~~~ 5 කොටස ~~~

405 79 3
                                    

💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕

-----------------------------------------------------
after 4 days ,

හරියටම අදට දවස් පහයි එයා නැතුව වෙනම රටකට ඇවිත්... අද ආපහු ගෙදර යන්න තියෙන දවස...

ප්ලේන් එකේ සේරම ඩීටේල්ස් චෙක් කරල මම ගමනට ලෑස්ති වුනා... පැය හය හමාරක් යනව ආපහු මගේ රටට යන්න.... එක දිගට දිග ගමනක්... පිටත් වෙන්න කලින් බෝලෙට කෝල් එකක් ගත්ත.... බලන්න එපැයි එයාගෙ සතුට.... කියවනව කියවනව ඉවරයක් නෑ.... මටත් සතුටුයි ඉතින්.... මේ එයාව දකින්නෙ දවස් පහකින්.... හරියටම සතියයි මම එයා එක්ක හිටියෙ එත් එයා මම ලග අවුරුද්දකට විතර මතක ගොඩ ගහල.... එමී නැතුව මට ගොඩක් පාලුයි.... මම ඒක පිලිගත්තෙ මෙහෙ ඇවිත් පළවෙනි දවසෙ.... එයාට නම් ඔන්නියි ඔප්පායි ඉන්නව මට කවුද ඉන්නෙ...

(A.N.:- ඇයි මම ඉන්නේ...😕)

කොහොම හරි පැය හය හමාර හිටියෙත් බොහොම අමාරුවෙන්.... ඒත් මං කොයිවෙලේවත් මගෙ අවධානය නැති කරගත්තෙ නෑ.... මොකද මට තියෙන්නෙ වගකීමක්...

මිනිස්සු දෙසීයකගෙ විතර ජීවිත මම රකින්න ඕන මේ පැය හය හමාර ඇතුලෙ.... කොහොමහරි අන්තිමට එයාපෝට් එකට ෆ්ලයිට් එක ලෑන්ඩ් කලා.... මම මේව පුරුදු වෙන්න කරනව නෙවෙයි.... ඒත් දැන් මම වෙන්දට වඩා පරිස්සමට ලෑන්ඩ් කලා කියල මට හිතුන....

ඒකට ලොකුම හේතුව බෝලෙ.... මගෙ චූටි මැණික.... එයා අන්තිමටම කියපු වචන ටික....

"පරිස්සමට ගිහින්. ඉක්මනට එන්න. ඔයා එනකන් බලන් ඉන්නව" .
එහෙමයි එයා කිව්වෙ... හිතට දැනෙන්නෙ අමුතුම හැගීමක්... දැන් මාත් ගෙදර එනකන් බලන් ඉන්න කෙනෙක් ඉන්නව.... මෙච්චර දවසක් තනියම හිටිය ගෙදර දැන් තනියක් නෑ කියල දැනෙද්දි අමුතුම හැගීමක් එන්නෙ...
ඒකට හේතුව ඉතින් චූටි මැණික තමයි... එයාපෝට් එකෙන් එලියට ආවෙ අපේ කණ්ඩායමත් එක්කම...

එකපාරටම දුවගෙන ආපු කෙනෙක් මගෙ බෙල්ලෙ එල්ලුනා.... එක පාරටම මාව ගල් ගැහුණ.... කට්ටිය හිනාවෙනකොට තමයි මම පියවි සිහියට ආවෙ....
බැලින්නන් මේ මගෙ බෝලෙ...😊

කකුල් වලින් ඉස්සිලා මගෙ බෙල්ල වටේ අත් දෙකත් දාගෙන පපුවට මුණ තදකරගෙන ඉන්නව.... මාත් දැණුන සතුටටම ඉන්නෙ කොහෙද බැලුවෙත් නෑ එක අතක් එයාගෙ ඉන වටෙන් දාල එයාව ඉස්සුව....
ටික වෙලාවක් යනකොට තමයි තේරුනේ මෙයා අඩනව...

😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now