💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕
-----------------------------------------------------
Jimin's pov,කාලෙකට පස්සෙ නිවාඩුවක් ලැබුණ... ඒ හින්දම පොඩ්ඩක් වැඩිපුර නිදාගෙන නැගිට්ටෙ එමී කොහෙද කියල බලන්නත් එක්ක.... දැන් ඉතින් මට මේ කෝලම නැතුව ඉන්නම බෑලුනේ... කුස්සියට ගියා කුස්සියේ නෑ...
ඔන්න ඉතින් මිදුලෙත් බැලුව එතනත් නෑ... තාප්පෙන් එහා පැත්තටත් පොඩ්ඩක් එබිල බැලුව ඉතින්... විශ්වාස නෑනෙ... මෙයා පොඩ්ඩ ඇත්තන් කොහෙ හරි රින්ගන්නමනෙ බලන්නෙ... ආයෙ උඩට ආවෙ කෝකටත් අයෙ කාමරේ පොඩ්ඩක් බලන්න.... මෙන්න ඉන්නව.
කොහෙද ඉතින් චුටීනෙ මගෙ ඇස් දෙකට පෙනුනෙ නෑ... අල්මාරිය ඇරන් ඇදුම් බිම දාගෙන රෙදි කන්දට යටවෙලා ඉන්නෙ.... ඉන්න විදියට හිනත් ගියා ඉතින්... මගෙ හිනාව ඇහිල අඩන්න වගේ මූණ හදාගෙන මන් දිහා බැලුව.... ඉවරයි අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් ඇන්න වගේ වැඩක්ද කොහෙද උනේ...
" අයියෝ බෝලෙ මම හිනා උනේ නෑ හොදේ "
මම කිව්ව... නැත්තන් මෙතන ඇඩුවොත් එයාව නළවන්න මට මෙතන නැලවිලි ගී කියන්න තමා වෙන්නෙ...
" ඔයත් කියනවනෙ... ඔයත් හිනා වෙන එකේ අනිත් අය හිනා වෙන එක අහන්නත් දෙයක් යැ ".
අප්පාහ්... මොකක්ද ඒ කතාව... මොකක් හරි කොක්කක් තමා පුතේ...
"අනේ... මගෙ බෝලෙට කවුද හිනා වෙන්නෙ... "
" ඔය ඔයත් මට බෝලෙ කියනව... ඉතින් අනිත් අයත් එහෙම කියනව ඇති... හැමෝටම පේන්නෙ මම මහත එක තමා "
"අනේ ඉතින් කවුද කියන්නෙ මහතයි කියල... මගෙ මැණික ඔය ඉන්නෙ ශෝක් එකට..."
"මේහ්.....මේ බලන්න... මේ ඇදුම් ගොඩක් ඒව හිරයි... ලගදිනෙ ගත්තෙ අප්පා... ඇයි එහෙම වෙන්නෙ".
අඩනව හොදටම... ඉවරයි... දැන් ඉතින් මොකෝ කරන්නෙ.... බෝලෙ මේ දවස් වල චුට්ටක් විතර මහත් වෙලා.... දැන් වෙනදට වඩා මහතයි ඉතින්.... තවත් කියුට් වෙලා...
" කෝ... කොයි ඇදුම්ද.... අපෝ මේවද හිර.... කොහොමත් ඔය ඇදුම් ටික හරි කැතයි.... මම කියන්නමයි හිටියෙ ඕව අදින්න එපා කියල ".
![](https://img.wattpad.com/cover/312611922-288-k112452.jpg)
YOU ARE READING
😅!! Mine බෝලේ !!😅||PJM|| ° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °
Romance💕දගකාරියකට පෙම් බදින දඩම්බර හිතක ප්‍රේම කතාව💕