💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕
-----------------------------------------------------
Jimin's pov,
Next day morning,
උදේ පාන්දර වදින එලාම් එකේ සද්දෙට ඇහැරුනාට හෙලවෙන්න බැරි තරමට මාව බදාගෙන එමී මගෙ පපුවෙ හොදට නිදාගෙන.... ඇහැරවන්න ලෝභ හිතුන හින්දම හිමීට මගෙ පපුව උඩින් කෙල්ලව අයින් කරලා කොට්ටයක් තුරුලු කරලා ඇදෙන් බැස්සෙ අද මම යන්න ඕනෙ නිසා....
වේලසනින් යන තරමට හොදයි නැත්තන් පරක්කු වෙන්න පුලුවන්.... තනියම කල්පනා කරන ගමන් මම බාතෲම් එකට ගිහින් ඇගපත හෝදගත්තෙ හෙට ඉදන් සතියක් මම කොරියාවේ නෑ කියලා මතක් කරගන්න ගමන්...
" චීමී ඉක්මනට එන්න අනේ ඔයාට පරක්කු වෙනවා..."
කෙල්ල නැගිටලා බාතෲම් එකේ දොරට තට්ටු කරලා මට කතා කරනවා.... මමත් ඉක්මනටම ඇවිත් ලෑස්තිවුනේ වෙලාවට කලින් ගියොත් ලේසි මට හින්දා...
කන්නාඩිය ඉස්සරහ ඉදන් කොණ්ඩෙ අතින් හදන ගමන් මම බැලුවෙ දොර ගාව හිටන් ඉන්න බෝලෙ දිහා... කෑම පිගානක් අතේ තියාගෙන මම දිහා බලාගෙන ඉන්නෙ මම වැඩ ටික ඉවර කරගන්නකන්...
" බෝලෙ ඇවිත් කවනවකො මට පරක්කු වෙනවා දැන් "
කියන පමාවට මම ලගින් නැවතුන කෙල්ල චූටි කටවල් හදලා මට දික්කරේ හොදට මං දිහා බලන ගමන්... ඇස් මං වටේට එහෙ මෙහෙ යද්දි මාත් කන්නඩියෙන් බැලුවෙ මගෙ මොකක් හරි අවුලක්වත් තියෙනවද කියලා...
" මොකද හලෝ අමුතු විදියට බලන්නෙ.... කොල්ලා කොහොමත් හැන්ඩි තමා..."
" අමුතු විදියට බැලුවෙ නෑ අනේ... ආයෙ ඉතින් දවස් ගානකට ඔයාව දකින්න හම්බෙන්නෙ නෑනෙ ඒකයි..."
අන්තිම ටික එමී කිව්වෙ කදුළු පුරවගෙන... දන්නවා දවස් ගානක් යනකන් අඩ අඩ ඉදී කියලා... හිමීට ඔලුව අතගාලා තුරුලු කර ගත්තා පොඩි කෙල්ලෙක් නිසාම පුංචි දේටත් දුක හිතෙනවා කියන්න මම දන්නවා...
" හරි මම සතියකින් එනවනෙ බෝලෙ... මං ගිහින් එන්නන් වේලාසන ගියොත් මට ලේසියි".
එමීවත් එක්කගෙනම කාමරයෙන් එළියට එන ගමන් මම කිව්වෙ හිත හදන්නත් එක්ක...
YOU ARE READING
😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °
Romance💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕