Jeon Jungkook අවුරුදු 17 දරුවෙක් .පාසලේ සියලු සියලූ ගැහැනු ලමයි ගෙ සිත හොරා ගත් ප්‍රේම වන්තයෙක්. අම්මා , තාත්තා සහ ඔහු තුන් දෙනෙකුගේන් යුත් පවුලේ එකම දරුවා ඔහුයී. ජන්ග්කුක් ගෙ පියා ලෝයර් කෙනෙක් වූ අතර මව ගෘහනියක් වුවාය. පාසල් යන කාලයේ සිටම පොත පතේ නියැලී සිටි ඔහු දිනෙන් දින දගකාර කමින් පිරුනු දරුවෙක් වන්නට පටන් ගත්තේය. ඔහුගෙ පියා නගරයේ තිබු හොදම පාසලට මාරු කරවිමට සැලසුම් කලේ මේ අතරතුරේය.
ජන්ග්කුක් ගෙ හොදම මිතුරා වුයේ ජිමින්ය . ජන්ග්කුක් ගෙ පියා ඉතාමත් තදි ගති පැවතුම් ඇති තැනැත්තෙක් ය. ඔහු නිවස තුලත් හැසිරෙන්නේ උසාවියක වැඩ කටයුතු කරන්නාක් මෙනි. ජන්ග්කුක් සැමවිටම කාලය ගත කලේ මව සමගය. ජන්ග්කුක් ට නිවසේදී ජිවත් වන්නට සිදු උනේ නිතී මාලාවකට අනුවය. ජන්ග්කුක් තම පියා දෙන අවවාද , උපදෙස් නොඅසා පියාගෙන් ගුටි බැට වලට අසූවුනු වාර අනන්තය . පියාගෙන් මොනතරම් දරුණු පහරවල් ලැබුනද ඔහු කවදාවත් දගවැඩ නැවත්තුවේ ද නැත. ජන්ග්කුක් ට සැමවිටම තමන්ගෙ කැමත්තට තීරණය ගැනිමට , වැඩ කටයුතු කිරිමට පවා ඔහුට අවස්තවක් නොලැබිණි .
ඔහු ගෙ ඔයා නගරයේ වෙනත් පාසලකට මාරු කරවිමට බලපැව හේතුව නම් ජන්ග්කුක් ජිමින් සමග එකතු වී කරන දගවැඩ , මෝඩ වැඩ නිසා. සමහර අවස්තා වල ජන්ග්කුක් ජිමින් සමග එකතු වී තම පියාට අපකීර්තියක් ගෙනන තරමට කටයුතු කලා . ඔහු නගරේ ප්‍රසිද්ධ ,ගෞරවනීය , ආඩම්බර ලෝයර් කෙනෙක්. තමන්ගෙ පුතු මෙලෙස කටයුතු කිරිම ඔහුට මහත් හිසරදයක් සේ දැනුනා .
ජන්ග්කුක් ට හෙට දින අලුත් පාසලට යැමට නියමිතය තිබුනා.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" jeon jungkook "
පන්තියේ ඔහුගෙ නමින් පන්තිභාර ගුරුතුමිය කතා කලා . ජන්ග්කුක් තම ගුරුතුමිය ලගට ගියා .
" ජන්ග්කුක් .. මේ ඔයාගෙ තොරතුරු තියෙන ෆයිල් එක . ඔයා මෙක විදුහල්පති තුමාගෙ මේසය උඩින් තියලා එන්න . විදුහල්පති තුමා රැස්වීමක ඉන්නෙ ."
YOU ARE READING
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️
Short Story" අවුරුදු ගානකට පස්සේ මන් එයාව දැක්කා ඒ ඇස් , ඒ හිනාව ඉස්සර වගෙමයි .. ඒත් මේ අවුරුදු ගානට සේරම වෙනස් වෙලා ." " ඇයි අතීතය අවුස්සන්න හදන්නෙ " ජන්ග්කුක් අවුරුදු ගානක මතකයන් දිගහරින්නට පටන් ගත්තා . Top - Taehyung Bottom - Jungkook