~~~ 3 කොටස ~~~

504 96 3
                                    

💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕

-----------------------------------------------------

Jimin's pov,

හම්මා....හොද නින්ද....
තව දවස් කීයද මෙහෙම නිදියන්නෙ....ආයෙ වැඩට යන්න ඕනෙ කියල හිතනකොටත් මට පිස්සු..."

එහෙම්මම අනිත් පැත්ත හැරුණෙ එමියව තුරුල් කරගන්න...
ආහ්... අහුවෙන්නෙ නෑනේ... කොච්චර බැන්නත් ඉතින් දැන් එයාට තුරුල් වෙන එක පුරුද්දට ගිහින්.... එහෙම්මම ඇස් ඇරුනෙ ඇද පුරාම අත එහෙ මෙහෙ ගෙනිච්චට පස්සෙ....
කෙල්ල නෑ නෙහ්... පොඩ්ඩක් භයත් හිතෙනවා... මොනා උනත් මගෙ පොඩි එකීනේ... ඇත්තම කිව්වොත් ඇදෙන් ඉන්ද උනා... කාමරේ වටේම බැලුවත් කෙල්ල නෑ... සාමාන්‍යයෙන් මෙයා වේලාසන නැගිටින්නෙ නෑ...
එතකොට මෙයා කෝ...

අහම්බෙන් දැක්කෙ කාමරේ ස්ටූල් එක උඩ තියල තියෙන කිරි වීදුරුව....
අද මම ඇදෙන් අනිත් පැත්තෙන්වත් නැගිට්ටද කලබලේට....
මොකද කවදාවත් වෙන්න බැරි දෙයක් වෙලා තියෙනකොට පුදුමයිනෙ... වෙනදට මම නැගිටල එයාට දෙන්න පුලුවන් වද ඔක්කොම දීල නැගිට්ටවල වැදල වගේ කියනකන් මට කිරි හම්බෙන්නෙ නෑ....

ඒකට අද... කිරි එක මෙතන...
එයා ඇදෙත් නෑ... මම නෙමෙයි එයා තමයි අනිත් පැත්තෙන් නැගිටල තියෙන්නෙ....
නැත්තන් උදේ පාන්දර මලාට නැගිටින්නෙ නැති එක්කෙනා මෙහෙම නැගිටීද....
එමීට ඇත්තටම උදෙන්ම නැගිටින්න බෑ....
නැගිට්ටොත් නිදි කිර කිර ඉන්නෙ... ඕනෙ තරම් වෙලාවක් රෑටනන් නැගිටල ඉදී.... එයා නිසාචරයි.

( A.N. :- අපි වගේ නේ..😊)

"ඕනෙ එකක්....අලුත් වෙනසත් හොදයි ඉතින්".

මටම කියාගෙන නිකමට ෆෝන් එක ගත්තෙ කෝල්ස් මොකුත් ඇවිත්ද කියල බලන්න.

"මොකා....ක්... වෙලාව එකොලහයි... අනේ දෙයියනේ මම මෙච්චර වෙලා නිදියලද... විනාසයි..."

දැන්නන් පැහැදිලී... හොදටම පැහැදිලී....එයා නෙමෙයි මමයි ඇදේ අනිත් පැත්තෙන් ඇහැරිලා තියෙන්නෙ.... හෝදගෙන ඇදුමක් එහෙම දාගෙන ඇල් වෙච්ච කිරි එකත් එක උගුරට බීල දැම්ම....
කිරි එකක් නිමිල ඇල් උනාම ඉතින් ආයෙ කියන්න ඕනෙ නෑනෙ... නියම රහ...

😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now