💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕
-----------------------------------------------------
Jimin's pov,
After one week,
සතියක් ගෙවීගෙන ගියෙ හරියට අවුරුදක් වගේ දැනෙද්දි... දවස පටන්ගන්නෙ උදෙන්ම ලැබෙන එමීගෙ කෝල් එකෙන්.... උදේ ඉදන් එක දිගට කරපු කියපු දේවල් හවසට අකුරක් නෑර මට කියන්න එමී අමතක කරන්නෙ නෑ.... එත් මං හොදටම දන්නවා ඔය අතරින් පතර මට හොරෙන් කරන දග වැඩ අනිවාර්යයෙන් තියෙනවා...
අද උදෙන්ම මම එමීට කෝල් කරේ සතියකට පස්සෙ කොරියාවට යන්නෙ අද නිසා.... උදෙන්ම කෝල් කරලා මම ලෑස්ති උනේ එයාර්පෝට් එකට යන්න....
ඕනෙ කියපු විදියට චොක්ලට් මල්ලකුත් අරගෙන මම ලෑස්ති කරගත්තෙ මගෙ බෑග් එක... ඒක පිරෙන්නම තිබ්බෙ එමීට ගත්තු චූටි චූටි සුකුරුත්තන් බඩු විතරමයි....
කිසිම දෙයක් එපා කිව්වට නිකන් යන්න හිත දෙන්නෙ නෑ....
කොරියාවට ඇවිත් ෆ්ලයිට් ඩීටේල්ස් ඔක්කොම චෙක් කරලා හැමදේම පිළිවලකට හදලා මම එයාපෝට් එකෙන් එලියට බැස්සෙ ගෙදර යන්න....
හරියටම සතියකින් චූටි මැනිකව දැකපු නැති පාලුව මට හුගක් දැනුනා.... ඒ හිනාව කතාව හුරතලේ නැතුව දැන් මට එක විනාඩියක් ඉන්න බෑ ඒකයි ඇත්ත...
" චූටියෝ මං එනවා ලෑස්ති වෙලා ඉන්න... ආපු ගමන් යමු හොදද...."
" ඔයා පරිස්සමින් එන්න චිමී.... ඔම්මේ ඔප්පා එනවලු... එහෙන් පිටත් වෙලා..."
මුල් ටික මට ආදරෙන් කියලා අවසාන ටික කෑගහලා ඔම්මට කිව්වෙ මගෙ කනත් කීං ගාද්දි... කන අස්සෙ බෙරිහන් දෙද්දි හරි අමාරුයිනෙ...
" චූටි මං තියෙනවා.... ලෑස්ති වෙලා ඉන්නවා... ආපුගමන් යන්න ඕනෙ... නැලවි නැලවි ඉන්න බෑ හරිද...."
අණ කිරීමක් විදියටම මම කිව්වෙ නැත්තන් කවදාවත් වෙලාවකට ලෑස්ති වෙන ජාතියෙ කෙල්ලෙක් නෙමේ හින්දා...
____________°°°°°°°°°°°°
ගේට්ටුවෙන් ඇතුළට කාර් එක දානවත් එක්කම මම දැක්කෙ ඉස්සරහ දොරෙන් එළියට බැහැලා මිදුල දිහාට දුවගෙන එන මගෙ කෙල්ලව...
වාහනේ නවත්තන්නත් කලින්ම දොර ලග හිටගෙන ඉන්නෙ මම දොර අරිනකන්... දොර ඇරගෙන මම වාහනෙන් බහිද්දිම මගෙ ඇගේ එල්ලුනෙ ආයෙම පාරක් මාව සීට් එක උඩට ඇදගෙන වැටෙද්දි...
" අම්මෝ පිස්සු මගුල... මගෙ කොන්ද කඩන්නද යන්නෙ ගඩොල් බාගයක් ඇග උඩට පාත් උනා වගේ දැනුනෙ."
හිනාවෙවී මම අවුස්සන්න හිතාගෙන මොනවා කිව්වත් මාව තදකරගෙන බෙල්ල වටේට දාගත්ත අත් දෙක ඉවත්වුනේ නෑ... හුග වෙලාවකට පස්සෙ මගෙන් ඈත්වුන හැටියෙම මාව කාර් එකෙන් එලියට ඇදලා ගත්තෙ කොහෙන් ආපු ශක්තියකටද මන්දා...
මමත් සීට් එකෙන් නැගිටලා දොරත් වහලා බලන් හිටියෙ මොනාවෙයිද කියලා...
" මාව වඩා ගන්නකො"
![](https://img.wattpad.com/cover/312611922-288-k112452.jpg)
YOU ARE READING
😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °
Romance💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕