජන්ග්කුක් මෙහෙම බය වෙලා හරියන්නෑ ... "
Taehyung එහෙම කියලා අඩියක් ඉස්සරහට තියන්න හැදුවත් ජන්ග්කුක්, taehyung තව තවත් තදින් අල්ලගෙන taehyung ගෙ ගමන නතර කලා .
" එත් ඒකට මේ වෙලාව නෙවේ මෝඩයෝ... ඉක්මන් නොවී ඉමුකෝ "
ජන්ග්කුක් එහෙම කියද්දී taehyung ඉබේටම පොඩි හිනාවක් ගියා . ජන්ග්කුක් 'මෝඩයා' කියන්නෙ ආදරේට . Taehyung , ජන්ග්කුක්ට ගොඩක් කැමති වෙන්න හේතුව නම් ජන්ග්කුක් අනිත් අයට වඩා ගොඩක් වෙනස් කෙනෙක් . එක එක්කෙනාගෙ හැගිම් , හැසිරිම් වෙනස් ඒක ඇත්ත . ජන්ග්කුක් ආදරේට කතා කරන විදිහ අනිත් අයට වඩා වෙනස් ජන්ග්කුක් ලේසියෙන් taehyungට ආදරේයි කියන්නෙ නැ එත් taehyungගෙ වැඩේම ආදරේයි කියන එක .ජන්ග්කුක් ඉක්මනට බය වෙනවා , ඕනවට වඩා හිතනවා මේ වගෙ වෙනස් පොඩි පොඩි දේවල් වලටත් taehyung ගොඩක් ආදරේ කලා .
ජන්ග්කුක් ' බෑ ' කියද්දීම taehyung තාත්තා ලගට ගියා ජන්ග්කුක් එක්කම .
" ජන්ග්කුක් නගිනවා වාහනේට "
තාත්තා කැගැහුවේ වටපිටාවේ මිනිස්සු ඉන්නවා කියලා ගානක් නැතිව . තාත්තා කැගැහුව පාරට ජන්ග්කුක් වගෙම ජිමිනුත් ගැස්සුනා . පාරෙ හිටිය මිනිස්සුගෙ අවදානය ගියේ තාත්තා ඉන්න පැත්තට .
YOU ARE READING
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️
Kısa Hikaye" අවුරුදු ගානකට පස්සේ මන් එයාව දැක්කා ඒ ඇස් , ඒ හිනාව ඉස්සර වගෙමයි .. ඒත් මේ අවුරුදු ගානට සේරම වෙනස් වෙලා ." " ඇයි අතීතය අවුස්සන්න හදන්නෙ " ජන්ග්කුක් අවුරුදු ගානක මතකයන් දිගහරින්නට පටන් ගත්තා . Top - Taehyung Bottom - Jungkook